News Line| Off Air
Generic placeholder image

Mar
12

හිරුණිකාගේ නඩුවක් අපේ‍්‍රල් 24ට කල් යයි

Generic placeholder image

තරුණයෙකු ඩිෆෙන්ඩර් රථයකින් පැහැර ගෙන යාම සම්බන්ධයෙන් සිද්ධියකට අදාළව පාර්ලිමේන්තු මන්ත‍්‍රී හිරුණිකා පේ‍්‍රමචන්ද්‍රට එරෙහිව පවරා ඇති නඩුව ලබන අපේ‍්‍රල් 24 වනදා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය අද (12) නියෝග කළා. මෙම පැහැරගෙන යාම සිදු වුණේ දෙමටගොඩ ප‍්‍රදේශයේදීයි. නඩුව, විනිසුරු ශෂී මහේන්ද්‍රන් ඉදිරියේ අද කැඳවන ලද අතර එහෙත් හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මන්ත‍්‍රීවරිය අධිකරණයේ පෙනී සිටියේ නැහැ. ඇගේ නීතිඥවරයා […]


Mar
12

අංගොඩ ලොක්කාගේ ගෝලයෙක් අත්අඩංගුවට

Generic placeholder image

අංගොඩ ලොක්කා නැමැති පාතාල සාමාජිකයාගේ ගෝලයෙක් මිලි මීටර් 9 වර්ගයේ පිස්තෝලයක් සමඟ අද කොටිකාවත්ත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම වැටලීම සිදු කර ඇත්තේ මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය විසින්. සැකකරු සිය නිවසේ කෙසෙල් පදුරක් අසල මෙම ගිනි අවිය වළ දමා තිබියදී පොලිසිය සොයාගෙන තිබෙනවා. කලක් සමයං නැමැති පාතාල සාමාජිකයාගේ ගෝලයකු වශයෙන් කටයුතු කල සැකකරු […]


Mar
12

වී මිලදී ගැනීමේ ගැටලුවක් නොමැති බවට රජයෙන් ප්‍රකාශයක්

Generic placeholder image

වී මිලදී ගැනීම සඳහා මිලියන 500 ක මුදලක් වෙන් කර ඇති බවයි කෘෂිකර්ම සහ ග්‍රාමීය ආර්ථීක කටයුතු අමාත්‍ය පී. හැරිසන් මහතා සඳහන් කලේ. මෙම කන්නයේ වී මිලදී ගැනීම් සඳහා වී අලවි මණ්ඩලය සඳහා මුදල් ලබා නොදි ලංකාවේ සෑම දිසාපති වරයෙකුටම වී මිලදී ගැනීම සඳහා මුදල් යවා ඇති බවත් අනුරාධපුර සියලුම වී ගබඩා විවෘත කර ඇති […]


Mar
12

උප පොලීස් පරීක්ෂකවරයෙකුට වසර 04 ක සිර දඩුවමක්

Generic placeholder image

රුපියල් 20000 ක මුදලක් අල්ලස් ලබා ගැනීමේ සිද්ධියට වරදකරු වූ උප පොලීස් පරීක්ෂකවරයෙකුට වසර 04 ක සිර දඩුවම් නියම කිරීමට කොළඹ මහාධිකරණය නියෝග කලා. කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කලූආරච්චි මහතා විසින් එම නියෝගය නිකුත් කලේ කහවත්ත පොලිස් මුර පොලේ හිටපු ස්ථානාධිපතිවරයෙකු වන පොලිස් පරීක්ෂකවරයෙකුටයි.


Mar
12

ජල සම්පාදන මණ්ඩලයෙන් දැනුම් දීමක්

Generic placeholder image

පවතින වියළි කාලගුණයත් සමග දෛනික ජල පාරිභෝජනය 10% ත් 15% ත් අතර ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇතිබව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. තවදුරටත් වියළි කාලගුණය පැවතිය හොත්, ජලය ඛෙදා හැරීමේ ගැටලූ‍ ඇතිවීමේ අවදානමක් ඇති විය හැකි බව එම මණ්ඩලය සඳහන් කලා. එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ ජල පරිභෝජනය ඉහල ගොස් ඇති නිසා ජලය භාවිත කිරීමේදී […]


Mar
12

සන්ධානයේ පිරිසක් අයවැයට සහය දෙයි ?

Generic placeholder image

2019 අයවැය ඡන්ද විමසීම අද පස්වරු 5ට පැවැත්වෙනවා. ඒ සඳහා සන්ධානයේ පිරිසක් අයවැයට පක්ෂව ඡන්දය භාවිතා කරන්නේද යන්න දැනගැනීමට සියත 24 සමඟ රැදෙන්න.


