News Line| Off Air
Generic placeholder image

Dec
26

පිලිපීනයේ සුළි කුණාටුවක්

Generic placeholder image

සුළි කුණාටුවක් හේතුවෙන් පිලිපීනයේ ජන ජීවිතයට දැඩි බලපෑම් එල්ල වී ඇති බව විදෙස් වාර්තා පවසනවා. මේ හේතුවෙන් පුද්ගලයින් දහස් ගණනක පිරිසක් පදිංචි ස්ථානවලින් ඉවත් කිරීමට එරට බලධාරීන් පියවර ගෙන ඇති අතර සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් දැඩි වර්ෂාපතනයක් හටගෙන ඇති අතර පස් කඳු කඩා වැටීම් සහ නාය යෑම් ද හටගෙන ඇති බව සදහන්.


Dec
26

සැකකටයුතු ලෙස හැසුරුණු 5ක් ජා ඇල දී අල්ලයි

Generic placeholder image

ජා ඇල ප්‍රදේශයේදී සැක කටයුතු ලෙස හැසිරුණු 5 දෙනෙකු නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබෙනවා. වෑන් රථයක් පරික්ෂා කිරිමේදී එහි ගමන් කළ පුද්ගලයින්ගේ සැක කටයුතු හැසිරිම සහ පරස්පර අදහස් ප්‍රකාශ කිරිම මත ඔවුන් සිය භාරයට ගත් බවයි නාවික හමුදාව සදහන් කළේ. මෙම පුද්ගලයින් අවුරුදු 28ත් 30ත් අතර වයසේ පසුවන මට්ටක්කුලිය සහ වැල්ලවත්ත යන ප්‍රදේශවල පදිංචිකරුවන් වෙයි. […]


Dec
26

කථානායකගෙන් නිවේදනයක්

Generic placeholder image

පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගැනීමේදී මෙතෙක් ක්‍රියාත්මක වු සම්ප්‍රදායට පටහැනිව අත්අඩංගුවට ගැනීම පිළිබඳව කථානායකවරවා විසින් සිය මතය ප්‍රකාශ කිරිමත්, එම මන්ත්‍රීවරයාගේ සුව දුක් විමසීමට බන්ධනාගාරය වෙත යාමත්, පිළිබඳව ඇතැම් පාර්ශවයන් විසින් පළ කර ඇති අදහස් සිය අවධානයට ලක්ව ඇති බව කථානායක මාධ්‍ය අංශය පවසනවා. මෙම සිද්ධියේදී කථානායකවරයා විසින් අවධාරණය කරන […]


Dec
26

සුනාමියට හසුවූ එංජිම සහිත දුම්රිය සුනාමි ස්මාරකය වෙතට

Generic placeholder image

සුනාමි ව්‍යවසනයෙන් මිය ගිය ජනතාව සිහිපත් කරමින් ඔවුන්ට පිං පැමිණවීම ප්‍රධාන තේමාව කර ගත් ජාතික සුරක්ෂිතතා දිනය සැමරිම අද උදෑසන හික්කඩුව – තෙල්වත්ත – පැරෑලිය සුනාමි ස්මාරකය අභියසදී ආරම්භ වුණා. සුනාමි ඛේදවාචකය සිදුවූ දින පෙරවරු 6.55 ට කොළඹ – කොටුවෙන් මාතර බලා ධාවනය වූ දුම්රිය තෙල්වත්ත – පැරෑලිය ප්‍රදේශයේදී සුනාමි රළ පහරට හසුවීමෙන් එහි ගමන් […]


Dec
26

චිලී රාජ්‍යයේ ලැව්ගිනි

Generic placeholder image

චිලී රාජ්‍යයට බලපා ඇති ලැව් ගින්නක් හේතුවෙන් එහි නිවාස 200කට ආසන්න ප්‍රමාණයක් දැවී විනාශ වී ඇති බව වාර්තා වෙනවා. දැවයෙන් තැනූ වර්ණවත් නිවාස සහිත වල්පරයිසෝ නගරයට ගින්නෙන් දැඩි හානි සිදුව ඇති බව එරට විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා. මෙම විපතින් ආපදාවට පත් පිරිස් නිවාස වලින් ඉවත්කර ආරක්ෂිත ස්ථාන කරා යොමුකිරීමට බලධාරීන් කටයුතු කර තිබෙනවා. පළාතට […]


Dec
26

ටීනාගේ නත්තල් ඡායාරූප පෙළ (Photos)

Generic placeholder image

ජනපි‍්‍රය නිරූපන ශිල්පිනියක් මෙන්ම රංගන ශිල්පිනියක් වන ටීනා ෂනෙල් නත්තල වෙනුවෙන් සිදුකල ඡායාරූප පෙළකට පෙනී සිටියා. එම ඡායාරූප පෙළයි මේ.


