කොරෝනා වසංගතය හමුවේ එය යම් දුරකට පාලනය කිරීම සදහා චීනය විසින් තම අසල්වාසි රටක් වන මියන්මාරය වෙත කොරෝනා එන්නත ලබා දීමටකටයුතු කරන බව චීන විදේශ ආමාතය වැන්ග් යී මහතා සදහන් කරනවා. අග්නිදිග ආසියානු සංචාරය ආරම්භ කරමින් චීන විදේශ අමාත්‍යවරයා මියන්මාරය වෙත පැමිණි අතර එහිදී මියන්මාර ජනපති හා කතිකා කිරීමෙන් අනතුරුව මෙලෙස කොරෝනා එන්නත් ලබා දෙන […]
සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පී.සී.ආර්. පරීක්ෂණ සදහා යොමු වන්නැයි දැනුම් දී ඇති බව පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පවසනවා. ඔහු කියා සිටියේ හෙට සහ ලබන සිකුරාදා පාර්ලිමේන්තු සංකීර්ණයේදී එම පරීක්ෂණ පැවැත්වීමට අදාළ කටයුතු සූදානම්කර ඇති බවයි. අදාළ දිනවල මන්ත්‍රීවරුන් මෙන්ම කාර්යමණ්ඩල සාමාජිකයින් සහ ආරක්ෂක අංශ සාමාජිකයින්ට ද පී.සී.ආර්. පරීක්ෂණ සදහා සහභාගී විය හැකි බව ද වේත්‍රධාරීවරයා […]
පසුගිය පැය 24 තුළ කොරෝනා වෙෙරසය ආසාදනය වූවන් 569 දෙනෙකු හදුනාගෙන ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළා. ඉන් ආසාදිතයින් 568 දෙනෙකු හඳුනා ගැනුණේ දේශීයව වන අතර සෙසු ආසාදිතයා විදෙස් රටක සිට පැමිණි ශ්‍රී ලාංකිකයෙක්. මේ අතර ගත වූ පැය 24 තුළ හදුනාගත් ආසාදිතයින් අතරින් 110 දෙනෙකු වාර්තා වුණේ, කළුතර දිස්ත්‍රික්කයෙන්. […]
සුපිරි ක්‍රීඩක විරාත් කෝලි හා ප්‍රවීන නිළි අනුෂ්කා ශර්මා ඊයේ දිනයේ දී මව්පියන් බවට පත් වුවා. ඒ අනුව ඔවුන් දෙපළට සිගිති බිළිදියක් උපත ලද බව විදෙස් වාර්තා සදහන් කරනවා.
කොරෝනා වෙෙරසය ආසාදනය වී මියගිය තවත් 8 දෙනෙකු පිළිබද තොරතුරු ඊයේ රාත්‍රී වාර්තා වුණා. වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියෙක් සහ රාජගිරිය, මට්ටක්කුලිය, කොළඹ 12, කොළඹ 14, බණ්ඩාරගම, දකුණු කළුතර හා කාත්තන්කුඩි යන ප්‍රදේශවල පදිංචිව සිටි කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු 8 දෙනෙකු එලෙස මිය ගොස් තිබුණා. වයස අවුරුදු 36ක කාන්තාවකුත් ඔවුන් අතර වීම විශේෂත්වයක්. ඉකුත් 6 වැනිදා සිට ඊයේ […]
උතුරු, නැගෙනහිර පළාත්වල පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තුවේ. උතුරු, නැගෙනහිර, උතුරු-මැද, ඌව සහ මධ්‍යම පළාත්වල විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. තවද මෙම පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසිද ඇති විය හැක. සෙසු ප්‍රදේශවල ප.ව. 1.00 න් පමණ පසුව තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි […]
කොරෝනා වසංගතයේ ව්‍යාප්තිය හේතුවෙන් තාවකාලිකව අවලංගුකර තිබූ දුම්රිය ගමන්වාර 36ක් නැවත ධාවනය සඳහා එක් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණයකර තිබෙනවා. ඒ අනුව හෙට සිට අදාළ දුම්රිය ධාවනයට එක් කෙරෙන අතර එලෙස ධාවනයට එක්වන දුම්රිය පහතින් : ප්‍රධාන මාර්ගයේ 1133 – කොළඹ කොටුව සිට මීරිගම1140 – කොළඹ කොටුව සිට වේයන්ගොඩ1146 – කොළඹ කොටුව සිට මීරිගම1147 – කොළඹ […]
ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ නිලවරණය සඳහා ජනාධිපති නීතිඥවරුන් දෙදෙනෙකු නාම යෝජනා භාර දී තිබෙනවා. එලෙස නාම යෝජනා භාර දී ඇත්තේ, ජනාධිපති නීතිඥ සාලිය පීරිස් සහ ජනාධිපති නීතිඥ කුවේර ද සොයිසා යන මහත්වරුන්. ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ නිලවරණය එළැඹෙන 24 වැනිදා පැවැත්වීමට නියමිතව තිබෙනවා.