Mar
12

ජිනිවා යෝජනාවෙන් ඉවත් වෙන්න

Generic placeholder image

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජිනීවා මානව හිමිකම් සැසිවාරයට ඉදිරිපත් වූ ඒකාබද්ධ යෝජනාවට සහාය දැක්විමෙන් ශ්‍රී ලංකාවට ඉවත්විය යුතු බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි. එක්සත් රාජධානිය, කැනඩාව, ර්ජමනිය, මොන්ටෙනිග්‍රෝ සහ උතුරු මැසිඩෝනියාව යන රටවල අනුග්‍රහයෙන් ලංකාව පිළිබඳව මෙම යෝජනාව ඉදිරිපත් කළේය. මානව හිමිකම් කොමසාරිස්වරිය තමන්ගේ වාර්තාවෙන් ශ්‍රී ලංකාව සම අනුග්‍රහය හරහා පෙර සිටි […]


Mar
12

රවීගෙන් ඉල්ලීමක්

Generic placeholder image

විදුලි බලාගාර ආශ්‍රිත ජලාශයන්ගේ ජල මට්ටම දිනෙන් දිනෙම අඩු වේගෙන යනවා. ඒ නිසා අපි තාපබලාගාර යොදා ගනිමින් තමයි කටයුතු කරන්නේ. ඒ නිසා අරපරිස්සමෙන් විදුලිය පාවිච්චි කරන්න කියලා මම අපේ ලක්ෂ 65 ක් පමණ වූ විදුලි පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටිනවා යැයි විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි. පවතින වියලි කාලගුණික  තත්ත්වය […]


Mar
12

ජනපති වැය ශීර්ෂයට මාස 5ට බිලියන 13.6ක්

Generic placeholder image

මාස 5 කාලයක් සඳහා ජනපති වැය ශීර්ෂයට රුපියල් බිලියන 13.56ක් මෙවර අයවැයෙන් වෙන් කිරීම ගැටලු සහගත කරුණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගෙ බණ්ඩාර මහතා පවසනවා. අයවැය විවාදයට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා. අග්‍රාමාත්‍යවරයාගේ වැය ශීර්ෂයට වෙන් කර ඇත්තේ රුපියල් බිලයන 1.1ක් බවද ඔහු ප්‍රකාශ කළා. කාරක සභා විවාද අවස්ථාවේදී ජනපතිවරයාගේ වැය ශීර්ෂය පිළිබඳව ගතයුතු […]


Mar
12

ආණ්ඩුවේ හපන්කම් 22ක් ගැන මහින්දගෙන් හෙළිදරව්වක්

Generic placeholder image

වත්මන් ආණ්ඩුව රට ගැටලුවකට පත් කර ඇති බව සඳහන් කරමින් විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා වත්මන් ආණ්ඩුව යටතේ ආර්ථිකයට සිදුවූ ගැටුල 23ක් ඉදිරිපත් කළේය. බැඳුම්කර වංචාවේ පාඩුව රුපියල් බිලියන 1000,ආර්ථික වර්ධන වේගය 3%, ආර්ථික වර්ධයෙන් අවසාන ස්ථානයෙන් බේරීම සඳහා ඇෆ්ගනිස්ථානය සමග තරග කිරිම, ඒක පුද්ගල ආදයම ඩොලර් 3980 දක්වා අඩු කරමින් ලංකාව අඩු ආදායම් ලාභි රටක් […]


Mar
12

පොදුජන එක්සත් පෙරමුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් පොලිස් නිලධාරියෙකුගෙන් පහර කා රෝහලේ

Generic placeholder image

පොලිස් නිලධාරියෙකු විසින් සිදුකළ පහරදීමක් හේතුවෙන් නාත්තණ්ඩිය ප්‍රාදේශීය සභාවේ පොදුජන එක්සත් පෙරමුණේ මන්ත්‍රීවරයෙකු මාරවිල මූලික රෝහලට ඇතුළත් වී තිබෙනවා. ඔහු නමින් සිසිල් වික්‍රමසිංහ යි. ඔහු කලක් නාත්තන්ඩිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙසද කටයුතු කර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ ඊයේ පස්වරුවේ මන්ත්‍රීවරයා සහ අදාළ පොලිස් නිලධාරියා අතර මාරවිල නගරයේදී වාහන ගාල් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් […]


Mar
12

ලෝක කුසලානය ජයගැනීමේ වැඩි ඉඩ ඇත්තේ ඉන්දියාව හෝ එංගලන්තයටයි, සංගාගෙන් අනාවැකියක්

Generic placeholder image

මෙවර ලෝක කුසලාන තරගාවලිය ජය ගත හැකි කණ්ඩායම් අතරින් ඉන්දියාව හා එංගලන්තය ඉදිරියෙන් පසුවන බව ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර සඳහන කරනවා. ඒ ගල්ෆ් නිව්ස් පුවත් සේවය හා සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්. මෙහිදි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පිළිබඳව අදහස් දක්වමින් සංගක්කාර සඳහන් කලේශ්‍රී ලංකාව දක්ෂ කණ්ඩායමක් බවත් කාලය ගතවන විට ශ්‍රී ලංකාව හොඳ කණ්ඩායමක් […]


News Articles
Latest Videos
Most Popular Post