News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
31

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සියලු බලතල දෙන්නේ කාටද? ක්‍රීඩා ඇමතිගේ තීරණය මෙන්න.

Generic placeholder image

ක්‍රිකට් නිලවරණය යළි පැවැත්වෙන තෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සියලූ‍ බලතල සහ වගකීම් ක්‍රීඩා අමාත්‍යංශ ලේකම් කමල් පද්මසිරි මහතා යටතට පත් කරන්න ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා තීරණය කරා. අද රාත්‍රියේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීයි ඇමතිතුමා මේ බව කිවුවේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වත්මන් සභාපති තිලංග සුමතිපාල මහතා ප්‍රමුඛ පරිපාලනයේ නිල කාලය අද මධ්‍යම රාත්‍රියේ අවසන් […]


May
31

සමාජ වෙබ් අඩවි තහනම් කරන බවට ජනපතිගෙන් රතු එළියක්

Generic placeholder image

සමාජ වෙබ් අඩවි තුලින් සිදුවන අනිසි ක‍්‍රියාවන් පාලනය කිරීමට ඊට අදාල පාර්ශවයන් කටයුතු නොකරන්නේ නම් සියලූ විරෝධතා නොතකා සමාජ වෙබ් අඩවි මෙරට තුල සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට පියවර ගන්නා බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. ජනාධිපතිතුමා මේ බව ප‍්‍රකාශ කලේ අද වත්තල නව අධිකරණ සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින්. SIYATHA FM TOP STORY | 06:30 PM […]


May
31

ඇලෝසියස්ගෙන් ගත් මුදල් පොලිය සමග ගෙවනවා – ෆොන්සේකා කියයි

Generic placeholder image

පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස්ගෙන් මුදල් ලබා ගත් බව කියන 118 දෙනා අතරට අයත් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් මන්ත‍්‍රී ධූර වලින් ඉල්ලා අස්විය යුතු බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී නිමල් ලංසා මහතා පවසනවා. මන්ත‍්‍රීවරයා මේ බව ප‍්‍රකාශ කලේ අද මාධ්‍ය වෙත අදහස් දක්වමින්. මේ අතර පසුගිය මැතිවරණයේදී අර්ජුන් ඇලෝසියස්ගෙන් ලබා ගත් මුදල් නැවත පොලිය සමග ලබා දීමට සූදානම් […]


May
31

පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම සඳහා වන චක‍්‍රලේඛය අන්තර්ජාලයට

Generic placeholder image

2019 වසර සඳහා පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම සඳහා වන චක‍්‍රලේඛය නිකුත් කර තිබෙනවා. අදාළ සියලූ උපදෙස් අධ්‍යාපන අමාත්‍යංශයේ www.moe.gov.lk වෙබ් අඩවියෙන් ලබාගත හැකියි. එම උපදෙස් අනුව සකස් කළ අයදුම්පත‍්‍ර ලබන මස 30 වනදාට පෙර තමන්ට අදාළ පාසල් වල ප‍්‍රධානීන් වෙත ලියාපදිංචි තැපෑලෙන් යොමු කළ යුතු වනවා. පළමු ශ්‍රේණියේ සමාන්තර පංතියක සිටිය හැකි උපරිම […]


May
31

ජල විදුලි උත්පාපදනය ඉහළට

Generic placeholder image

ජල විදුලි නිශ්පාදනය ඉහල නංවා තිබෙනවා. ඒ පසුගිය දින වල ඇද හැලූනු වර්ෂාවත් සමග ජල විදුලි බලාගාර ආශි‍්‍රත ජලාශ වල ජල මට්ටම් ඉහල යාම හේතුවෙන්. වික්ටෝරියා, මාවුස්සාකැලේ, රන්දෙණිගල ඇතුලූ ජලාශ වල ජල මට්ටම් මේ වන විට 81% ක මට්ටමේ පවතිනවා. ඒ අනුව දෛනික විදුලි අවශ්‍යතාවයෙන් 60% ක් ජල විදුලි බලාගාර වලින් උත්පාදනය කරන බවයි විදුලි […]


May
31

කොදෙව් දේශයේදී චන්දිමාල් යළි අවදි වෙයි. පළමු දිනයේදීම ශතකයක්. කුසල්ගෙන් 4 වැස්සක්.

Generic placeholder image

කොදෙව්වන් සමඟ ටෙස්ට් තරඟාවලියට කලින් පුහුණු තරඟය ඊයේ ආරම්භ වුණා. තරඟය පැවැත් වුණේ කොදෙව් ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම එක්ක. කාසියේ වාසිය දිනා ගත්ත චන්දිමාල් මුලින්ම පන්දුවට පහර දෙන්න තීරණය කරා. ඒ තීරණයට සාධාරණයක් ඉටු කරන්න චන්දිමාල්ටම පුළුවන් වුණා. යවපු පළමු පන්දුවෙන්ම කුසල් මෙන්ඩිස් දැවී ගියා. ඊට පස්සේ පිටියේ එක්වුන නායක චන්දි සහ කුසල් ජනිත් 2 වෙනි […]


