News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
13

රුහුණු කතරගම දේවාලයේ බස්නායක නිලමේ ධූරය වෙනස් වෙයි.

Generic placeholder image

රුහුණු කතරගම දේවාලයේ බස්නායක නිලමේ ධූරය හෙබවූ D.K කුමාරගේ මහතාගේ එම ධූරය තාවකාලිකව අත්හිටවල තියෙනවා. ඒ සඳහා වැඩ බලන බස්නායක නිලමේ විදිහට සුප්‍රකට පරිසරවේදියකු හා ව්‍යාපාරිකයකු වන ආදි ආනන්දීය සීතක දිල්රුවන් රාජපක්ෂය මහතා පත් කරල තියෙනවා. සමස්ථ ශ්‍රී ලාංකීය ජනතාවගේ හා විදේශිකයන්ගේ නොමඳ ආදරයට පත් වන ආගමික සිද්ධස්ථානයක් වන රුහුණු කතරගම දෙවොල අක්‍රමිකතා දුරලා, වැඩිදියුණු […]


Apr
13

අලුත් අවුරුද්දට ජාතික ගමනාගමන කොමිසමෙන් බස් රථ ගමන්වාර 3,500 ක්.

Generic placeholder image

කොළඹ තියෙන ගොඩක් කාර්යාල වල අලුත් අවුරුද්ද වෙනුවෙන් නිවාඩු ලැබුනේ ඊයේ (12) වෙනිදා ඉඳන්. ඒ වුනත් සමහර කාර්යාල වල නම් අලුත් අවුරුදු නිවාඩුව ලැබෙන්නේ අද දවසේ. ඉතින් අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම් බිම් බලා යන අය වෙනුවෙන් කොළඹ මධ්‍යම බස් නැවතුම්පලේ ඉඳන් මගීන්ගේ පහසුව සඳහා අමතර බස් රථ 2000ක් යොදවන්න ලංකා ගමනා ගමන මණ්ඩලය පියවර අරගෙන […]


Apr
12

“අවුරුද්දට කලින් කැබිනට් සංශෝධනයක් වෙනවද නැද්ද කියලා අපි දන්නේ නෑ” – හරින් සියතට කියයි.

Generic placeholder image

අගමැතිතුමාට එරෙහිව විශ්වාසභංගයට සහය දක්වපු ශ්‍රීලනිප මැති ඇමතිවරු 16 දෙනා ඊයේ තමන්ගේ තනතුරු වලින් ඉල්ලා අස්වුණා. මේ නිසා පුරප්පාඩු වුන ඇමතිධූර සඳහා නව අමාත්‍යවරු පත් කරන්න නියමිතයි. අද දවසේ ඒ කැබිනට් සංශෝධනය සිදුවෙයි කියලා තමයි දේශපාලන කරලියේ කතා බහ වුනේ. මේ ගැන ඇත්ත නැත්ත දැන ගන්න සියත FM ප්‍රවෘත්ති අංශය හරින් ප්‍රනාන්දු අමාත්‍යවරයාට කතා කරා. […]


Apr
12

මැති ඇමතිවරු 16 ක් ඉල්ලා අස්වෙයි.

Generic placeholder image

අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවේදී ශ්‍රීලනිපයේ 16 දෙනෙක් එතුමාට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරා. මේ නිසා එජාපයේ අය ඔවුන් සමඟ ලොකු තරහකින් හිටියේ. මේ 16 දෙනා තමන්ගේ ඇමතිධූර, නියෝජ්‍ය ඇමතිධූර සහ රාජ්‍ය ඇමතිධූර වලින් ඉවත් වෙන්න කියලා එජාප මන්ත්‍රීවරු බලපෑම් කරා. හැබැයි ඔවුන් මුලින් කිව්වේ ඇමතිධූර වලින් ඉවත් වෙන්නේ නෑ කියලා. කොහොම වුනත් මේ 16 දෙනා ඊයේ […]


Apr
11

ගුවන් යානයක් කඩා වැටි සිය ගණනක් මරුට. – Exclusive

Generic placeholder image

ඇල්ජීරියාවේ ගුවන් යානයක් කඩා වැටි 100 දෙනෙකු පමණ මිය ගිහින් තියෙනවා. හමුදා ගුවන් යානයක් තමයි මේ විදියට අනතුරට ලක්වෙලා තියෙන්නේ. අනතුරින් මිය ගිය බහුතරයක් දෙනා හමුදා සාමාජිකයින් කියලයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ. මිය ගිය ගණන 200 ක් දක්වා වැඩි වෙන්න පුළුවන් කියලයි ආරක්ෂක අංශ සඳහන් කරේ. http://video.dailymail.co.uk/video/mol/2018/04/11/8678632685943831645/640x360_MP4_8678632685943831645.mp4


Apr
10

ඇතුගල්පුර හස්තීන්ගේ සටන හෙට.

