News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
3

ආර් සම්බන්ධන් සහ අගමැති මහින්ද රාජපක්ෂ අතර හමුවක්

Generic placeholder image

ආර් සම්බන්ධන් සහ අගමැති මහින්ද රාජපක්ෂ අතර හමුවක් විජේරාම නිවසේදි පැවැත්වෙන බව වාර්තා වෙනවා. මෙය තවමත් නිල වශයෙන් දැනුම් දී නැහැ.


Nov
3

පාර්ලිමේන්තුව කැඳවන්න ජගත් මහලේකම් ජනපතිට කියයි

Generic placeholder image

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සමග ජගත් සංවිධාන මහලේකම් ඇන්ටෝනියෝ ගුටෙරස් දූරකථනයෙන් කළ සංවාදය පිළිබදව එම සංවිධානය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ශ්‍රී ලංකාව තුළ මෑත කාලීනව ඇති වෙමින් පවතින තත්වය පිළිබදව තමන් කනස්සල්ලෙන් පසුවන බව එම තත්ත්වය විස§ම සදහා සියලූ පාර්ශව සමග සංවාදයක් ඇති කිරීමට සහාය ලබාදෙන බවත් මහලේකම්වරයා එහි§ ප්‍රකාශ කළ බව සදහන්. සාමය සුරක්ෂිත […]


Nov
3

අපි චණ්ඩි කතානායක ඉදිරියේදී හෙළ උරුමයෙන් පාර්ලිමේන්තු ආ චම්පික කියයි

Generic placeholder image

එජාපයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා පසුගිය සිකුරාදා (02) පැවති පක්ෂ නායක රැස්වීමකදී ආණ්ඩුකාරවරයා ඉදිරියේ පක්ෂ නායකයින්ට තර්ජනය කරමින් ඉතා අශීලාචාරව හැසිරී තිබෙනවා.


Nov
3

පාර්ලිමේන්තු මන්ත්‍රි රතන හිමිගේ ඡන්දය

Generic placeholder image

පාර්ලිමේන්තු මන්තී‍්‍ර පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවතින දේශපාලන තත්ත්වය පිළිබඳ සිය ස්ථාවරය දැනුම්දීමට සූදානම් වෙනවා. ඒ සඳහා හෙට (04) දිනයේ විශේෂ මාධ්‍ය හමුවක්ද කැඳවා ඇති බවයි වාර්තා වෙන්නේ.


Nov
3

නව අගමැති සහ අමාත්‍යවරු අතර හමුවක්

Generic placeholder image

නව අගමැති සහ අමාත්‍යවරු අතර හමුවක් මේ වන විට අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්වෙනවා. නව ආණ්ඩුවේ ඉදිරි ක්‍රියාමාර්ග මෙමගින් සාකච්ඡා කරන බවයි වාර්තා වන්නේ.


Nov
3

නව සභානායක තනතුරට දිනේෂ්ට

Generic placeholder image

පාර්ලිමේන්තුවේ නව සභානායක ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන පත් කිරීමට තීරණය කර තිබෙන බව රජයේ සම මාධ්‍ය ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා.


Nov
3

පාර්ලිමේන්තුව ලබන 16 වනදාට පෙර කැදවනු ලබන බවට වූ කතාවේ ඇත්ත කතාව

Generic placeholder image

පාර්ලිමේන්තුව ලබන 16 වනදාට පෙර කැදවනු ලැබුවද එය නව සැසිවාරයක් ලෙස ආරම්භ වනු ඇති බව පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවෙල මහතා පවසනවා පසුගිය ඔක්තෝම්බර් 27 වනදා ජනාධිපතිතුමා විසින් පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කළ බැවින් මෙලෙස නව සැසිවාරයක් ආරම්භ කර තිබූ බවයි ඔහු සදහන් කළේ. ඒ අනුව පාර්ලිමේන්තු සම්ප්‍රදායන්ට අනුකූලව නව සැසිවාරය ආරම්භ වනු ඇති බව නියෝජ්‍ය […]


