News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
3

රාජිත ගන්න යන අමාත්‍යධූරය ගැන නිවේදනයක්

Generic placeholder image

තමන් නව රජයේ අමාත්‍ය ධුරයක් ලබා ගැනීමට සූදානමින් සිටින බවට පළ වන වාර්තා සියල්ලම අසත්‍ය බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර රාජිත සේනාරත්න පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් ඔහු පෙන්වා දෙන්නේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී කිසිදු කුමන්ත‍්‍රණයකට තමා කිසිවිටෙකත් අනුබල නොදෙන බවයි. අමාත්‍ය ධුර ලබාගෙන ප‍්‍රජාතන්ත‍්‍රවාදය පාවාදීමට තමන් කටයුතු නොකරන බවයි රාජිත සේනාරත්න මන්තී‍්‍රවරයා සිය නිවේදනයෙන් පෙන්වා දී ඇත්තේ. මේ අතර […]


Nov
3

දෙමළ සන්ධානයේ මන්ත්‍රිවරුන් 5 දෙනෙකුගේ සහය නව අගමැතිට ?

Generic placeholder image

දෙමළ ජාතික සන්ධානයෙන් වෙන්ව ස්වාධීනව කටයුතු කරනු ලබන වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවශක්ති ආනන්දන් මහතා පවසන අන්දමට දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සිවුදෙනෙකු ඉදිරි දින දෙක ඇතුළතදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සහය පලකිරීම සදහා එක්වීමට ඉඩ කඩ ඇත. එතුමා තව දුරටත් ප්‍රකාශ කර සිටියේ ඔහුද ඉදිරි දින වලදී නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සහය පලකිරීමට […]


Nov
3

ප්‍රවේශම් වන්න..! සුළි කුණාටුවක් අත ලඟ

Generic placeholder image

ඉදිරි දින කිහිපය තුලදී ශ්‍රී ලංකාවේ උතුරු හා නැගෙනහිර පළාත් වලට සුළි කුණාටුවක බලපෑමක් එල්ල වීමේ හැකියාවක් ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ වන විට ශ්‍රී ලංකාවවේ සිට කිලෝමීටර් 1500 ක් ගිනිකොණ දෙසින් ඉන්දුනීසියාවට ආසන්නයේ අඩු පීඩන තත්ත්වයක් වර්ධනය වෙමින් පවතින බවත් එය මෙම මස 5 වනදා වන විට ශ්‍රී ලංකාව දෙසට ගමන් කරනු […]


Nov
3

ඉන්ධන මිල පහතට

Generic placeholder image

ලංකා ඉන්දියන් ඔයිල් සමාගම ද අද මධ්‍යම රාත‍්‍රියේ සිට ක‍්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල පහත දමා තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම සඳහන් කළේ, ඔටෝ ඞීසල් ලීටරයක මිල රුපියල් 11 කින් පහළ දමා ඇති බවයි. ඒ අනුව ඔටෝ ඞීසල් ලීටරයක නව මිල රුපියල් 118 ක් ඔක්ටේන් 92 වර්ගයේ පෙට‍්‍රල් ලීටරයක මිල පහත දමා ඇත්තේ රුපියල් […]


Nov
3

අග‍්‍රමාත්‍ය ආරක්ෂක කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයාට දුන් නියෝගය අහෝසියි

Generic placeholder image

අග‍්‍රමාත්‍ය ආරක්ෂක කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා සාමාන්‍ය රාජකාරි සඳහා අනියුක්ත කිරීමට පොලිස්පතිවරයා නිකුත් කළ විශේෂ පොලිස් පණිවුඩය අවලංගු කරන ලෙස ජාතික පොලිස් කොමිෂන් සභාව නියෝග කර ඇතැයි වාර්තා වනවා පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග සදහන් කළේ අදාළ පත් කිරීම සඳහා ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය ලබා ගෙන නොතිබීම හේතුවෙන් එම පියවර ගෙන ඇති බවයි අග‍්‍රාමාත්‍ය ආරක්ෂක කොට්ඨාසයේ ස්ථානාධිපති […]


