නාවික හමුදාවේ සේවය කරන පුද්ගලයින් සම්බන්ධයෙන් ජනතාව සෞඛ්‍යමය වශයෙන් අනියත බියක් ඇති කර ගත යුතු නොවන බව නාවික හමුදාව පවසනවා. නාවික භටයෙකුට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමෙන් අනතුරුව එම කදවුරේ නාවිකයින් 4000 ක් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් වෛරස ආසාදිත පරීක්ෂණ සඳහා යොමු කර ඇති බව නිවේදනයක් නිකුත් කරමින් නාවික හමුදාව සදහන් […]
නීතිපති දෙපාර්තමේන්තුවේ කටයුතු යළි ආරම්භ කිරීම සඳහා නීතිපතිවරයා විසින් අදාළ බලධාරීන්ගේ අනුමැතිය ඉල්ලා තිබෙනවා. පී.සී.ආර් පරීක්ෂණවලට ලක් කළ නීතිපති දෙපාර්තමේන්තුවේ ආරක්ෂක නිලධාරින්ට කොරෝනා ආසාදිතව නැති බවට හඳුනා ගෙන ඇති බැවින් නීතිපතිවරයා විසින් මෙසේ අනුමැතිය ඉල්ලා සිටින බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි නිශාරා ජයරත්න මෙනවිය පැවසුවා. එම දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු ආරක්ෂක නිලධාරිනියක් ආහාර ලබාගන්නා නිවසක තැනැත්තන් දෙදෙනෙකුට […]
තේ වත්තක සැරිසරමින් සිටි තවත් කදුකර කොටියෙකු අද දින මන්දකට හසුව ඇති බව නල්ලතන්නි වනජීවි කාර්යාලයේ වන සත්ත්ව අඩවි ආරක්‍ෂක ප‍්‍රභාෂ් කරුණාතිලක මහතා පැවසුවා. හැටන් පොලිස් වසමට අයත් දික්ඔය දරවල වත්තේ මෙසේ කදුකර කොටියා මන්දකට හසුවී ඇති බවයි වනජීවි නිළධාරීන් කියා සිටියේ. තේ වත්තේ සැරිසරන වල් ඌරන් දඩයම් කිරීමට කිසියම් පිරිසක් විසින් ගසක අටවන ලද […]
කොරෝනා වෛරසය තහවුරු කෙරෙන පී.සී.ආර් පරීක්‍ෂණය සදහා එක් පුද්ගලයෙකු වෙනුවෙන් රජයට වැයවන පිරිවැය රු.6000 කට අධික බව වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය සුදත් සමරවීර සදහන් කළා. මේ අතර සෞඛ්‍ය අමාත්‍යංශයේ නියාමනය යටතේ පෞද්ගලික අංශයේ රෝහල් කිහිපයකද ඉදිරියේදී පී.සී.ආර් පරීක්‍ෂණ කටයුතු සිදුකිරීමට නියමිත බව අධ්‍යක්‍ෂකවරයා වැඩිදුරටත් පැවසුවා. පී.සී.ආර් පරීක්‍ෂාව සදහා පෞද්ගලික අංශ සම්බන්ධ කරගැනීමේ අරමුණ […]
පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණය තොග වෙළඳාම සඳහා හෙට (25) දිනයේ සිට යළි විවෘත කරන බව පෑලියගොඩ මත්ස්‍ය වෙළඳුන්ගේ සංගමය පවසනවා. පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළඳ සංකීර්ණයෙන් මාළු ලබාගත් පිළියන්දල ප්‍රදේශයේ මාළු වෙළෙන්දෙකු හට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරු වීමත් සමඟ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳසැල වසා දැමීමට පසුගියදා තීරණය කළා. ඒ අනුව පසුගිය 22 දිනයේ […]
නව කොරෝනා ආසාදිතයන් පස්දෙනා කොළඹ 12 බණ්ඩාරනායක මාවතේ පදිංච් වුවන් බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. ම්ට සුළු මොහොතකට පෙර නව කොරෝනා රෝගීන් පස්දෙනෙකු වාර්තා විමත් සමග ලංකාවේ සමස්ත ආසාදිතයින් ගණන 373 දක්වා ඉහළ ගොස් තිබෙනවා. වෙෙද්‍ය අධික්ෂණය යටතේ රෝහල් තුල ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 259 ක් වෙයි. මේ වන විට අද දිනයේ ආසාදිතයින් 5 ක් වාර්තා […]
දිවයිනේ කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 373 දක්වා ඉහළගොස් තිබෙනවා. ඒ නව ආසාධිතයින් 05 දෙනෙකු හදුනාගැනීමත් සමගයි.