Nov
3

එංගලන්තය සහ ලංකාව අතර පැවැත්වෙන තරඟය ගැන එංගලන්ත නායකගෙන් කණගාටුදායක ප්‍රකාශයක්

Generic placeholder image

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ පැවැත්වෙන පළමු තරඟය තම කණ්ඩායමට තීරණාත්මක බව එංගලන්ත ක්‍රීඩක ජෝ රූට් පවසනවා. ගාලු තණතිල්ල නිරන්තරයෙන්ම ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට වාසි සහගත බවයි ජෝ රූට් පවසන්නේ. ඒ අනුව එම අභියෝගයට මුහුණ දීමට පහසු නොවන බව ජෝ රූට් වැඩිදුරටත් පෙන්වා දෙනවා. ගාලු තරඟය ජයග්‍රහනය කිරීමට ටෙස්ට් තරඟාවලිය පිළිබඳව […]


Nov
3

ආණ්ඩු පෙරළියෙන් පසු වෙනසක්, උතුරේ බෞද්ධ පුරාවස්තු විනාශ කර කෝවිලක් හදන්න ගිය පිරිසට වෙච්ච දේ

Generic placeholder image

බෞද්ධ නටඹුන් විනාශ කිරීමට ගිය පිරිසකට එරෙහිව නීතිය ක්‍රියාත්මක වූ පුවතක් වාර්තා වෙනවා. මේ අනුව වව්නියාව නෙඩුන්කේණි, වෙඩුක්‌කුනාරී බෞද්ධ පුරාවිද්‍යා භූමිය තුළ කෝවිලක් සඳහා නළ ළිඳක්‌ තැනීමට ගිය හින්දු බැතිමතුන් පිරිසක්‌ 01 දා නෙඩුන්කේණි පොලිසිය විසින් දැඩි ලෙස අවවාද කිරීමෙන් පසුව ඒ ස්‌ථානයෙන් ඉවත්කොට තිබේ. පුරාවිද්‍යා ස්ථානයට හානියක් කිරීමට පෙර පොලීසිය ක්‍රියාත්මක වූ නිසා අත්අඩංගුවට […]


Nov
3

මෙන්න තවත් දිවුරුම් දීමක්

Generic placeholder image

ජාතික ඒකාබද්ධතා, සහජීවන සහ මුස්ලිම් ආගමික කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ඒ.එච්.එම් ෆවුසිමහතා මිට සුළු මොහොතකට පෙර දිවුරුම් දී තිබෙනවා


Nov
3

මෙම වසරේ වාර්තාවූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඉහල යයි

Generic placeholder image

මේ වසරේ ගත වූ කාල සීමාව තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 41 301 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඔක්තෝම්බර් මාසයේ ගත වූ දින 25 තුළදී රෝගීන් 1 109 දෙනෙකු වාර්තා වී ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකය පැවසුවේ. වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ කොළඹ දිස්ත‍්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 7 803 ක්. ගම්පහ කලූතර යාපනය මහනුවර […]


Nov
3

හෙරොයින් ලග තබාගෙන සිටි 4ක් අත්අඩංගුවට

Generic placeholder image

හෙරොයින් ලඟ තබාගෙන සිටි කාන්තාවක් ඇතුළු පුද්ගලයින් සිව් දෙනෙකු ප්‍රදේශ කිහිපයකදී අත්අඩංගුවට ගෙන ඇත. කෙසෙල්වත්ත, ගල්වල වත්ත ප්‍රදේශයේ සහ අලුත්කඩේ ප්‍රදේශයෙන් හෙරොයින් ග්‍රෑම් 03යි මිලිග්‍රෑම් 60ක් ලඟ තබාගෙන සිටි පුද්ගලයෙකු සහ හෙරොයින් ග්‍රෑම් 02යි මිලි ග්‍රෑම් 790ක් ලඟ තබාගෙන සිටි පුද්ගලයෙකුද අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් උනා.මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 23 හැවිරිදි හා 31 හැවිරිදි පෙතියාගොඩ […]


News Articles
Latest Videos
Most Popular Post