News Line| Off Air
Generic placeholder image

Dec
26

සුනාමි ව්‍යසනයට අදට වසර 15 යි – විනාඩි 2 ක නිහඩතාවයක් අනුගමනය කරන්නැයි ඉල්ලීමක්

Generic placeholder image

ජාතික සුරක්ෂිත දිනය අදට යෙදී තිබෙනවා. 2004 වර්ෂයේ සුනාමි ව්‍යසනයෙන් මියගිය ජනතාව සිහිපත් කිරිම උදෙසා 2005 වර්ෂයේ අමාත්‍ය මණ්ඩල සංදේශයක් මගින් සෑම වසරකම දෙසැම්බර් මස 26 වන දින ජාතික සුරක්ෂිත දිනය ලෙස නම්කර තිබෙනවා. මේ හේතුවෙන් අද දින පෙ.ව. 9.25 සිට 9.27 දක්වා දිවයින පුරා සියලුම රාජ්‍ය ආයතනද ඇතුළත්ව විනාඩි දෙකක නිශ්ශබ්දතාවක් ආරක්ෂා කරන ලෙස […]


Dec
24

කිතුණු බැතිමතුන්ට අගමැතිගෙන් සුභ පැතුම් පණිවිඩයක්

Generic placeholder image

ආගම්වාදී ත්‍රස්තවාදය නැමති අඳුර දුරුකොට අපේ මාතෘ භූමියට ආරක්ෂාවත්, සාමයත් නැවත ගෙනදීමට ශ්‍රී ලංකාවේ නව ආණ්ඩුව ඇප කැප වී සිටින බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සදහන් කළා. උදාවන නත්තල නිමිත්තෙන් කිතුණු බැතිමතුන්ට සිය සුභ පැතුම් එක්කරමින් අගමැතිවරයා මෙම අදහස් පැවසුවා. අගමැතිවරයා විසින් නිකුත්කළ එම සුභ පැතුම් පණිවිඩය පහතින්.


Dec
24

නත්තල වෙනුවෙන් ලබාදිය හැකි හොදම තෑග්ග ගැන නත්තල් සීයා කියයි

Generic placeholder image

නත්තලේදී සිය ඥාතී හිතමිතුරන්ට ලබාදිය හැකි හොඳම ත්‍යාගය ඔවුන් වෙනුවෙන් කාලය වෙන් කිරීම බව ලොව පුරා සංචාරයේ නිරත නත්තල් සීයා පවසනවා. නත්තල වෙනුවෙන් ලෝ වැසියන්ට සුබපැතුම් එක්කරමින් ඔහු මේ බව සඳහන් කළා. නත්තල් සීයාගේ ගම්මානය වන ෆින්ලන්තයේ ලැප්ලෑන්ඩ්හි පිහිටි රුවන්යෙමි ගම්මානය මේ දිනවලදී අතිශයින් කාර්යබහුලයි. නත්තල ආශ්‍රිත ක්‍රියාකාරකම් රැසක් එහි දක්නට ලැබෙනවා. ලොව වටා ජනතාවට […]


Dec
24

මගී ප්‍රවාහන බස්රථවල වාදනය සදහා සුභාවිත ගීත සමුච්ඡයක්

Generic placeholder image

මගී ප්‍රවාහන බස්රථවල වාදනය වන අධික ශබ්දයෙන් යුත් ගීත වෙනුවට සුභාවිත ගීත හඳුන්වා දීම සඳහා කටයුතු කරන්නැයි ප්‍රවාහන කළමණාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා ජාතික ගමනාගමන කොමිසමට උපදෙස් ලබා දී තිබෙනවා. ඒ අනුව ජනවාරි පළමුවනදා සිට ක්‍රියාත්මක වන පරිදි මගීන්ට විවේක බුද්ධියෙන් යුතුව රස විඳිය හැකි ගීත දහසකින් සමන්විත සුභාවිත ගීත සමුච්ඡයක් හඳුන්වා දීමට නියමිත බව […]


Dec
24

වාන් දමන ජලාශ ප්‍රමාණය පහළට

Generic placeholder image

වාන් දමන ජලාශ සංඛ්‍යාව 32 දක්වා අඩු වී තිබෙනවා. කෙසේ වෙතත් කවුඩුල්ල ජලාශයේ වාන් දොරටු විවෘත කර ඇති බැවින් සෝමාවතිය ප්‍රදේශයේ ගංවතුර අවධානම තවදුරටත් පවතින බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ. කවුඩුල්ල ජලාශයේ වාන් දොරටු 4ක් විවෘත කර ඇති බැවින් මැදිරිගිරිය, කහඹියාව, පඹුරාන, පල්ලිය ගොඩැල්ල යන ප්‍රදේශවල ජනතාව තවදුරටත් ඒ පිළිබඳ අවධානයෙන් පසු විය යුතු බව […]


