දුම්රිය තාක්ෂණ සේවා වෘත්තීය සමිති හෙට දින ක්‍රියාත්මක කිරීමට නියමිත වැඩවර්ජනය සම්බන්ධයෙන් මේ වන විට සාකච්ඡාවක් පැවැත්වෙනවා. ඒ ප්‍රවාහන අමාත්‍යංශයේදීයි. එහිදී දුම්රිය තාක්ෂණ සේවා වෘත්තිකයන්ගේ ගැටලු වලට විසඳුම් ලබා දීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් කෙරෙන බවයි වාර්තා වන්නේ. දුම්රිය තාක්ෂණ සේවා වෘත්තීය සමිතියේ සභාපති සම්පත් රාජිත මහතා කියා සිටියේ එම සාකච්ඡාවේදී සිය ගැටලු සඳහා විසඳුම් ලැබුනහොත් හෙට […]
තරඟ පාවා දීම සම්භන්ධයෙන් අල් ජසීරා රූපවාහිනිය සිදු කල වැඩසටහන පිළිබදව ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබදව දැනුවත් කිරිමේ මාද්‍ය හමුවක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දී දැන් පැවැත්වෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් උප සභාපති මොහාන් ද සිල්වා මහතා ඇතුලූ නිළධාරීන් පිරිසක් ඊට එක්ව සිටින අතර ඒ පිළිබච වැඩි විස්තර දැන ගැනීමට අප දැන් සම්භන්ධ කර ගන්නවා එහි සිටින […]
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ධූරය සඳහා එම ආයතනයේ වත්මන් සභාපති තිලංග සුමතිපාල මහතා තරඟ කිරීම වළක්වාලමේ තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු ලේකම්වරයකු මෙන්ම වත්මන් නිලවරණයේදී සභාපති ධුරය සඳහා තරග කරන අපේක්ෂකයෙකු වන නිශාන්ත රණතුංග මහතා විසින්. එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් […]
හිටපු සංස්කෘතික රාජ්‍ය අමාත්‍ය පාර්ලිමේන්තු මන්තී‍්‍ර ටී. බී. ඒකනායක මහතා අද පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාසය හමුවට කැඳවා තිබුණා. ඒ, වාහන අවභාවිතයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහායි. මන්තී‍්‍රවරයා අද පෙරවරු 10 ට පමණ පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණ අදාළ ප්‍රකාශය ලබාදී තිබුණා. ඔහුට සහය පළ කිරීම සඳහා ආණ්ඩුවෙන් ඉවත් වු මන්ත්‍රීවරුන් 16 දෙනා එම ස්ථානයට පැමිණි […]
ජල සම්පාදන මණ්ඩලයේ සේවකයින් අද පෙරවරු 09 00 සිට පැය 04 ක විරෝධතාවයක් ආරම්භ කර තිබෙනවා. ඒ රජය විසින් පොරොන්දු වූ පරිදි වාර්ෂික වැටුප් වැඩි වීම මැයි මස වැටුප සදහා එක් නොකිරිමට විරෝධය පල කරමින්. රත්මලානේ පිහිටි ජල සම්පාදන මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට මෙම විරෝධතා ක්‍රියාමාර්ගය ආරම්භ කර තිබෙනවා. ඊට රත්මලාන, දෙහිවල, මොරටුව කොට්ඨාසවල සියලූ […]
අත්තනගලූ ඔයේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ ජා – ඇළ දෙපස වේලිවලට ඉහළින් ජලය පිටාර ගලමින් පවතින බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. එහි සහකාර අධ්යක්ෂ අජිත් නිශාන්ත මහතා සඳහන් කළේ, එය වැළැක්වීම සඳහා මේ වනවිට වැලි කොට්ට ඇතිරීම ආරම්භ කර ඇති බවයි. ගංවතුර තත්ත්වය ඉහළ යාම පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසයි ජා – ඇල […]
