News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
2

රාජිතට සෞඛ්‍ය අමාත්‍යංශය දුන්නොත් වෛද්‍ය වැඩ වර්ජනයක්

Generic placeholder image

නව රජයේ සෞඛ්‍ය අමාත්‍යධූරය වෛද්‍ය රාජිත සේනාරත්න මහතාට ලබා නොදෙන ලෙසත් එවැනි පත් කිරීමක් සිදුකලහොත් ඒ මොහොතේ සිටම නැවත දැනුම්දීමකින් තොරව සමස්ථ දිවයිනම ආවරණය වන වැඩ වර්ජන ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව දන්වමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලිපියක් යොමු කර තිබේ. තවද මේ වන විටත් රාජිත සේනාරත්න හිටපු අමාත්‍යවරයාගේ ක්‍රියාකාරීත්වයට විරෝධය […]


Nov
2

පාඨලී බස්නාහිර හා මහානගර සංවර්ධන අමාත්‍යාංශයට ගිහින් වුන දේ / වීඩියෝ සහිතයි

Generic placeholder image

බස්නාහිර හා මහානගර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පිකර රණවක මහතා ඔහු කටයුතු කළ බස්නාහිර හා මහා නගර සංවර්ධන අමාත්‍යාංශය වෙත ගොස් එහි නිලදාරීන් සමග සාකච්ඡා කර ඇත. එහිදී ඔහු පවසා ඇත්තේ අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ ධූරයෙන් පහ කිරීම, මහින්ද රාජපක්ෂ මහතා අගමැති ලෙස පත්කිරීම, හා කැබිනට මණ්ඩලය විසුරුවා හැරිම කියන කරුණු බලරහිත නීති විරෝධි නියෝග බව […]


Nov
2

ආණ්ඩු පෙරළියෙන් පසු ඩොලරය පහල බසී

Generic placeholder image

ඊයේ (02) දිනයේ දී ඩොලරයක ගැණුම් මිල රු. 173.4281 ක් හා විකුණුම් මිල රු. 177.3261 ක් වශයෙන් සටහන් විය. එය මෙතෙක් ඉතිහාසයේ එක්සත් ජනපද ඩොලරයක් වෙනුවෙන් නියම වූ වැඩිම රුපියල් අගය ලෙසින් වාර්තා විය. නමුත් මේවන විට ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත සටහනට අනුව අද (02) දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල […]


Nov
2

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි අත්අඩංගුවට ගැනීමට නියෝගයක්

Generic placeholder image

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණවර්ධන මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නියෝග කර තිබේ. තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන යෑමේ සිදූවීම සහ එම සිදුවීමේ සැකකරුවෙක් වෙන ලුතිනන් කමාන්ඩර් ප්‍රසාද් හෙට්ටිආරච්චි නොහොත් ‘නේවි සම්පත්’ නැමැත්තාට සැඟවීමට ආධාර අනුබල ලබාදීම ඔහුට එල්ලවී ඇති චෝදනායි.


Nov
2

බස් ගාස්තු අඩුවෙයිද?

Generic placeholder image

ඉන්දන මිල අඩු වීමත් සමගම එහි වාසිය මගීන්ට ලබාදීම සම්බන්ධයෙන් ‍ප්‍රවාහන බලධාරින් සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව බස් සංගම් පවසයි. ලබන 07 වනදා ජාතික ගමනා ගමන කොමිසම් සභාව සමඟ ඒ පිළිබඳ සාකච්ඡාවක් පවත්වන බව සමස්ත ලංකා බස් සමාගම් සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම් අන්ජන ප්‍රියංජිත් මහතා ප්‍රකාශ කර සිටියා.


Nov
2

සුබ ආරංචියක් බහුතරය UNPයට රන්ජන්ගේ මුහුණුපොතේ සටහන මෙන්න

Generic placeholder image

අද දවසේ පාර්ලිමේන්තුවට එකතුවෙච්ච පක්ෂ හතරක මන්ත්‍රීවරුන් නැවත පාර්ලිමේන්තුව කැදවීමේ දිනය පිළිබදව කතානායකවරයා සමග කතාබහ කලා. පසුව ඒ පිළිබදව මන්ත්‍රීවරුන්ගෙන් මතය විමසු අවස්ථාවේ බහුතර මතය වූයේ පාර්ලිමේන්තුව වහා කැදවිය යුතු බවයි. මේ ඒ අවස්ථාවේ රන්ජන් රාමනායක තමන්ගේ මුහුණු පොතට එක්කල සටහනයි.


