පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ කොවිඩ් -19 සඳහා PCR පරීක්ෂාවට ලක් කළ වෙළෙඳුන් සහ සේවකයින් 529 දෙනාගෙන් කිසිවෙකුටත්, වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු වී තිබෙනවා. මේ පිළිබඳ අදහස් දක්වමින් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මේ බව සඳහන් කළා.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, දකුණු, ඌව සහ උතුරු මැද පළාත්වලත් මන්නාරම සහ වව්නියාව දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල සහ අනුරාධපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වල ඇතැම් ස්ථාන වලට මි.මී.75ක පමණ තරමක තද වර්ෂාපතනයන්ද […]
කොළඹ, ගම්පහ, කළුතර හා පුත්තලම දිස්ත්‍රික්කවලටත්, අලවතුගොඩ, වරකාපොළ හා අක්කරෙයිපත්තුව පොලිස් බල ප්‍රදේශවලත් හැර දිවයිනේ සෙසු සියලු ප්‍රදේශවල අද අලුයම 5 ට ලිහිල් කෙරුණු පොලිස් ඇඳිරි නීතිය යළි අද රාත්‍රී 8 ට පැනවීමට නියමිතය. කෙසේ වෙතත් එම දිස්ත්‍රික්කවල සති අන්තයේ පොලිස් ඇදිරි නීතිය ලිහිල් කෙරෙන්නේ නැත. ඒ අනුව අද රාත්‍රී 8 ට පැනවෙන පොලිස් ඇඳිරි […]
වැලිසර නාවික හමුදා කඳවුරේ සෙබලුන් 29 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වීමත් සමඟ ඉතිහාසයේ දිනක් තුළ වාර්තා වු වැඩිම රෝගීන් සංඛ්‍යාව අද(23) වාර්තා වුණා. ඒ අනුව ලංකාවේ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 368 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. අද දිනයේ සුවය ලැබු රෝගීන් දෙදෙනා සමඟ සුවය ලැබූ සමස්ත රෝගීන් ගණන 107ක්. මේ අතර තවත් පුද්ගලයින් 254 ක් […]
කොරෝනා ආසාදිත නාවික සෙබළුන් 30 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟ වැලිසර නාවික හමුදා කඳවුර මේ වන විට හුදකලා කර තිබෙනවා. අද(23) දිනයේ දී නාවික හමුදාවේ සෙබළුන් 29 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට යුද හමුදාපති මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා විසින් තහවුරු කර සිටි අතර එම හේතුව නිසාවෙන් වැලිසර නාවික හමුදා කඳවුර මෙලෙස හුදකලා කරනු ලැබුවා. […]
ශී‍්‍ර ලංකා නාවික හමුදාවේ සෙබළෙකුට කොවිඩ් 19 ආසාධනය වීමත් සමග සිදුකළ පී.සී.ආර් පරීක්‍ෂණ වලින් තවත් නාවික හමුදා සෙබළුන් 29 දෙනෙකුට කොවිඩ් 19 ආසාධනය වී තිබෙනවා. ඒ අනුව අද දිනය තුළ පමණක් හදුනාගැණුනු රෝගීන් සංඛ්‍යාව 39 දක්වා ඉහළගොස් තිබෙනවා. මෙය දිනක් තුළ මෙරට වාර්තා වූ වැඩිම රෝගීන් සංඛ්‍යාවයි. ඒ අනුව මෙරට කොරෝනා රෝගීන් සංඛ්‍යාව 368 දක්වා […]
දිවයිනේ කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 335 දක්වා ඉහළගොස් තිබෙනවා. ඒ තවත් ආසාධිතයෙකු හදුනාගැනීමත් සමගයි. ඒ අනුව අද දිනයේ ආසාධිතයින් 5 දෙනෙකු හදුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසුවා.
ප්‍රබල අකුණු සහ තද වැසි පිළිබඳව අනතුරු ඇඟවීමේ නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, දකුණ, ඌව හා උතුරු මැද පළාත්වලත් මන්නාරම, මුලතින් සහ වව්නියාව දිස්ත්‍රික්කවලත් තැනින් තැන සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ දී ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකියි. ඇතැම් ස්ථානවල මිලිමීටර 75ට වැඩි වර්ෂාපතනයක් ද ඇති විය හැකි […]
කොවිඩ් 19 අරමුදලට අමාත්‍ය මණ්ඩලයේ එක් මසක වැටුප පරිත්‍යාග කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය එකඟත්වය පළ කර තිබේ. අද(23) දිනයේ දී තමන් විසින් කළ මෙම යෝජනාවට අගමැතිවරයා විසින් සිය එකඟත්වය පළ කළ බව නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසා සිටියි. අද පෙරවරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හා ලංකා […]
කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 334 දක්වා ඉහළගොස් තිබෙනවා. ඒ තවත් කොරෝනා ආසාධිතයින් 04 දෙනෙකු හදුනාගැනීමත් සමගයි.
කොවිඞ්-19 හෙවත් නව කොරෝනා ව්‍යසනය නිසා ළමා මනසට බලපා ඇති ප‍්‍රශ්නවලට පිළිතුරු ලබා දීම සඳහා එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල හෙවත් යුනිසෙෆ් ආයතනය විසින් වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. මේ යටතේ ළමා මනසට බලපා ඇති ප‍්‍රශ්නවලට පිළිතුරු ලබාදීම සඳහා ශී‍්‍ර ලංකාව වෙනුවෙන් තොරා ගෙන ඇත්තේ අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතායි. ඔහු ළමයින්ට සමීප රාජ්‍ය නායකයෙකු බැවින් යුනිසෙෆ් ආයතනය […]
කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණෙන සංක්‍රමණික ගුවන් මගීන්ට, ගුවන්තොටුපොළ තුළ රැඳී සිටීමට ලබා දී තිබූ කාලය තව ත් පැය 06 කින් දීර්ඝ කර තිබේ. ඒ අනුව සංක්‍රමණික ගුවන් මගීන්ට කටුනායක ගුවන්තොටුපොළ තුළ රැඳී සිටීමට මෙතෙක් ලබා දී තිබූ පැය 06 ක කාලය, පැය 12 ක් දක්වා දීර්ඝ කෙරෙනු ඇති. සංක්‍රමණික ගුවන් මගීන් කිසියම් රටක සිට පැමිණ, […]