සබරගමුව, බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල දිස්ත්‍රික්කයේත් අද පස්වරුවේ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළා. එසේම, ඌව, නැගෙනහිර සහ උතුරුමැද පළාත්වලත්, යාපනය, මුලතිව්, කිලිනොච්චි සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවලටත් සිහින් වැසිවාර ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව පැවසුවා. මේ අතර, පසුගිය දිනවල ඇති වූ අයහපත් කාලගුණය නිසා දිස්ත්‍රික්ක 20 ක පුද්ගලයින් එක්ලක්ෂ […]
ඉදිරි උත්සව සමයේ සුරාබදු බලපත්‍රලත් මත්පැන් අලෙවිසැල් ඇතුළු මත්පැන් සැපයීමේ සමස්ත ක්‍රියාවලිය විශේෂ අධීක්ෂණයකට ලක් කිරීමට කටයුතු කරන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා. එම කාල සීමාව තුළ දිවයින පුරා සිදුවිය හැකි සුරා අපරාධ, මත්ද්‍රව්‍ය අපරාධ සහ දුම්කොළ අපරාධ සම්බන්ධයෙන් වන වැටලීම් සිදුකිරීමට ද සැලසුම් කර ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළා. ඒ අනුව අදාළ වැටලීම් උඳුවප් […]
සුනඛ සුරතලුන් වෙනුවෙන් වෙන් වූ අපූරු සැණකෙළියක් පිළිබඳ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කළා. කබා, මුහුණු ආවරණ සහ ක්‍රීඩා ඇදුමින් සැරසුණු සුනඛයන් එක්වූ මෙම අපූරු සැණකෙලිය පිලිබද පුවත වාර්තා වන්නේ නයිජීරියාවෙන්. ලාගෝස් සුනඛ සැණකෙලිය ලෙසින් සංවිධානය වූ මෙම උත්සවය එහි පළමු වරට පැවැත්වූ අතර තමන් වෙනුවෙන් ම වෙන්වූ මෙම සාදය සදහා සුනඛයන් එක්ව සිටියේ සිය හිමිකරුවන්ද […]
මහා බ්‍රිතාන්‍යයේ මහ මැතිවරණය ජයගත් කොන්සර්වටිව් පක්ෂ නායක බොරිස් ජොන්සන් මහතාට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සුභ පැතුම් පිරිනමා තිඛෙනවා. මෙම ජයග්රහණයෙන් තවදූරටත් තහවුරු කරන්නෙ දේශීයත්වය මත පදනම් වු පාලනයක් කෙරෙහි ලෝකයේ ඇති නව නැඹුරුතාවය බවද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එහිදී සදහන් කළා.
ගෙවීගිය ඔක්තෝබර්, නොවැම්බර් මාසවලදී මෙරට ඩෙංගු රෝගීන්ගේ වාර්තාගත ඉහළයාමක් පෙන්නුම් කරන බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර මහතා ප්‍රකාශ කළා. වසරේ මේ දක්වා කාලය තුළ 90,000කට ආසන්න පිරිසක් ඩෙංගු රෝගයට ගොදුරු වී ඇති අතර ඉන් 100 දෙනෙකු පමණ මරණයට පත්ව තිබෙනවා. වැඩි වශයෙන් ඩෙංගු රෝගීන් වාර්තා වී ඇත්තේ බස්නාහිරල දකුණ, සබරගමුව සහ […]
රක්ෂිත බන්ධනාගාර ගතව සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ගොත අසංක නැමැත්තාගේ සහයකයෙකු කේරළ ගංජා කිලෝග්‍රෑම් 11කට අධික තොගයක් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් විශේෂ කාර්ය බලකා සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය මඟින් සිදුකළ වැටලීමකදී දොම්පේ, මල්වාන ප්‍රදේශයේදී ඔහු අත්අඩංගුවට ගත් බව සදහන්. සැකකරු රණාල නවගමුව සහ කඩුවෙල යන ප්‍රදේශවල අපරාධ කල්ලි සාමාජිකයෙකු වන බව අනාවරණය […]
අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ නාගරික බල ප්‍රදේශයේ ස්ථාන රැසකට අද රාත්‍රී 8 සිට පැය 24 ක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ප්‍රකාශ කළා. ඒ අනුව මෙම කාලසීමාව තුළ කොළඹ එකේ සිට 15 දක්වා ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇති. එමෙන්ම, මෙම කාලසීමාව තුළදී කොළඹ 05 සහ 06 ප්‍රදේශවලට අඩු පීඩනයකින් […]
අන්තර්ජාලයේ ගූගල් සෙවුම් යන්ත්‍රය ඔස්සේ වැඩිම පිරිසක් ‘වෙයාර් ඉස්’ නැතිනම් කොහේද යන්න විමසා ඇත්තේ ශ්‍රී ලංකාවයි. 2019 වසරේ ගූගල් සෙවුම් ප්රවණතා ලැයිස්තුව ඊයේ ප්‍රකාශයට පත් කෙරුණා. එහි ශ්‍රී ලංකාව වඩාත් සෙවූ ස්ථානය බවට පත්ව ඇත්තේ ඇමරිකානුවන් අතර ප්‍රකට වසරේ සුපර්බෝල් ක්‍රීඩාංගණය හෝ පිටසක්වල ජීවින් රදවා ඇති බව කියන ඒරියා ෆිෆ්ටි වන් ද අභිබවමින්. ඇමරිකානු අන්තර්ජාල […]
බණ්ඩාරවෙල නගරයේ මධ්‍යම බස් නැවතුම්පොළ අලංකාර කිරීම සඳහා සිතුවම් නිර්මාණය කරමින් සිටි තරුණයින් පිරිසකට ඊයේ (12) රාත්‍රියේ කිසියම් පිරිසක් විසින් ප්‍රහාරයක් එල්ලකර තිබෙනවා. බීමතින් පැමිණි පිරිසක් මෙම ප්‍රහාරය එල්ලකර ඇති බව සඳහන්. ප්‍රහාරයෙන් තරුණයින් කිහිපදෙනෙකුම තුවාල ලබා ඇති අතර ඉන් කිහිපදෙනෙක් රෝහල් ගතව ප්‍රතිකාර ලබනවා. මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 06 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර […]
අඛණ්ඩව ගුණාත්මක බවින් ඉහළ ඉන්ධන මහජනතාව වෙත ලබාදීමට වග බලාගත යුතු බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවිර මහතා ප්‍රකාශ කළා. ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් සිදුකරනු ලබන කටයුතු සමාලෝචනය කිරීමේ රැස්වීමක් ඊයේ (12) ඛනිජ තෙල් අමාත්‍යාංශයේදී පැවති අතර ඊට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසුවා. ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් සැපයුම කාර්යක්ෂමව සහ එහි […]
මෙවර නත්තල වෙනුවෙන් අමෙරිකාවේ වොෂින්ටන් නුවර අයිස් යොදාගෙන වංකගිරියකට සමාන ගුහාවක් නිර්මාණය කර තිබෙනවා. මෙය නුදුරේදීම ජනතාවට විවෘත වන බව විදෙස් වාර්තා සඳහන් කළා. මෙලෙස අයිස් කුට්ටි භාවිත කරමින් නිර්මාණය කරනු ලැබූ වංකගිරියකට සමාන ගුහාව කාගෙත් අවධානය දිනාගෙන තිබෙනවා. උසින් අඩි 7ක් පමණ වන මෙම නිර්මාණය සදහා විශාල පිරිසකගේ දායකත්වය හිමිව ඇති බව සදහන්. නිර්මාණය […]
ද වොන්ඩර් වුමන් 02 (The Wonder Woman 02) චිත්‍රපටයේ පළමු ට්‍රේලරය දෙසැම්බර් 8 වන දින එළිදැක්වුණා. මෙම චිත්‍රපටය 2020 ජුනි 5 වන දින නිකුත් කිරීමට නියමිතයි.