Nov
3

ඇමරිකාව, ඉරානයට එරෙහිව නැවත සම්භාදක පැනවීමට සුදානමින්

Generic placeholder image

ඉරානයට එරෙහිව යළි සම්බාධක පැනවීමට ඇමෙරිකා එක්සත් ජනපදය මේ වන විට සුදානමින් සිටිනවා ලබන 05 වනදා සිට මෙම සම්බාධක ක‍්‍රියාත්මක කිරීමට නියමිතයි 2015 වසරේදී බරක් ඔබාමාගේ පාළන සමයේදී ඉරානය සමග ඇති කරගනු ලැබූ න්‍යෂ්ටික ගිවිසුම යටතේ ඉවත් කරනු ලැබූ සම්බාධක මෙලෙස යළි පැනවීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් පියවර ගෙන තිබෙනවා ඉරානයේ බලශක්ති, නාවික සහ බැංකු […]


Nov
2

නීතිපති දේපාර්තමේන්තුවට STF ආරක්ෂාව

Generic placeholder image

නීතිපති දෙපාර්තමේන්තුවට පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව ලබාදී තිබෙනවා.එම දෙපාර්තමේන්තුව පොලිස්පතිවරයාගෙන් කරන ලද ඉල්ලීමකට අනුව මෙලෙස ආරක්ෂාව ලබාදුන් බවයි පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් කියා සිටියා.


Nov
2

එජාපෙට ඉන්නේ මන්ත්‍රී 93යි ඉතින් කොහෙද බහුතරයක් ආණ්ඩුව කියයි

Generic placeholder image

පාර්ලිමේන්තු සංකීර්ණයේ අද (02) පැවැති පක්ෂ නියෝජිත හමුවට සහභාගි වී ඇත්තේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් 93 දෙනෙකු පමණක් බව ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් පවසනවා. ඔවුන් මේ බව කියා සිටියේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ අද (02) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.ඉදිරියේදි අද රැස්වීමට නොපැමිණි මන්ත්‍රීවරුන් ඇමතිධූරවල දිවුරුම් දීමක් සිදුවිය හැකි බවට වැඩි දුරටත් ඔවුන් පෙන්වා දුන්නා.


Nov
2

මහින්ද – මෛත්‍රී මාස හතරක් සාකච්ඡා කරලා

Generic placeholder image

මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දීමට ප්‍රථමව මාස 4ක කාලයක් සාකච්ඡා කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කර තිබෙනවා. ඉන්දියාවේ NDTV රූපවාහිනී සේවයේ මාධ්‍යවේදී ශ්‍රීනිවාසන් ජයින් සිය ට්විටර් ගිණුමට මේ බව ප්‍රකාශ කර ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාවද උපටුා දක්වමිනි.


Nov
2

අදත් නව කැබිනට් ඇමතිවරු දිවූරුම් දෙයි

Generic placeholder image

නව කැබිනට් තවත් අමාත්‍යවරු කිහිප දෙනෙක් හා රාජ්‍ය අමාත්‍යවරු කිහිපදෙනෙක් සහ නියෝජ්‍ය අමාත්‍යවරු කිහිපදෙනෙක් මීට ටික වේලාවකට පෙර ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය. කැබිනට් අමාත්‍යවරු එස්.බී නාවින්න මහතා (UNP)    – සංස්කෘතික කටයුතු, අභ්‍යන්තර කටයුතු හා ප්‍රදේශීය සංවර්ධන අමාත්‍ය එස්. වියාලේන්ද්‍රන් (TNA)-   ප්‍රදේශීය සංවර්ධන,(නැගෙනහිර සංවර්ධන) නියෝජ්‍ය අමාත්‍ය තව තොරතුරු […]


Nov
2

රිෂාඩ්ගේ පක්ෂයේ සහය රනිල්ට

Generic placeholder image

සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ සහාය හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමට තීරණය කර තිබේ. එම පක්ෂයේ මන්ත්‍රීවරු පස් දෙනෙක් පාර්ලිමේන්තුව නියොජනය කරයි. මේ අතර ඔහු තව දුරටත් කියාසිටියේ ඔවුන්ගේ තීරණය වෙනසක් නොවන බවයි.


Nov
2

එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ජනපතිට දුරකථන ඇමතුමක් දීලා කියපු දේ

Generic placeholder image

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටාරෙස් මහතා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා දුරකතනයෙන් සම්බන්ධ කරගෙන තිබේ. එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා සිය නිල ට්විටර් ගිණුමෙන් මේ සම්බන්දව අදහස් පල කර තිබුනා. එහි සදහන් වන ආකාරයට ශ්‍රී ලංකාවේ නිතිය ස්ථාපිත කරමින් ජනතාවගේ ආරක්ෂාව තහවුරු කරන ලෙසට ඇන්ටෝනියෝ ගුටාරෙස් මහතා ඉල්ලා තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post