දිවයිනට පැමිණ සිටින යුක්‍රේන ජාතික සංචාරකයින් පිරිසක් අද මහනුවර ඓතිහාසික ශ්‍රී දළඳා මාලිගයේ සංචාරයක නිරත වුණා. දැඩි පරීක්ෂාවකින් අනතුරුව ඔවුන් එම සංචාරයේ නිරත වුණේ නිරෝධායන නීති රීතිවලට අනුවයි. ශ්‍රී දළදා මාලිගයේ මාධ්‍ය ඒකකය පැවසුවේ, එම කණ්ඩායමට දළදා මාලිගා පරිශ්‍රයට ඇතුළු වීම සදහා වෙනම ප්‍රවේශයක් සූදානම්කර දී තිබූ බවයි. එමගින් මෙරට බැතිමතුන්ගේ සෞඛ්‍යාරක්ෂාව තහවුරු වූ අතර […]
ගවයන් පුරා පැතිර යන නව වෛරස් රෝගී තත්වයක් පිලිබදව මේ දිනවල වාර්තා වෙනවා. ප්‍රධාන වශයෙන්ම මෙම රෝගයේ ලක්ෂණ ලෙස සතුන්ගේ ශරීරය පුරා ගැටිති ඇතිවීම. උණ ගතිය , නාසයෙන් හා කන් වලින් ශ්‍රාවය පිටවීම, ආහාර අරුචිය මෙහි දක්නට ලැබෙන අතර මේ පිලිබදව සාකච්ඡා කිරීම සදහා විශේෂ සාකච්ඡාවක් විෂයභාර අමාත්‍යවරයා ගේ මුලිකත්වයෙන් පැවැත්වීමට නියමිත අතර මෙම වෛරසය […]
ජැක් මා කිව්වම අපි කාටත් මතක් වෙන්නේ “අලි බාබා” කියන නම ඒකට හේතුව අලි බාබා සමාගමේ සභාපති තමයි ජැක් මා කියන්නේ. ඒ වගේම චීනයේ ධනවත්ම මිනිසා. මෑතක ඉඳලා ජැක් කරලියට එන්නේ ඔහු සමාජය තුළ පේන්න නැති නිසා. ඒත් එක්කම එක එක රටවල මාධ්‍ය වාර්තා කරන්න ගත්තා ජැක් අතුරුදන් වෙලා, අතුරුදන් කරලා කියලා. කොහෙමා වුණත් තව […]
පාර්ලිමේන්තු මන්ත්‍රී පිල්ලේයාන් හෙවත් ෂිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන්ට එරෙහිව විභාග වු ජෝසෆ් පරරාජසිංහම් ඝාතන නඩුව ඉල්ලා අස්කර ගන්නා බව නිතීපති දෙපාර්තමේන්තුව මඩකලපුව මහාධිකරණයට අද දැනුම් දුන්නා. අදාළ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් චන්ද්‍රකාන්තන් මහතා ඇතුළු 5 දෙනෙකුට එරෙහිව එම නඩුව ගොනුකර තිබුන අතර මඩකළපුව මහාධිකරණයේදී නඩුව අද යළි විභාගයට ගත් අවස්ථාවේ නීතිපති දෙපාර්තමේන්තුව දැනුම් දුන්නේ නඩුව තවදුරටත් පවත්වාගෙන යාමට […]