ශ‍්‍රමිකයන් පන් ලක්‍ෂයකට අධික සංඛ්‍යාවක් රැකියාවේ නියුතු සුළු හා මධ්‍ය පරිමාණ ඇගලුම් කර්මාන්ත ශාලා සියයක පමණ හාම්පුතුන් තම සේවකයින්ට මේ මස වැටුප ලබාදිය නොහැකි බව කම්කරු දෙපාර්තමේන්තුව වෙත දැනුම් දී තිබෙනවා. ඔවුන්ගෙන් සැදුම්ලත් ඒකාබද්ධ ඇගලුම් සංගම් සංසදයේ මහලේඛම් එම්.ටී.පී කුරේ කියාසිටියේ පසුගිය වසරේ මාර්තු මාසය හා සැසදීමේදී මෙම වසරේ එම මාසය තුළ ඇගලුම් නිෂ්පාදනයද විශාල […]
කෙසෙල්වත්ත, බණ්ඩාරනායක මාවත ප්‍රදේශයේ තවත් පදිංචිකරුවන් පිරිසකගේ PRC පරීක්ෂණ වාර්තා අද(24) නිකුත් කිරීමට නියමිතව තිබෙනවා. කොළඹ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ඩබ්ලිව්.කේ.චන්ද්‍රපාල මහතා සදහන් කළේ එම ප්‍රදේශයේ පුද්ගලයින් 142ගේ පරික්ෂණ වාර්තා අද පෙරවරුවේ ලැබීමට නියමිත බවයි.
කොවිඩ්-19 වෛරසය ලොව පුරා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 27 ලක්ෂය ඉක්මවා තිබේ. මේ වන විට එම සංඛ්‍යාව දැක්වෙන්නේ 2,725,391ක් ලෙසයි. මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව ද 191,055ක් දක්වා ඉහළ ගොස් තිබේ. ගතවු පැය 24 තුළ දී ද අමෙරිකාවෙන් මරණ 2292ක් වාර්තාවන අතර බ්‍රිතාන්‍යයෙන් 638ක් , ප්‍රංශයෙන් 516ක් , ඉතාලියෙන් 464ක්, ස්පාඤඤයෙන් 440ක් සහ බ්‍රසිලයෙන් 407ක් වාර්තා වෙයි. මේ අතර […]
ඊයේ(23) රාත්‍රීය තෙක් ගතවු පැය 24ක කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝණය කළ පුද්ගලයින් 650කට ආසන්න පිරිසක් සහ රථවාහන 165ක් පමණ පොලිස් භාරයට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධීකාරි ජාලිය සේනාරත්න මහතා ප්‍රකාශ කළේ නිතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් මත මෙතෙක් අත්අඩංගුවට ගත් තැනැත්තන් පිලිබද ක්‍රියාත්මක වන බවයි. ඇඳිරි නීතිය ක්‍රියාත්මක නොවන කාල වලදි පවා සෞඛ්‍ය උපදෙස් […]
අමෙරිකාව ලෝක සෞඛ්‍ය සංවිධානයට ලබා දෙන අධාර නවතා තිබෙනවා. අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ පවසන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයට අමෙරිකාවෙන් ලබා දෙන අධාර කිසිදිනක නැවත ලබා නොදෙනු ඇති බවයි. මේ වන විට ගත වූ පැය 24 තුළ වැඩිම මරණ සංඛ්‍යාවක් අඛණ්ඩව වාර්තා වන්නේ අමෙරිකාවෙනි. එම ගණන , 2,110 ක්. ඒ අනුව අමෙරිකාවේ සමස්ත මරණ සංඛ්‍යාව 49,769 […]