Generic placeholder image

කුරුණෑගලට ක්‍රිකට් වසන්තය අරගෙන එන “Battle Of Tuskers ” හෙට ආරම්භ වෙනවා. ඒ ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලය සහ මලියදේව ආදර්ශ විද්‍යාලය අතර. කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගනයේදී උදේ 9.00 ට හස්තීන්ගේ සටන පටන් ගන්න නියමිතයි. කුරුණෑගල පාසල් අතරින් මුලින්ම ක්‍රිකට් මහා තරඟ පටන් ගත්ත පාසලක් තමයි ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලය. පාසල් ඉතිහාසයේ සඳහන් වෙන විදියට 1948 දී පළවෙනි ක්‍රිකට් […]


Apr
10

එල්.ටී.ටී.ඊ. ආයුධ ගබඩාවක් පොළවෙන් මතුවෙයි. – Photo

Generic placeholder image

තිස් වසරක් පුරාවට තිබ්බ කුරිරු යුද්ධයේ අඳුරු මතක තාමත් තැනින් තැන මතු වෙනවා. ඒ විදියට එල්.ටී.ටී.ඊ. සංවිධානය වල දමන ලද ආයුධ තොගයක් ඊයේ (9) ගොඩ ගත්තා. වව්නියාව හා මුලතිව් පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරට ලැබුනු බුද්ධි තොරතුරකට අනුව තමයි මේ ආයුධ තොගය ගොඩ ගත්තේ. වෙල්ලමුල්ලි වයික්කාල් නැගෙනහිර ප්‍රදේශයේ පස් කපන යන්ත්‍රයක් යොදා ගනිමින් සිදු කල […]


Apr
10

අවුරුද්දෙන් පස්සේ ඉන්ධන මිල වැඩි වෙනවද? උත්තරේ මෙන්න.

Generic placeholder image

අවුරුදු පටන් ගන්නකොටම IOC සමාගම ඉන්ධන මිල ඉහළ දැම්මා. හැබැයි ලංකා ඛනිජ සංස්ථාවේ ඉන්ධන මිල වෙනස් නොවුන නිසා ජනතාවට යන්තම් සහනයක් ලැබුනා. හැබැයි අවුරුද්දෙන් පස්සේ ඛනිජ තෙල් සංස්ථාවේ ඉන්ධන මිලත් අනිවාර්යෙන්ම ඉහළ දාන්න ඕන කියලා ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශය සඳහන් කරනවා. මේ වෙද්දී ඛනිජ තෙල් සංස්ථාව දවසකට රුපියල් මිලියන 38 ක පාඩුවක් ලබනවා. ලෝකයේ […]


Apr
9

අලුත් අවුරුද්ද ලං වෙද්දී මාළු මිලට වෙන දේ මෙන්න.

Generic placeholder image

උත්සව සමයත් එක්ක භාණ්ඩ වල මිල ඉහළ යන්නේ බලාගෙන ඉන්නකොට. විශේෂයෙන්ම මස්, මාළු මිල අහස උසට නගිනවා. ඒ නිසා උත්සව සමයේ මත්ස්‍ය මිල ගණන් ඉහළ යාම පාලනයට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශයෙන් විශේෂ වැඩ පිළිවෙළක් ආරම්භ කරලා තියෙනවා. ඒ අනුව උත්සව සමයේ විශේෂයෙන් අප්‍රේල් මාසය පුරාම මත්ස්‍ය වර්ග 04ක මිල ගණන් පහත දැමීමට ලංකා […]


Apr
9

යකඩ අඩිරූලෙන් වාහන කොල්ල කන යුවලක් දැලේ.

Generic placeholder image

මේ දවස් වල අවුරුද්දට බඩු ගන්න යන අය වාහන තැන තැන නතර කරලා යනවා. එහෙම නතර කරලා ගිය වාහන කඩලා ඇතුලේ තිබුන බඩු හොරකම් කරපු අඹු සැමි යුවලක් දඹුල්ල පොලිසිය අත්අඩංගුවට අරන් තියෙනවා. දඹුල්ල, මාතලේ, කොළඹ, ගම්පහ සහ කුරුණෑගල ප්‍රදේශවල මේ ජාවාරම සිදු කරලා තියෙනවා. යකඩ අඩි කෝදුවක් භාවිතයෙන් තමයි වාහන වල දොරවල් ඇරලා තියෙන්නේ. […]


Apr
7

අද හවසට කාලගුණයේ අමුතු වෙනසක්. විස්තරය මෙන්න.

Generic placeholder image

මේ දවස්වල ලංකාවේ කොහේ ගියත් තියෙන්නේ පුදුම රස්නයක් නේද? මේකට හේතුව අප්‍රේල් මාසේ වෙද්දී ශ්‍රී ලංකාව සමකයට ආසන්නව හිරු මුදුන්වීම කියලයි කාලගුණ දෙපාර්තමේන්තුව කිව්වේ. එත් ඔන්න අද (07) දවල් වෙද්දී මේ කාලගුණ තත්වයේ වෙනසක් වෙලා කියලයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කිව්වේ. මේ තියෙන්නේ අද දවල් 12:00 පැයට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කල අනාවැකිය.       […]


Apr
7

දකුණු කොරියාවේ හිටපු ජනපතිනිය වසර 24 කට හිරේ.

Generic placeholder image

දකුණු කොරියාවේ හිටපු ජනපතිනී පාර්ක් ගන්-හේ බලය අයුතු ලෙස පරිහරණය කිරීමට සහ බලහත්කාරයට වැරදිකාරිය වීම හේතුවෙන් වසර 24 ක සිර දඬුවමකට යටත් කරා. සිර දඬුවමට අමතරව වොන් බිලියන 18 ක දඩයක් (ඩොලර් මිලියන 17) දඬුවමකුත් ඇයට නියම කරා. හිටපු ජනපතිනී පාර්ක් ගන්-හේ ට චෝදනා 18 ක් එල්ල වුණා. ඉන් 13 කටම ඇය වැරදිකාරිය වුණා. හිටපු […]


News Articles
Latest Videos
Most Popular Post