Dec
24

ඉන්දුනීසියාවේ බස් රථයක් පෙරළීමෙන් පුද්ගලයන් 24ක් ජීවිතක්ෂයට

Generic placeholder image

ඉන්දුනීසියාවේ දකුණු සුමාත්‍රා ප්‍රාන්තයේ බස් රථයක් අඩි 500ක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් එහි ගමන් ගත් පුද්ගලයන් 24 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ මධ්‍යම රාත්‍රියේ මෙම අනතුර සිදුව ඇති අතර ඉන් තවත් පුද්ගලයන් 13 දෙනෙකු තුවාල ලබා ඇති බව සඳහන්. බස් රථය මාර්ගයේ තිබූ කොන්ක්‍රීට් බාධකය බිඳ ප්‍රපාතයට පෙරළී ඇති බවත් එය නතර වී ඇත්තේ පහළ වූ […]


Dec
24

අසිරිමත් නත්තල අද මැදියම් රැයෙන් උදාවෙයි

Generic placeholder image

අසිරිමත් නත්තල අද (24) මැදියම් රැයෙන් උදා වීමට නියමිතයි. ලොව පුරා කිතුනු බැතිමතුන් නත්තල සැමරීම සඳහා මේ වන විටත් සූදානම්ව සිටිනවා. ප්‍රේමයේ සහ මානව දයාවේ අරුත ලොවට දේශනා කළ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කන්‍ය මරිය මව්තුමියට දාව මීට වසර 2019 කට පෙර ජෙරුසලමේ බෙත්ලෙහෙමේ ගවලෙනකදී උපත ලැබූ බව ඉතිහාසයේ සඳහන් වනවා. දෙවියන් වහන්සේගේ සුභාරංචියද රැගෙන මෙලොවට […]


Dec
24

නිදහස් උත්සවයේදී ජාතික ගීය සිංහලින් පමණක් ගායනා කිරීමට තීරණය කරයි

Generic placeholder image

ශ්‍රී ලංකාවේ 72 වැනි නිදහස් උත්සවය පෙබරවාරි 04 දා කොළඹ නිදහස් චතුරස්‍රයේදී උත්සවාකාරයෙන් පැවැත්වීමට රජය තීරණය කර තිබෙනවා. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ඊයේ මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් පවත්වා ඇති අතර එහිදී ජාතික ගීය සිංහල භාෂාවෙන් පමණක් ගායනා කිරීමටද තීරණය කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ ජාතික නිදහස් උත්සවයකදී පළමු වරට 2016 වසරේදී ජාතික ගීය දමිළ භාෂාවෙන්ද ගායනා කරනු ලැබුවා. […]


Dec
24

විදෙස් රටවලින් පැමිණෙන මිස් කෝල් ගැන විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට කියන්න

Generic placeholder image

විදෙස් රටවලින් පැමිණෙන මඟ හැරුණු දුරකථන ඇමතුම් සම්බන්ධයෙන් වහා දැනුවත් කරන ලෙසට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. 1700 යන අංකයට කෙටි පණිවුඩයක් මගින් අදාළ දුරකථන අංකය පිළිබදව දැනුවත් කරන ලෙස එම කොමිෂන් සභාව දැනුම් දුන්නා. පසුගිය දින කිහිපය තුළම ජංගම දුරකථනවලට විදෙස් රටවලින් පැමිණෙන මඟ හැරුණු දුරකථන අංක සම්බන්ධයෙන් තොරතුරු වාර්තා […]


Dec
24

මහ බැංකු අධිපතිධූරය මාහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන් මහතාට

Generic placeholder image

ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපතිවරයා වශයෙන් දේශමාන්‍ය මාහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන් මහතා පත් කර තිබෙනවා. ඒ මහතා මහ බැංකුවේ 15 වැනි අධිපතිවරයා වශයෙන් අද (24) දින ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයේදී වැඩ භාර ගෙන ඇති බව අප වෙත වාර්තා වෙනවා. 1994 සිට 1999 දක්වා වකවානුව තුළ කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා වශයෙන් කටයුතු කළ ඒ මහතා ශ්‍රී […]


Dec
24

ක්‍රිකට් ක්‍රීඩාවෙන් චාමර කපුගෙදර විශ්‍රාම යන්නට තීරණය කරයි

Generic placeholder image

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙක් වෙන චාමර කපුගෙදර ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමට තීරණය කර තිබෙනවා. 32 හැවැරිදි චාමර ටෙස්ට් තරග 8කදී, එක්දින තරග 102කදී හා විස්සයි20 තරග 43කදී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කර තිබෙන අතර අවුරුදු 19දී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කිරීමට වරම් හිමිකර ගත් චාමර කපුගෙදරට කණ්ඩායමේ නිත්‍ය ස්ථානයක් දිනා ගැනීමට දැඩි තරගකාරිත්වයක් […]


Dec
24

ෆින්ලන්තයට දර්ශනය වුණු උතුරු එළි

Generic placeholder image

ෆින්ලන්තයේ ලැප්ලෑන්ඩ් ප්‍රදේශයට අවස්ථා ගණනාවකදී උතුරු එළි දර්ශනය වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මෙය දැකගැනීම සඳහා සංචාරකයන් බොහෝ පිරිසක් එම ස්ථානයට පැමිණ තිබෙනවා. හිරුගෙන් නිකුත් වන විද්‍යුත් ආරෝපිත අංශු පෘථිවි වායුගෝලයේ ඇති අංශු එකතුවීමෙන් මෙම උතුරු එලි නිර්මාණය වන බව පරිසරවේදියෝ සදහන් කරනව.


News Articles
Latest Videos
Most Popular Post