කොළඹ ඇතුළු නගරබද ප්‍රදේශයන් හි පවතින වාහන තද බදය අවම කිරීම සදහා හදුන්වා දෙනු ලැබූ මංතීරු නීතිය අද (14) සිට යළි ක්‍රියාත්මක බව පොලිසිය සදහන් කරනවා. මාර්ග හතරක් ඔස්සේ මෙම මංතීරු නීතිය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවත් මෙම මංතීරු නීතිය කඩන රියදුරන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත් පොලීසිය වැඩි දුරටත් සදහන් කරනවා.
දිවයිනේ සබරගමුව, මධ්‍යම සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. අම්පාර හා මඩකලපුව දිස්ත්‍රික්කවල සවස් කාලයේ වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් දිවයින හරහා විශේෂයෙන් උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් පැ.කි.මී 50- 60 […]
අමෙරිකාවේ ඔරිගන් ප්‍රාන්තය ඇතුළු ප්‍ර ප්‍රාන්ත රැසකම ලැව් ගිනි ව්‍යප්ත වෙමින් පවතින බව වාර්තා වෙනවා. මේ ලැව්ගිනි හේතුවෙන් පුද්ගලයින් 25 දෙනෙකු පමණ මිය ගොස් ඇති බව ද විදෙස් වාර්තා සදහන් කරනවා. මේ අතර මේ හේතුවෙන් අතුරුදන් වී ඇති පිරිසද ඉහල අගයක් ගන්නා බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ. එමෙන්ම මෙම ලැව් ගිනි හේතුවෙන් ලක්ෂ 05 කට […]
මංතීරු නීතිය හෙට සිට නැවත ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා පොලීසිය තීරණය කර තිබෙනවා. කොළඹ සහ තදාසන්න ප්‍රදේශයන්හි රථ වාහන තදබදය අවම කිරීමේ අමුණින් මෙම මංතීරු නීතිය ක්‍රියාත්මක කෙරේ. මාර්ග හතරක් ඔස්සේ මෙම මංතීරු නීතිය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. පොලිස් රථ වාහන පාලන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ අධ්යක්ෂ ඉන්දික හපුගොඩ මහතා සඳහන් කළේ, මංතීරු නීතිය […]
සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ. ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැකි බවත් මධ්‍යම සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවත් එම දෙපාර්තුමේන්තුව නිකුත් කල නිවේදනයේ වැඩි දුරටත් සදහන්. දිවයින හරහා, විශේෂයෙන්ම උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට, සහ […]
පසුගිය දා ගිනි ගැනීමට ලක් වූ “MT New Diamond“ නෞකාවේ කපිතාන්වරයා ගාල්ලට රැගෙන ඒමෙන් අනතුරුව හුදෙකලා මධ්‍යස්ථානයක් වෙත යොමු කර තිබේ. කොවිඩ් නයින්ටීන් මාර්ගෝපදේශ වලට අනුකූලව ඔහු කල්මුණේ සිට ගාල්ල දක්වා රැගෙන ඒමේ කටයුතු සිදුකළ බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා කියා සිටියේ.
දිවයිනේ සමස්ථ ජාතික පාසල් සංඛ්‍යාව 1000 දක්වා වැඩි කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර තිබේ. දැනට පවතින ඇතැම් ජාතික පාසැල් නමට පමණක් සීමා වී ඇති අතර ඒවායේ ප්‍රමාණයත් පහසුකම් කිසිවක් නොමැති බවත් සඳහන් කර සිටින ජනාධිපතිවරයා එවැනි පාසල් කඩිනමින් සංවර්ධනය කළ යුතු බව පෙන්වා දෙයි. සියලු රාජ්‍ය අමාත්‍යවරුන් සමග ඊයේ(10) ජනාධිපති කාර්යාලයේ දී කළ […]
මෙරට සමස්ථ කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ගණන 3155 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ. ඒ විදෙස්ගතව සිට මෙරටට පැමිණි පුද්ගලයින් අට දෙනෙකු ඊයේ(10) කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගැනීමත් සමගයි. ඔවුන්ගෙන් 05 දෙනෙකු මාලදිවයිනේ සිට පැමිණි පුද්ගලයින් වන අතර කුවේටය, සිංගප්පූරුව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි 3 දෙනෙකු ද ආසාදිතයින් අතර සිටී. ඒ අනුව නේවාසිකව ප්‍රතිකාර ලබන […]
සබරගමුව සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. සබරගමුව පළාතේත් සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මි.මී. 50ක පමණ තරමක තද වැසිද ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ […]
රාජ්‍ය ආයතනවල බදාදා දිනයට නියම කර ඇති මහජන දිනය සඳුදා දින පැවැත්වීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව සියලුම රාජ්‍ය ආයතනවල නිලධාරීන් මහජන අවශ්‍යතා ඉටු කිරීම සඳහා එම දිනයේදී අනිවාර්යෙන් ම සිය කාර්යාලවල රැඳීසිටිය යුතු බව කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.
ඊයේ(09) දිනයේ තවත් ආසාදිතයන් 05 දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයන් ගණන 3147 දෙනෙකු දක්වා ඉහලගොස් තිබේ. එම ආසාදිතයන් සියලුදෙනා සෞදි අරාබියේ සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයන් බවයි වාර්තා වන්නේ.
නීතිපතිවරයාගේ උපදෙස් පරිදි නිව් ඩයමන්ඩ් නෞකාව මෙරට මුහුදු සීමාවෙන් කඩිනමින් ඉවත් කර ගන්නා ලෙස එම නෞකාව අයත් සමාගමට අද (10) දිනයේ ලිඛිතව දැනුම්දීමට තීරණය කර තිබෙන බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති නීතීඥ දර්ශනී ලහඳපුර මහත්මිය සඳහන් කළේය. ගිනි ගැනිමට ලක් වු නෞකාවේ ඉදිරි කටයුතු සිදුකළ යුතු ආකාරය සම්බන්ධයෙන් නීති උපදෙස් ලබා ගැනිම සඳහා සමුද්‍රීය […]