Dec
26

රාජිතගෙන් මෝසමක්

Generic placeholder image

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගැනීමට නිකුත් කළ වරෙන්තුව ආපසු කැඳවන්නැයි ඉල්ලා ඔහුගේ නීතිඥයා විසින් අධිකරණයට මෝසමක් ඉදිරිපත් කර තිබෙනවා. ඉකුත් ජනාධිපතිවරණ සමයේ පැවැත්වූ ආන්දෝලනාත්මක සුදුවෑන් මාධ්‍ය සාකච්ඡා සිද්ධිය සම්බන්ධයෙන්ට හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් පසුගිය 24 දා වරෙන්තුවක් නිකුත් කළා. හිටපු අමාත්‍ය […]


Dec
26

පෞද්ගලික බස් රථවල ඝෝෂාකාරී සංගීතය තහනම්

Generic placeholder image

ලබන ජනවාරි පළමුවනදා සිට පෞද්ගලික බස් රථවල වාදනය වන ඝෝෂාකාරී සංගීතය නවතා දැමීමට රජය තීරණය කර තිබෙනවා. මගීන්ගෙන් එල්ල වූ පැමිණිලි සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන තිබෙනවා. මෙම ඝෝෂාකාරී සංගීතය වැඩි වශයෙන් ඇසෙන්නට ලැබෙන්නේ දුරගමන් සේවා බස් රථ වලයි.


Dec
26

උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කිරීම අවසන් අදියරේ

Generic placeholder image

2019 උසස් පෙළ විභාගයේ ප‍්‍රතිඵල හෙට (27) දිනයේ නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව විභාග දෙපාර්තමේන්තුව සදහන් කරනවා. මේ වන විටත් රතිඵල පරිගණක ගත කර ඇති බවටි එම දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සදහන් කරන්නේ. තුන් ලක්ෂ 37,704 දෙනෙකු මෙවර උසස් පෙළ විභාගය සදහා පෙනී සිටියා.


Dec
26

ඉතාමත් දුර්ලභ වලයාකාර සූර්යග්‍රහණයේ නවතම ජායා රූප මෙන්න

Generic placeholder image

ශ්‍රී ලංකාවාසීන්ට අද ඉතාමත් දුර්ලභ වලයාකාර සූර්යග්‍රහණයක් දැක බලා ගැනීමට අවස්ථාව ලැබී ඇති අතර ඒ අද පෙරවරු 8.09 සිට 11.34 දක්වා කාල සීමාව තුලයි. ලංකාවේ උතුරු ප්‍රදේශයට මෙම සූර්යග්‍රහණය වලයාකාර සූර්යග්‍රහණයක් ලෙස දිස්වෙන බවත් ලංකාවේ දකුණු ප්‍රදේශයට මෙය අර්ධ සූර්යග්‍රහණයක් ලෙසත් දිස්වෙන බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් මෙම සූර්යග්‍රහණය කිසිදු විටෙක පියවි ඇසින් හෝ අව් […]


Dec
26

පොලිස් පරීක්‍ෂක ප‍්‍රභාත් පරණවිතාන යළි සේවයට

Generic placeholder image

පානදුර උතුර පොලිස් ස්ථානයේ හිටපු ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක ප‍්‍රභාත් පරණවිතාන මහතා ටී 56 ගිනිඅවි දෙකක් අතුරුදන්වීමේ සිද්ධියක් හේතුවෙන් සේවය අත්හිටුවනු ලැබු අතර ඒ මහතාව නැවත සේවයේ පිහිටුවා තිබෙනවා. ඒ මීගමුව කොට්ඨාසයට අනියුක්තවයි. වැඩබලන පොලිස්පතිවරයාගේ නිර්දේශ මත පොලිස් කොමිසමේ අනුමැතිය අනුව මෙම සේවයේ පිහිටුවීම සිදුකර තිබෙනවා.


Dec
26

අදත් පස්වරුවේ වැසි

Generic placeholder image

අදත් දිවයින පුරා තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා. ඒ අනුව දිවයිනේ බස්නාහිර, මධ්‍යම සහ සබරගමුව පළාත්වල ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ඒමේ දෙපාර්තුමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.


News Articles
Latest Videos
Most Popular Post