2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ ඇති වූ රිය අනතුර සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුව ගැනීමට නියමිතව සිටි සැකකරුවකු වන හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ රියැදුරු වන දිලුම් තුසිත කුමාර සිය නීතිඥවරුන් මාර්ගයෙන් අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නිරංජලා ද සිල්වා මහත්මිය හමුවට ඉදිරිපත් වුණා. ඒ අනුව අදාළ සැකකරු ලබන 6 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට නියම කලා. […]
කොළඹ, කොටුව හා බදුල්ල අතර විශේෂ දුම්රියක් අද ධාවනයට එක් කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. එහි නියෝජ්‍ය ගමනාගමන අධිකාරී ඩබ්ලිව්. ඩී.පත්මලාල් මහතා සඳහන් කළේ, එම දුම්රිය අද දිනයේ මෙන්ම ලබන සිකුරාදා සහ ඉරිදා යන දිනවල ධාවනය වීමට නියමිත බවයි. පාසල් නිවාඩු හා එළැඹෙන නත්තල් නිවාඩුව සැළකිල්ලට ගනිමින් මෙම විශේෂ දුම්රිය ධාවනයට යොදවා ඇතැයි ඔහු ප්‍රකාශ […]
රජයේ බදු සහන යටතේ ත්‍රිරෝද රථ අමතර කොටස් මිල අඩු වී තිබෙන නිසා තම සංගමයට අයත් ත්‍රිරෝද රථ ජනවාරි 01 වැනි දින සිට ගාස්තු අඩු කරන බව ලංකා ස්වයං රැකියා නියුක්තිකයින්ගේ ත්‍රිරෝද රථ සංගමය සඳහන් කරනවා. මේ අනුව පළමු කිලෝමීටරයට අයකරන රුපියල් 60ක මුදල 50 දක්වාත්, දෙවන කිලෝමීටරයත් ඇතුලත්ව, එතැන් සිට කිලෝමීටරයකට අය කරන රුපියල් […]
රිය අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඇප මත මුදා හැරීමට කොළඹ මහේස්ත්රාත් අධිකරණය අද (24දා) නියෝග කලා
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතා අභාවප්‍රාප්තවී වී තිබෙනවා. පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු අභාවප්‍රාප්තවී ඇති බව පවුලේ ඥාතීන් සඳහන් කළා. 2016 වර්ෂයේදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ලෙස පත්වීම් ලැබූ ඒ මහතා රාජකීය විද්‍යාලයේ ආදී ශිෂ්‍යයෙක් වෙයි. කොළඹ විශ්ව විද්‍යාලයෙන් නීති අධ්‍යාපනය ලැබූ ඒ මහතා 2013 සහ 2014 වර්ෂය තුළ ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ උප සභාපතිවරයා ලෙස […]
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයද උත්සව සමයට සමගාමීව විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක කර ඇති බව එහි කාලසටහන් හා සැලසුම් කළමනාකාර රජීව දිලුක්ෂ නිමලසේන මහතා සඳහන් කළා. ඒ අනුව දෙසැම්බර් මස 21 වන දින සිට 2020 ජනාවරි මස 1 වන දින දක්වා මෙම බස් රථ සේවය ආරම්භ කර තිබෙන අතර උත්සව සමය වෙනුවෙන් රියදුරන්ගේ හා කොන්දොස්තරවරුන්ගේ […]
රාජගිරිය ප‍්‍රදේශයේ සිදු වූ රිය අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු හිටපු අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතාට ඇප ලබා දෙනවද යන්න පිලිබදව කොළඹ මහේස්ත්රාත් අධිකරණය අද දැනුම්දීමට නියමිතව තිබෙනවා. එමෙන්ම මිට පෙරද ඇප ලබා දෙන ලෙස මීට පෙර අධිකරණයෙන් ඉල්ලීමක්ද කර තිබුනද එහිදී අධිකරණය දැනුම් දුන්නේ ඇප ඉල්ලීමට අදාල නියෝගය […]
දිවයින පුරා පවතින වැසි තත්වය අඩු වීමක් අද සිට බලාපොරොත්තු විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරන්නේ. ඒ අනුව බස්නාහිර, මධ්‍යම හා සබරගමුව පළාත්වලත් දැඩි මිදුම් සහගත තත්ත්වයක් ඇති විය හැකි බව එම දෙපාර්තුමේන්තුව වැඩි දුරටත් සදහන් කරනවා.
නාවික හමුදාව සහ උඩප්පුව, පොලීසිය එක්ව පල්ලිවාසල්පාඩු ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදි කේරළ ගංජා ග්‍රෑම් 25 ක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා බාරයට ගෙන තිබෙනවා. ඊයේ (22) සිදු කළ වැටලීමකදි මෙම කේරළ ගංජා සමඟ මෙම පුද්ගලයා නාවික හමුදා බාරයට ගෙන ඇති අතර මොහු වයස අවුරුදු 44 ක් වන කොන්තන්තිව් ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව සදහන්. එමෙන්ම එම පුද්ගලයා සහ […]
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ පරිශ්‍රය සහ ඒ අවට ප්‍රදේශයේ වර්තමානයේ නිරතුරුවම පවතින රථ වාහන තදබදය අවම කිරීම සඳහා නව රථ වාහන සැලැස්මක් අද(23) සිට ක්‍රියාත්මක කර ඇති බව කටුනායක ගුවන් තොටුපළ කළමනාකරණ ප්‍රධානී එච්.එස්. හෙට්ටිආරච්චි මහතා සදහන් කළා. සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගම, ශ්‍රී ලංකා පොලීසිය සහ ආරක්ෂක අංශ සමඟ එකතුව මෙම […]
උදාවන නත්තල හා නව වසර පිළිගැනීම සඳහා කළ සුවිශේෂී නිර්මාණයක් පිළිබඳව පෝලන්තයෙන් අපූරු පුවතක් වාර්තා වුණා. පෝලන්ත ජාතිකයන් තිදෙනෙක් විසින් නිර්මාණය කළ විශේෂ නගරයක් විදෙස් මාධ්‍යවල අවධානයට ලක්ව තිබෙනවා. එම නගරය සම්පූර්ණයෙන් නිමකර තිබෙන්නේ ඉඟුරු පාන්වලින් වීම එහි ඇති විශේෂත්වයයි. නගරය නිර්මාණය කිරීම සඳහා පාන් මිශ්‍රණයෙන් කිලෝ එක්දහස් එකසීයක්, මීපැණි කිලෝ එකසිය පහක්, කුළුබඩු කිලෝ […]
පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාජිත සේනාරත්න මහතාට විදෙස් ගමන් තහනමක් පණවා ඇති අතර ඒ මහතාගේ විදේශ ගමන් තහනම් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය ආගමන සහ විගමන පාලකවරයා වෙත නියෝගයක් නිකුත් කර තිබෙනවා. රහස් පොලිසිය විසින් කරන ලද ඉල්ලීමක් පිළිගත් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා විසින් ආගමන සහ විගමන පාලකවරයා වෙත මෙම නියෝගය නිකුත් කරනු […]