මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ කළුතර දිස්ත‍්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බදුල්ල, මඩකළපුව සහ අම්පාර දිස්ත‍්‍රික්කවල පස්වරු 2.00 න් පමණ පසුව වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප‍්‍රදේශ වල සුළගේ […]
හංවැල්ල සහ නවගමුව ප‍්‍රදේශ වල ජනතාව ගේ ගෘහස්ත දුරකථන අංක වලට ඇමතුම් ගෙන බිය වද්දා කප්පම් මුදල් හා ඊෂි කෑෂ් මගින් මුදල් ලබා ගත් හා ඒ සඳහා අනුබල දුන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ නිළධාරීන් සිදුකළ දුරකථන ඇමතුම් විශ්ලේෂණයකින් අනතුරුව සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ. අත්අඩංගුවට ගෙන […]
පාස්කු ඉරිදා එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරය සම්බන්ධයෙන් සෞදි අරාබියේදී අත්අඩංගුවට ගැනුණුු සැකකරුවෙකුගෙන් කළ ප‍්‍රශ්න කිරීම්වලදී මෙම පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරය එල්ල කර ඇත්තේ අයි. එස්. සංවිධානය විසින් නොවන බවට මේ වනවිට තහවුරු වී ඇතැයි අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පවසනවා. සිදු කෙරෙන විමර්ශනවලට අනුව එය තහවුරු වී ඇති බවයි අමාත්‍ය මනෝ ගනේෂන් මහතා වැඩිදුරටත් සඳහන් කළේ. […]
පාසල් පෙළපොත් මුද්‍රණය කිරීමේ දී සිදුව ඇති බව කියන මුල්‍ය අක්‍රමිකතා පිළිබඳව ලැබී ඇති පැමිණිල්ල සම්බන්ධයෙන් සාක්ෂි ලබාදීම සඳහා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව වෙත කැඳවා තිබෙන බව රාජ්‍ය ආයතනවල දූෂණ වංචා පිළිබඳ සොයා බැලීමට පත් කළ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ ප්‍රකාශකයෙකු වාර්තා කළා. ඒ අනුව ලබන මස 08 වන […]
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවැති ඇෆ්ගනිස්තානය සහ බංගලාදේශය අතර පැවැති තරගයෙන් ලකුණු 62 ක ජයක් ලැබීමට බංගලාදේශ කණ්ඩායම සමත් වුණා. එම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලූ 7ක් දැවී ලකුණු 262ක් රැස් කිරීමට සමත්වුණ අතර එම ඉලක්කය හඹාගිය ඇෆ්ගනිස්තාන කණ්ඩායමට පන්දුවාර 47ක් අවසානයේ සියල්ලන් දැවී රැස්කර ගැනීමට හැකි වූයේ […]
ලෝක කුසලාන එක්දින තරඟාවලියේ 31 වන තරගය බංග්ලාදේශ කණ්ඩායම සහ ඇෆ්ගනිස්ථානය අතර අද පැවැත්වෙනවා. තරඟය පැවැත්වෙන්නේ සවුත්හැම්පටන් හිදීයි. තරඟයේ කාසියේ වාසිය දිනාගත් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට බංග්ලාදේශ කණ්ඩායමට ආරාධනා කළා.
විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස ඩුබායි සිට මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගීන් සිව් දෙනෙකු අද(24) උදෑසන කටුනායක ගුවන් තොටුපළේ දී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් හලාවත සහ වෙන්නප්පුව ප්‍රදේශවල පදිංචි විවාහක යුවළ දෙකක් වන අතර, මොවුන් සමඟ වයස අවුරුදු දෙකක පමණ වන දියණියකද සිටි බව රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක […]
කළුතර දිස්ත්‍රික්කයේ රජයේ වෛද්‍යවරු අද (24) මධ්‍යහන 12සිට පැය 24ක් පුරා සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කර ඇති අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ පානදුර සහ හොරණ යන රෝහල්වල අද මෙලෙස මධ්‍යහන 12න් පසු වර්ජනයක නිරත වීමට තීරණය කර ඇති බවයි. අද පෙරවරුවේ කළුතර රෝහලෙන් ආරම්භ කරන […]
අනුරාධපුර නගරාධිපති, තලාව ප්‍රාදේශීය සභාවේ සභාපති, රාජාංගනය ප්‍රාදේශීය සභාවේ උප සභාපති, උතුරු මැද පළාත් සභාවේ හිටපු සභාපති, රාජාංගනය ප්‍රදේශයේ ග්‍රාමනිලධාරීවරයෙක් ඇතුළු සැකකරුවන් 8 දෙනෙකු ඇප මත මුදා හරින්නැයි නීතිඥවරුන් විසින් කළ ඉල්ලීම අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා. අදාළ පුද්ගලයින් 06දෙනා අද(24) තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කර ඇති අතර ඔවුන් සියලු දෙනා ජූලි 8 දක්වා තවදුරටත් රක්ෂිත […]
යහපත් රාජ්‍ය පාලනයක් සඳහා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 18 සහ 19 වන සංශෝධනයන් අහෝසි විය යුතු බව ජනාධිපතිවරයා ඊයේ ප‍්‍රකාශ කළා. 19වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි විය යුතු බවට ජනාධිපතිවරයා කළ ප‍්‍රකාශය ප‍්‍රතික්ෂේප කරන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්තී‍්‍ර හේෂා විතානගේ පවසනවා. ඔහු වැඩි දුරටත් පෙන්වා දෙන්නේ 19වන සංශෝධනය ගෙන ආවේද, ජනාධිපතිවරයාගේ අවශ්‍යතාවයට බවයි. ජනතා විමුක්ති පෙරමුණේ […]
මඩකලපුව පෞද්ගලික විශ්වවිද්‍යාලය පිළිබද නිර්දේශ ඇතුළත් වාර්තාව හෙට (25) රැස්වන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ මහතා පවසනවා. අදාළ විශ්ව විද්‍යාලය පිළිබඳ වාර්තාව අධ්‍යාපන හා මානව සම්පත් සංවර්ධන ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් පසුගිය සිකුරාදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. එම වාර්තාවේ පිටපතක් අද (24) නීතිපති දෙපාර්තමේන්තුවට ද යොමු කරන බව ආශු මාරසිංහ […]
ඒකාබද්ධ විපක්ෂය ඉකුත් දා ප‍්‍රකාශ කළේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර රිෂාඞ් බදියුදීන් ද යළි අමාත්‍යධූරයක දිවුරුම් දීමට වැඩි ඉඩකඩක් පවතින බවයි. නමුත් රිෂාඩ් බදියුදින් සදහන් කළේ තමන්ට එරෙහි පරීක්ෂණ අවසන් වන තුරු කිසිඳු විටෙක යලි අමාත්‍යධූරයක් භාර නොගන්නා බවයි. රිෂාඞ් බදියුදීන්ට අමතරව අසාද් සාලි සහ එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලාට එරෙහිව ඉකුත් දා පොලිස් මූලස්ථානයට පැමිණිලි කිරීමට […]