විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් සමඟ පැවැත්වූ සාකච්ඡාවක දී නවක වදය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කල යුතු බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසනවා. නවක වදය සම්බන්ධයෙන් කටයුතු කිරීමේ දී දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමේ වැදගත්කම පිළිබඳව අධ්‍යාපන අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අවධාරණය කර සිටියා. එමෙන්ම රැකියා අපේක්ෂාවන් බලගැන්වීම, විෂය නිර්දේශයන් සකස් කිරීම, භාෂා පුහුණු වැඩසටහන් පැවැත්වීම හා […]
රුධිර පරීක්ෂාවක් මගින් පිළිකා වර්ග 50කට වඩා වැඩි සංඛ්‍යාවක් දැනගත හැකි බවත් බොහෝ විට එය කිසිදු රෝග ලක්ෂණයක් මතු වීමට පෙර හඳුනාගත හැකි බවත් විද්‍යාඥයන් පිරිසක් පවසනවා. මෙමගින් පිළිකා ගැටිති (tumors) ඉක්මනින් හඳුනාගැනීම තුළින් ඊට පහසුවෙන් ප්‍රතිකාර කළ හැකි බව මෙන්ම මෙම රුධිර පරීක්ෂාවෙන් පිළිකාවක් ඇති බවට තහවුරු වන ප්‍රතිඵල වලින් 90%කට වැඩි ප්‍රතිශතයක් නිරවද්‍ය […]
නිදන්ගත කැක්කුමක් හෝ වේදනාවක් සඳහා පැරසිටමෝල් සහ ඉබුප්‍රොෆෙන් වැනි, බහුලව භාවිත කෙරෙන වේදනා නාශක නිර්දේශ නොකරන ලෙස බ්‍රිතාන්‍ය වෛද්‍යවරුන්ට උපදෙස් ලැබී තිබෙනවා. එමෙන්ම එවැනි වේදනා නාශක දීර්ඝ කාලීනව භාවිත කිරීමේදී හානිකර විය හැකි බවට සාධක පවතින බව ද දැනට සොයාගෙන ඇති කරුණක්. The National Institute of Health and Care Excellence (NICE) සංවිධානය මගින් මෙසේ දැනුම් […]
කොල්ලුපිටියේ සුපිරි සාප්පු සංකීර්ණයක ඊයේ රාත්‍රී හටගත් ගින්නක් මැඩපවත්වා තිබෙනවා. ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව පැවසුවේ, සාප්පු සංකීර්ණයේ භූගත මහලේ වෙළඳසැළක ගින්න ඇතිව තිබූ බවයි. ගින්න මැඩ පැවැත්වීමට සේවා රථ 5 ක් යොදා ගැනුණු අතර රාත්‍රී 11.00 ට පමණ හටගත් ගින්න අද අලුයම 1.30 පමණ වනවිට සම්පුර්ණයෙන් මැඩපැවැත්වීමට හැකි වූ බව ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව පැවසුවේ […]
ජපන් ආහාර සංකේතාත්මක වීමට බොහෝ කලකට පෙර, සුෂි සහ ෂබු ෂබු, රාමෙන් සහ යකිටෝරි ලොව පුරා අගය කළ අතර, තවත් ආහාරයක් මෙම ආහාර ලැයිස්තුවට ඇතුල් කිරීමට ලෝකයට අමතකව ගොස් තිබෙනවා. මේ ආහාරය හමුවන්නේ ජපානයේ උතුරු දෙසින් පිහිටි හොක්කයිඩෝ ප්‍රදේශයෙනි. ලෝකයේ බොහෝ දෙනා ජපානයේ ආදිවාසීන් ගැන අසා නොමැති අතර ඔවුන්ගේ ආහාරද ලෝකයෙන් සැඟවුණු බවක් දැකිය හැකිය. […]
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා බන්ධනාගාර නිලධාරින්ගේ ආරක්ෂාව මධ්‍යයේ අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනපති කොමිසමේ පොලිස් ඒකකය හමුවට පැමිණ තිබෙනවා.