දිවයිනේ ප්‍රදේශ රැසකට බලපෑ ගංවතුර තත්වය පහව යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. කෙසේවෙතත් මහඔය පිටාර ගැලීම හේතුවෙන් ගිරිඋල්ල ප්‍රදේශයටත්, ගිං ගඟ පිටාර ගැලීම හේතුවෙන් ඇල්ලගාව ප්‍රදේශයටත්, කැලණිගඟ පිටාර ගැලීම හේතුවෙන් හංවැල්ල ප්‍රදේශයටත් තවදුරටත් ගංවතුර අවදානම පවතින බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ. මිල්ලකන්ද, බද්දේගම, බඩල්ගම, දූනමලේ යන ප්‍රදේශවලට බලපෑ ගංවතුර තත්වය තවදුරටත් පවතිනවා. සෙසු බොහෝ ප්‍රදේශවල […]
තබ්බෝව ජලාශයේ වාන් දොරටු විවෘත කිරීම හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ ජල ගැලීම් තත්ත්වය තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා. පුත්තලම දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කළේ, මේ වන විට නාත්තන්ඩිය, මහවැව, වෙන්නප්පුව, දංකොටුව, මාදම්පේ, කළුවරගස්වැව ඇතුළු දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැුසක දැඩි ගංවතුර තත්ත්වයක් පවතින බවයි. පුත්තලම දිස්ත්‍රික්කය හරහා ගලා බසින මාඔය, ලූණුඔය හා රතඹලාඔය ද පිටාර ගලා ඇති බවයි […]
කැලණි ගඟ හරහා ඉදිකර ඇති කඩුවෙල පාලම වෙනුවට වෙනත් තාවකාලික පාලමක් ඉදිකිරීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා. ඒ ශ්‍රී ලංකා පාබල හමුදාවේ භට පිරිස් මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරින් විසින්. මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කලේ කඩුවෙල පාලම දෙපස ඉවුර ඛාදනය වී පස්බැම්ම කැඩියාමේ අවධානමක් පවතින බැවින් එම තාවකාලික පාලම ඉදි කරන බවයි. එම පාලම අවට පස් බැම්ම […]
අයහපත් කාලගුණයෙන් හටගත් ආපදා තත්වයන් හේතුවෙන් මිය ගිය පුද්ගලයන් සංඛ්‍යාව මේ වනට 17ක් දක්වා ඉහල ගොස් තිබෙනවා. පොලීසිය පැවසුවේ ඉන් පුද්ගලයන් 7 දෙනෙකු අකුණු සැර වැදීම් වලින් මිය ගොස් ඇති බවයි. දියේ ගිලීම් හේතුවෙන් පුද්ගලයන් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර පස් කදු කඩා වැටීම් හේතුවෙන් පුද්ගලයන් දෙදෙනෙකු මිය ගොස් තිබෙනවා. ගස් කඩා වැටීම් හේතුවෙන් […]
මාදම්පේ ගල්මුරුව ප්‍රදේශයේ සැඩ පහරට හසු වීමෙන් පොලිස් නිලධාරියෙකු අතුරුදන් වී තිබෙනවා. පොලීසිය පැවසුවේ සැඩපහරට හසුවූ පුද්ගලයන් පිරිසක් බේරා ගැනීමට යාමේදී එම පොලිස් නිලධාරියා සැඩ පහරට හසුවී ගසාගෙන ගොස් ඇති බවයි. අදාල නිලධාරියා සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි. මේ අතර අධික වැසි සහිත තත්වය හේතුවෙන් ලක්ෂපාන ජලාශයේ එක් වාන් දොරටුවක් විවෘත කර තිබෙනවා. පස් කඳු කඩා වැටීම් […]
අන්තර් පාසල් රග්බි ශූරතා තරඟාවලිය ඉදිරි සතියේ ආරම්භ වන බව ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා පවසනවා. අන්තර් පාසල් ලීග් රග්බි තරඟාවලියේ ඉදිරි තරඟ තාවකාලිකව කල් දැමීමට ක්‍රීඩා අමාත්‍යවරයා තීරණය කලේ පසුගිය 23 වනදායි. පාසල් රග්බි තරඟ වලින් අනතුරුව ප්‍රෙක්ෂකයන් අතර ඇති වු ගැටුම් හේතුවෙන් එම තීරණය ගෙන තිබුණා. අදාළ සිදුවීම් පිළිබඳව ශ්‍රී ලංකා රග්බි පාපන්දු […]