Nov
2

පාර්ලිමේන්තුව නැවත කැදවන්න මන්ත්‍රීන් 118කගේ සහය

Generic placeholder image

පාර්ලිමේන්තුව නැවත කැඳවීමට අදාළව එක්සත් ජාතික පක්ෂයේ අජිත් පෙරේරා මන්ත්‍රීවරයා ඉදිරිපත් කළ යෝජනාව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා විසින් සම්මත කරනු ලැබුවා. එම යෝජනාව සදහා මන්ත්‍රී 118ක් අත්සන් කර ඇති බව එක්සත් ජාතික පක්ෂය සඳහන් කරයි


Nov
2

අද දිනයේත් ඇමතිවරු දිවුරුම් දෙනවා ඇමති නිමල් සිරිපාල කියයි

Generic placeholder image

අද දිනයේදීත් ඇමතිවරුන් පිරිසක් දිවුරුම් දීමට නියමිත බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල පවසනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ ලබන සඳුදා නව අමාත්‍ය මණ්ඩලය රැස්වන බවයි.


Nov
2

පොලිසියත් ජනපති යටතට

Generic placeholder image

අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා පොලීසිය මේ වන විට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා යටතේ පවතින බව අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා පැවැසීය.


Nov
2

ගෝඨා අරලියගහ මන්දිරයට ආ ඇත්තම හේතුව හර්ෂ ද සිල්වා කියයි

Generic placeholder image

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ මහතා අතර ඊයේ පස්වරුවේ සිදුවූ හමුව පිළිබද හිටපු අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා සිය නිළ ට්විටර් ගිණුම ඔස්සේ අදහස් පල කර තිබුනා. ඔහු සඳහන් කරන අන්දමට ගෝඨාභය රාජපක්ෂ මහතා විමසා තිබෙන්නේ මෙම දේශපාලන අර්බුදය විසඳාගැනීමට පාර්ලිමේන්තුව හැර වෙන ක්‍රමයක් තිබෙනවාද යන්නයි.  


Nov
2

පාලිත රංගේබණ්ඩාරට ඩොලර් මිලියන 2.8 වටින පක්ෂ මාරු කිරීමේ යෝජනාවක්

Generic placeholder image

පක්ෂ මාරු කිරීම වෙනුවෙන් තමන්ට ඩොලර් මිලියන 2.8ක ලංසුවක් පැමිණි බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගෙ බණ්ඩාර මහතා පවසනවා. ඔහු කථානායක කරු ජයසූරිය මහතාට මේ බව පාර්ලිමේන්තුවේදී පැවැසූ බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා පවසයි. එසේම තමන් මේ පිළිබඳව අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවට පැමිණිලි කරන බවත් මන්ත්‍රීවරයා සඳහන් කර […]


Nov
2

එජාප සහ ජවිපෙ මන්ත්‍රීවරු පාර්ලිමේන්තු එයි | පාර්ලිමේන්තුව ලබන 7වෙනිදා කැදවන බවට ආරංචි

Generic placeholder image

ලබන 07 වනදා පාර්ලිමේන්තුව කැදවීමට හැකියාවක් පවතින බව කතානායක කරූ ජයසූරිය මහතා මීට සුලූ මොහොතකට පෙර දැනුම් දී තිඛෙනවා ඒ පාර්ලිමේන්තුවේ දැන් පැවැත්වෙන පක්ෂ නියෝජිත රැස්වීමකට සහභාගී වෙමින් පාර්ලිමේන්තුව කැදවීමේ හැකියාව පිළිබදව අද පස්වරුවේ පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමේ දී තීරණයක් ගන්නා බවයි කතානායකවරයා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ පාර්ලිමේන්තුවේ දැන් පැවැත්වෙන පක්ෂ නියෝජිත රැස්වීමට එක්සත් […]


News Articles
Latest Videos
Most Popular Post