May
30

ක්‍රිකට් ආයතනයේ නිලවරණයට අතුරු තහනම් නියෝගයක්

Generic placeholder image

හෙට පැවැත්වීමට නියමිතව තිබූ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් නිලවරණය ලබන මස 14 වනදා තෙක් අත්හිටුවමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. ඒ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් නිලවරණය වලක්වාලන ලෙස ඉදිරිපත් කල පෙත්සමක් සැලකිල්ලට ගනිමින්. යලිත් එම පෙත්සම සලකා බැලීම ලබන 14 වනදා සිදු කිරීමට නියමිතයි. ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ හිටපු ලේකම්වරයකු මෙන්ම වත්මන් නිලවරණයේදී සභාපති ධුරය […]


May
30

ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව දකුණේ වෛරසයට ඖෂධ මිලදී ගන්න කැබිනට් අනුමැතිය

Generic placeholder image

දකුණු පළාත තුල පැතිර යන වෛරස් රෝගය පාලනය කිරීමට අවශ්‍ය ඖෂධ ටෙන්ඩර් පටිපාටියකින් බැහැරව මිලදී ගැනීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. ඒඅ ද කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී. ඊට අදාල යෝජනාව අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇත්තේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා විසින්. අදාල වෛරස් රෝගය කඩිනමින් පාලනය කර දකුණු පළාතේ කුඩා දරුවන් ඇතුලූ […]


May
30

නාමල් රාජපක්ෂගේ නඩුවේ වැඩිදුර හරස් ප‍්‍රශ්න විමසීම හෙටට කල් යයි

Generic placeholder image

පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් හයදෙනෙකුට එරෙහිව ගොනු කර ඇති නඩුවේ වැඩිදුර හරස් ප‍්‍රශ්න විමසීම හෙට දිනට කල් තබා තිබෙනවා. ඒ අදාල නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් අබේකෝන් මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීයි. සියත අධිකරණ වාර්තාකරු පැවසුවේ එහිදී රජයේ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා ගේ මෙහෙයවීම යටතේ බොස්ටන් කැපිටල් නැමැති සමාගමේ සභාපති ලෙස […]


May
30

මහින්ද දේශපි‍්‍රය විසින් ජනාධිපතිතුමාට සහ අග‍්‍රාමාත්‍යවරයාට විශේෂ ලිපියක්.

Generic placeholder image

පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීමට අදාළ කටයුතු සම්පාදනය කරන ලෙස ඉල්ලා මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශපි‍්‍රය මහතා ජනාධිපතිතුමාට සහ අග‍්‍රාමාත්‍යවරයාට ලිපි යොමුකර තිබෙනවා. සබරගමුව උතුරුමැද සහ නැගෙනහිර පළාත් සභාවල නිල කාලය දැනටමත් අවසන් වී ඇති නමුත් එම මැතිවරණ මෙතෙක් පැවැත්වීමට කටයුතු යොදා නොමැති බවයි එම ලිපියේ සඳහන්ව ඇත්තේ. එමෙන්ම වයඹ, මධ්‍යම, උතුර සහ දකුණු පළාත් […]


May
30

ට‍‍්‍රම්ප් හා කිම් ජොන් අන් අතර පැවැත්වීමට නියමිත හමුවට අවශ්‍ය මූලික හමුව අද

Generic placeholder image

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට‍‍්‍රම්ප් හා උතුරු කොරියා නායක කිම් ජොන් අන් අතර පැවැත්වීමට නියමිත හමුවට අවශ්‍ය මූලික පහසුකම් සැපයීමේ සාකච්චා අද පැවැත්වීමට නියමිත බව වාර්තා වනවා. ඒ සදහා ඇමෙරිකා රාජ්‍ය ලේකම් මයික් පොම්පේ ඇතුලූ ඉහළ පෙලේ නිලධාරීන් උතුරු කොරියාවට පැමිණ ඇත්තේ ඊයේ දිනයේදීයි. උතුරු කොරියා – ඇමරිකා සමුළුවට පෙර ජනාධිපති ඩොනල්ඞ් ට‍‍්‍රම්ප් ජපාන අග‍‍්‍රාමාත්‍ය ෂින් […]


May
30

රුහුණු කතරගම ඇසළ මංගල්‍යයට අදාළව කප් සිටුවීම අද

Generic placeholder image

රුහුණු කතරගම ඇසළ මංගල්‍යයට අදාළව කප් සිටුවීම අද අලූයම 05:45 ට යෙදුණු සුබ මොහොතින් සිදු කෙරුණා. මෙම අවස්ථාවට වැඩ බලන බස්නායක නිලමේ දිල්රුවන් රාජපක්ෂ ඇතුලූ කපු මහත්වරුන් සහ බැතිමතුන් එක්ව සිටියා. මෙවර රුහුණු කතරගම ඇසළ මංගල්‍යය ජූලි 13 වනදා ආරම්භ වන අතර මහපෙරහර වීදි සංචාරය කිරීම ජූලි 28 වනදා සිදු කිරීමට නියමිතයි. එමෙන්ම දිය කැපීමේ […]


News Articles
Latest Videos
Most Popular Post