මේ ජීවිතය හරිම කෙටියි. කොයි මොහොතේ අපිට මෙම ජීවිතයට සමුදෙන්න වෙයිද කියලා කවුරුත්ම දන්නේ නෑ. ඒ නිසා අපේ ජීවිතය කොයිම හෝ මොහොතක නැතිවෙන්න පුළුවන්. එත් අපි ආස නැද්ද ස්වල්ප කාලයක් හරි ඉදිරියට ජිවත් වෙන්න. මේ ඒ පිළිබද සටහනක්, අද ලෝකයේ බොහෝ දෙනකුට වැළදෙන මාරාන්තික රෝග අතර ඉතා සුලබ රෝගයක් තමයි HEART ATTACK කියන්නේ. ලෝකයේ සෑම […]
වසර දහස් ගණනක ඉතිහාසයක් හෙළි කරන ගිබ්‍රෝල්ටාර් පර්වතය තුළ සැඟව ඇති ගුහාව ඔත්තුකරුවන් හට ඇතුළත සැඟවීමට රහසිගත සැලැස්මක් අනුව සකස් කරන ලද්දක් බව පැවසිය හැකිය. ස්පාඤ්ඤයේ දකුණු කෙළවරේ පිහිටි මෙම කුඩා භූමිය වසර ගණනාවක් තිස්සේ දරුණු රාජ්‍ය තාන්ත්‍රික පොරබැදීමකට ලක්ව තිබෙනවා. ස්පාඤ්ඤයේ ස්වෛරීභාවය යැයි පැවසු මෙම ස්ථානය බ්‍රිතාන්‍යය විසින් පාලනය කරනු ලැබුවේ 1713 සිට ය. […]
චීනය වෙනුවෙන් ඔත්තු බැලීමේ චෝදනාවට හිටපු මධ්‍යම බුද්ධි ඒජන්සියේ නිලධාරියෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. 67 හැවිරිදි ඇලෙක්සැන්ඩර් යුක් චිං මා සිකුරාදා අත්අඩංගුවට ගෙන නඩු පවරා ඇති බව එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුව පවසන අතර . රහසිගත ජාතික ආරක්ෂක තොරතුරු චීන බුද්ධි අංශ නිලධාරීන්ට හෙළි කිරීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී තිබෙනවා. සීඅයිඒ හි පිරිස්, මෙහෙයුම් සහ සන්නිවේදනය […]
බ්‍රසීලයේ ජනාධිපති ජෙයාර් බෝල්සොනාරෝගේ බිරිඳ, මිෂෙල් බෝල්සොනාරෝ නව කොරෝනා වෛරස රෝගයෙන් සුවය ලබා තිබෙනවා. 38 හැවිරිදි ජනාධිපති ආර්යාව පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ කොවිඩ් 19 රෝගී තත්වය සම්බන්ධයෙන් කල අවසන් පරීක්ෂාවෙන් සෘණ ප්‍රතිඵලයක් ලැබුණ බවයි.
මෙරට ජාතික විදුලි පද්ධතියට 45% ක් විදුලි සැපයුම ලබා දෙන්නේ නොරොච්චෝල ලක් විජය විදුලි බලගරයෙන්ය. මේ අනුව ඊයේ දිනයේ හදිස්සියේ සිදු වූ නොරොච්චෝල විදුලි බලාගාරයේ සිසිලන පද්ධතියේ හටගෙන ඇති දෝෂය යථා තත්වයට පත් කිරීම සදහා දින 0 4ක් කාලයක් යනු ඇති බව විදුලි බල මණ්ඩලය සදහන් කරනවා. මෙය යථා තත්වයට පත් කරන තුරු මේ හේතුවෙන් […]
විධිමත් වැඩ පිළිවෙලක් යටතේ සියලු මෝටර් රථ නියාමනය සිඳු කල යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් වාහන නියාමනය, බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍යංශයට උපදෙස් දී තිබෙනවා. අමාත්‍යවරුන් හා රාජ්‍ය අමාත්‍යවරුන් පත් කිරීමත් සමඟ අමාත්‍යාංශයට අයත් කාර්යය භාරය ජනාධිපතිවරයා විසින් ලිඛිතව ලබා දී තිබෙන අතර නව රජය […]