මාරාන්තික කොරෝනා වෛරසය අසාදනය වී ලොව පුරා මිය ගිය පිරිස ලක්ෂ 05 ඉක්මවා ගොස් තිබෙනවා. එය සටහන් වන්නේ 515, 504 ක් ලෙසයි.එමෙන්ම වාර්තා වන ආසාදිතයින් ගණන 10,662,993ක්. මෙම මාරාන්තික වෛරසයෙන් සුවය ලබා ඇති පිරිස 5,451, 309 ක් බව විදෙස් වාර්තා උපුටා දක්වනවා.
කොරෝනා අසාදනය වී ප්‍රතිකාර ලබා සුවය වූ නාවික හමුදා සාමාජිකයින් ගණන 848 ක් දක්වා ඉහල ගොස් තිබෙන බව නාවික හමුදාව ප්‍රකාශ කරනවා.
මාරාන්තික කොරෝනා වෛරසය අසාදනයෙන් තව දුරටත් පිඩාවට පත්ව සිටින ඇමෙරිකාවේ ජුනි මාසය තුල කොරෝනා ආසාදිතයන්ගේ ගණන දෙගුණ වී ඇති බව විදෙස් වාර්තා සදහන් කරනවා. මේ අනුව ප්‍රාන්ත 14 ක පමණ වාර්තා වන ආසාදිතයින් ගණන ඉකුත් මාස හා සැසදීමේදී දෙගුණ වී තිබෙන බව විශ්ලේෂකයින් සදහන් කරනවා. මේ තත්වය ප්‍රතිශතයක් ලෙස සියයට 05 ක් ලෙස සැලකිය යුතු […]
2011 ලෝක කුසලාන ශුරතා තරගාවලියේදී අවසන් මහා තරගයෙදී දී පාවාදීමක් සිදු වුවක් යැයි හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් සිදු කරන ලද ප්‍රකාශය පිලිබදව සාක්ෂි ලබා ගැනීම සදහා අද හිටපු නායක කුමාර් සංගක්කාර ක්‍රීඩා අමාත්‍යංශයට කැදවා තිබෙන බව වාර්තා වෙනවා. අද උදැසන ඔහු ක්‍රීඩා අමාත්‍යංශය වෙත පැමිණි බව අප වාර්තාකරුවන් සදහන් කළා. තවමත් ඔහු […]
රුසියානු ජනපති ව්ලැද්මීර් පුටින්ට වසර 2036 දක්වා ධුර කාලයේ රැදී සිටීමට අවශ්‍ය ව්‍යවස්ථා සංශෝධනයන්ට එරට ජනතාවගේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ සදහා පැවැති මැතිවරණයේදී ඡන්ද ප්‍රතිඵලවලට අනුව සියයට 77කට ආසන්න ප්‍රතිශතයක් රුසියානු ජනාධිපතිවරයාට පක්ෂව හිමිව ඇති බව සදහන්.
තවත් කොවිඩ් නයින්ටීන් රෝගීන් 07 දෙනෙකු හඳුනා ගැනිමත් සමග මෙරට සමස්ත රෝගීන් සංඛ්‍යාව 2054 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඊයේ (01) දිනය තුළ වාර්තා වූ රෝගීන් 07 දෙනාගෙන් සිව් දෙනෙකු බංග්ලාදේශයේ සිට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. එක්සත් රාජධානීයේ සිට පැමිණි පුද්ගලයෙකු සහ ඩුබායි හි සිට පැමිණි පුද්ගලයෙකු ද ඊයේ […]
බස්නාහිර, වයඹ, සබරගමුව, මධ්‍යම හා දකුණු පළාත්වල වැසි වාර කිහිපයක් ඇති වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඌව සහ නැගෙනහිර පළාත්වලත් යාපනය දිස්ත්‍රික්කයේත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වේ. වැසි සමග තාවකාලික තද සුළං ද ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
මාරාන්තික කොරෝනා වෛරසය හේතුවෙන් දිනෙන් දින නව ආසාදිතයින් වාර්තා වන ඇමෙරිකාවේ නවතම සමීක්ෂණයකට අනුව පවතින සෞඛ්‍ය ක්‍රමවේද ඉදිරියටත් අනුගමනය කළහොත් දිනකට වාර්තා විය හැකි රෝගීන් සංඛ්‍යාව ලක්ෂයක් දක්වා ඉහළ යාමේ අවධානමක් පවතින බව විශ්ලේෂකයෝ සදහන් කරනවා. මේ වන විට ඇමෙරිකාවෙන් දෛනිකව වාර්තා වන රෝගීන් සංඛ්‍යාව 40,000 ක වන අතර වාර්තා වන මරණ ගණන 130,123ක් වන […]
2011 ලෝක කුසලාන ශූරතාව මුදලට පාවාදුන් බවට ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා සිදු කල ප්‍රකාශය පිලිබදව ප්‍රකාශ ලබා ගැනීම සදහා ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර හෙට පොලිස් විමර්ශන ඒකකයට කැදවීමට නියමත බව සදහන්.
කොළඹ වරායේ නැංගුරම් දමා තිබෙන විදේශ රටකට අයත් නැවකට සේවය සැපයීම සඳහා රෝමයේ සිට විදේශ නාවිකයන් 155 දෙනෙක් අද මත්තල ගුවන් තොටුපලින් ලංකාවට පැමිණ තිබෙනවා. මත්තල ගුවන් තොටුපලේදී මොවුන්ව පී. සී. ආර්. පරීක්ෂණයට ලක්කර ඇති අතර පරීක්ෂණයේ ප්‍රතිපල ලැබෙනතුරු මොවුන්ව ගුවන් තොටුපල අවට හෝටල් කිහිපයක නතර කර තිබෙන බවයි වාර්තා වන්නේ.
රාජ්‍ය හා පුද්ගලික සේවයේ කාර්යක්ෂමතාවය ඉහළ නැංවීමේ අරමුනෙන් හා කොරෝනා පාලනය සැලකිල්ලට ගනිමින් තව දුරටත් රජයේ හා පෞද්ගලික අංශ කාර්යාල විවෘතකිරීමට අදාල කමිටු නිර්දේශ ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව ජනපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ උපදෙස් මත විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් පත් කල කමිටුව ක් හරහා මෙම සංශෝධන ඉදිරිපත් කර තිබෙනවා. මේ අනුව […]
ඉකුත් වසරේ ( 2019 ) මැයි මාසය සිට මේ වසරේ මැයි මාසය දක්වා නීති විරෝධී ලෙස විදුලිය ලබාගත් 1937 දෙනෙක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබෙන බව වාර්තා වෙනවා. අධිකරණ තීන්දු මත එම පුද්ගලයින්ගෙන් දඩ මුදල් ලෙස මිලියන 59 ක් අය කරගත් බවද ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. මේ අනුව විදුලිය අනවසරෙන් ගන්නා පුද්ගලයින් සොයා තව […]