මෙරට ඊයේ දිනයේ හමු වූ කොරෝනා ආසාදිතයින් අතර වැඩිම ආසාදිතයින් ගණනක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ අතර එම ගණන 262 ක්. ගම්පහ දිස්ත්‍රික්කයෙන් 90 ක් සහ 46 ක් කළුතර දිස්ත්‍රික්ක යෙන් වාර්තා වී තිබෙනවා. ගම්පහ දිස්ත්‍රික්කය තුල නව ආසාදිතයින් වර්ධනයක් පෙන්නුම් කරන අතර කටුනායකින් හා වත්තල ප්‍රදේශ වලින් ආසාදිතයින් වැඩි ගණනක් වාර්තා වී තිබෙනවා. ඊයේ දිනයේ […]
මාරාන්තික කොරෝනා වෛරසය හේතුවෙන් සිදුවන ගෝලීය කොරෝනා මරණ ගණන මේ දක්වා අඛන්ඩව ඉහල යමින් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය කරනවා. පසු ගිය සතිය තුල කොරෝනා මරණ 67,000 ක් ලොව පුරා වාර්තා වී ඇති බවත් මේ අතරින් යුරෝපය තුල පමණක් නව මරණ 32 684 ක් වාර්තා වී ඇති බවයි එම සංවිධානය වැඩි දුරටත් සදහන් කරන්නේ. ඉතාලිය […]
කොල්ලුපිටිය පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා හදිසියේ මියගොස් තිබෙනවා. අද උදෑසන ව්‍යායාමවල නිරත වී සිටින අතර තුර ඇති වූ අසනීපයක් හේතුවෙන් මෙලෙස මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
හුදකලා කල ප්‍රදේශ වල PCR පරීක්ෂණ සදහා ඇතැම් පුද්ගලයින් ට දැනුම් දී තිබුනද යම් පිරිස ඊට සහභාගී නොවන බවට තොරතුරු වාර්තා වන බව පැවසෙනවා. ඒ අනුව එසේ කරන්නන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කරනවා. මේ වන විට දිවයින පුරා ග්‍රාම නිලධාරි වසම් 29ක් මේ වනවිට හුදකලා ප්‍රදේශ ලෙස […]
කොරෝනා වෛරසය හේතුවෙන් ශ්‍රී ලංකාවට ඒමට නොහැකිව සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 116 ක් අද අලුයම දිවයිනට පැමිණ තිබෙනවා. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට ශ්‍රී ලාංකිකයින් 42 දෙනෙක් හා කටාර් හි සිට 39 ක් ද , ඕමානයේ සිට 35 ක් ද මෙලෙස පැමිණ ඇති බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ. මොවුන් සියලු දෙනා නිරෝධායනය සදහා කිරීමට පියවර […]
LTTE සැමරුම් උත්සව තහනම් කරම්න් යාපනය මහෙස්ත්‍රාත් අධිකරණය තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. ලබන 29 වනදා දක්වා බලපැවැත්වෙන පරිදි එම තහනම් නියෝගය නිකුත් කර තිබෙන බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.
නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති “නිවාර්” ඉතා චන්ඩ සුළි කුණාටුව ඉන්දියානු තමිල්නාඩු වෙරල තීරයෙන් ගොඩබිමට ඇතුළු වී වයඹ දෙසට ගමන් කරන අතර එය ක්‍රමයෙන් දුර්වල වෙමින් පවතී. මෙම පද්ධති මගින් දිවයිනේ කාලගුණයට වන බලපෑම මේ සමගම අඩු වී යයි. වයඹ, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් යාපනය, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් […]
මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 96 දක්වා ඉහළ නංවමින් තවත් මරණ දෙකක් වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා පවසනවා. කොළඹ 12 සහ පන්නිපිටිය යන ප්‍රදේශවල පදිංචිව සිටි 45 හැවිරිදි කාන්තාවක් සහ 80 හැවිරිදි පුද්ගලයෙකු එලෙස මිය ගොස් තිබෙනවා. ඔවුන්ගේ මරණ පිළිබඳ තොරතුරු පහතින් :
ආර්ජන්ටිනාවේ හිටපු පාපන්දු ක්‍රීඩක දියාගෝ මැරඩෝනා හෘදයාබාධයකින් මියගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මියයන විට ඔහුගේ වයස අවුරුදු 60ක්. 1970 දශකයේ අග භාගයේදී ජාත්‍යන්තර පාපන්දු පිටියට පිවිසි දියාගෝ මැරඩෝනා 1986 වසරේ දී සිය උපන් බිමට ලෝක පාපන්දු ශූරතාවය දිනා දීමට සමත් වුණා.
පෑලියගොඩ කොරෝනා පොකුරේ ආසාදිතයින් සංඛ්‍යාව 17,938 දක්වා ඉහළ නංවමින් තවත් නව ආසාදිතයින් 208 දෙනෙකු හඳුනා ගැනුණා. රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, එලෙස හඳුනාගත් ආසාදිතයින් සියලු දෙනා පෑලියගොඩින් හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි. ඒ අනුව අද දිනයේ මේ දක්වා කාලය තුළ එම පොකුර ආශ්රයෙන් වාර්තා වූ සමස්තය 502 ක්. එම නව ආසාදිතයින්ගේ වාර්තා වීමත් සමග මෙරටින් හඳුනාගෙන […]
පාස්කු ඉරුදින එල්ල වු ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කෙරෙන කිසියම් විමර්ශනයකින් තමන් වරදකරුවෙකු වුවහොත් තමන්ට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගැනීම අසාධාරණ නොවන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසුවේ, පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින්. කෙසේ වෙතත් ඊයේ සහ අද යන දෙදින තුළ ජනාධිපති කොමිසම […]
2021 අයවැයට අදාළව කාරක සභා අවස්ථාවේ තුන්වැනි විවාදය අද පාර්ලිමේන්තුවේදී පැවැත්වුණා. එහිදී විදේශ සහ ජනමාධ්‍ය යන අමාත්‍යාංශ දෙකට අදාළ වැය ශීර්ෂ විවාදයට ගැනුණු අතර එම වැය ශීර්ෂ සංශෝධන සහිතව සම්මත වී තිබෙනවා.