News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
6

25 000 රථ වාහන දඩය 3000 බහී.

Generic placeholder image

රථ වාහන වැරදි කිහිපයකට පහුගිය කාලයේ රුපියල් 25,000 දඩයක් නියම කරා ඔබට මතක ඇති. මේ නිසා රට පුරා විරෝධතාත් අතු වුණා. ඒ විදියට නියම කල රුපියල් 25,00 දඩය රුපියල් 3000 දක්වා සංශෝධනය කරලා තියෙනවා. ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා මේ බව කිව්වේ ඊයේ පාර්ලිමේන්තුවේ තිබ්බ විවාදයකදී. හදුනා ගත්ත රථ වාහන වැරදි 33 ක් සඳහා […]


Apr
6

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ පළවෙනි රිදී පදක්කමත් බර ඉසිලීමෙන්.

Generic placeholder image

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලෙල් පළවෙනි රිදී පදක්කම දිනා ගන්න ශ්‍රී ලංකාවට පුළුවන් වුණා. ඉන්දික දිසානායක කිලෝග්‍රෑම් 69 බර ඉසිලීම පිරිමි ඉසව්වෙන් තමයි මේ පදක්කම දිනා ගත්තේ. ඔහු ස්නැච් ක්‍රමයෙන් කිලෝ ග්‍රෑම් 137ක බරක් එසෙව්වා. ඉන්දික ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයට එසවූ බර කිලෝග්‍රෑම් 160කි. ඒ අනුව කිලෝග්‍රෑම් 297ක මුළු බරක් එසෙව්වා. ඊයේ දවසේදීත් බර ඉසිලීමේ […]


Apr
6

එජාපයෙන් ශ්‍රීලනිපයට විශ්වාසභංග 16 ක්.

Generic placeholder image

අගමැතිවරයාට එරෙහිව තිබ්බ විශ්වාසභංග යෝජනාවේදී ශ්‍රීලනිප මැති ඇමතිවරු 16 ක් එතුමාට විරුද්ධව ඡන්දය දුන්නා. මේ නිසා එජාපයේ කට්ටිය හිටියේ තරහින්. අගමැතිවරයාගේ විශ්වාසභංගයේ උණුසුම යන්නත් කලින් තවත් විශ්වාසභංග යෝජනා 16 ක් අද එජාපයෙන් කතානායකවරයාට බාර දුන්නා. ඒ අගමැතිවරයාට එරෙහිව ඡන්දය දුන්න ශ්‍රීලනිප මැති ඇමතිවරුන්ට එරෙහිව. එක් එක් මන්ත්‍රීවරයාට එරෙහිව වෙන වෙනම විශ්වාසභංග අත්සන් කරලා තියෙනවා.


Apr
6

බර ඉසිලීමෙන් ලංකාවට තවත් පොදු රාජ්‍ය මණ්ඩලීය පදක්කමක්.

Generic placeholder image

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල මේ දිනවල ඔස්ට්‍රේලියාවේදී පැවැත් වෙනවා. තරඟාවලියේ පළවෙනි දවසෙම ලංකාවට පදක්කම් දෙකක දිනා ගන්න පුළුවන් වුණා. මේ පදක්කම් දෙකම ලැබුනේ බර ඉසිලීමේ ඉසව්වෙන්. ඊයේ උදේ බර කිලෝග්‍රෑම් 56 බර පන්තියේ ලෝකඩ පදක්කම චතුරංග ලක්මාල් දිනා ගත්තා. ඒ වගේම ඊයේ හවස තවත් ලෝකඩ පදක්කමක් ලංකාවට දිනා ගන්න පුළුවන් වුණා. ඒ කාන්තා කිලෝග්‍රෑම් […]


Apr
5

එජාප මහා ලේකම් ඉල්ලා අස්වෙයි.

Generic placeholder image

එක්සත් ජාතික පක්ෂයේ මහා ලේකම් කබීර් හෂීම් මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වෙලා තියෙනවා. මිට සුළු මොහොතකට පෙර එතුමා ඒ බව දැනුම් දුන්නා. පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට ඉල්ලා අස්වීමේ ලිපිය බාර දීලා තියෙනවා. 2015 ජනාධිපතිවරණයේදී තිස්ස අත්නායක මහතා එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වුනාට පස්සේ කබීර් හෂීම් මහතා මහා ලේකම් ධූරයට පත්වුණා.


Apr
5

පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලේ පළමු පදක්කම බර ඉසිලීමෙන්.

Generic placeholder image

21 වන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල ඊයේ ආරම්භ වුණා. ඒ ඔස්ට්‍රේලියාවේදී. එහිදී බර ඉසිලීමේ ඉසව්වෙන් පළවෙනි පදක්කම ලංකාවට හිමි වුණා. කිලෝග්‍රෑම් 56 බර පන්තිය යටතේ තරඟ කල චතුරංග ලක්මාල් ලෝකඩ පදක්කම දිනා ගත්තා. ඔහු එසවූ බර ප්‍රමාණය කිලෝග්‍රෑම් 248 ක්. මෙය ශ්‍රී ලංකා වාර්තාවක්ද වෙනවා.


Apr
5

විශ්වාසභංගයට නෑවිත් කට්ටි පැනපු මැති ඇමතිවරු මෙන්න.

Generic placeholder image

ඊයේ තිබ්බ විශ්වාසභංග ඡන්දයෙන් වැඩි ඡන්ද 46 ක ජයක් ලබා ගන්න රනිල් වික්‍රමසිංහ මහතා සමත් වුණා. එතුමාට පක්ෂව ඡන්ද 122 ක් ලැබුණා. විශ්වාසභංගයට පක්ෂව ලැබුණේ ඡන්ද 76 ක් විතරයි. කොහොම වුනත් මන්ත්‍රීවරු 26 ක් ඊයේ පාර්ලිමේන්තුවට ඇවිත් හිටියේ නෑ. මේ විදියට විශ්වාසභංගයට නොපැමිණි මන්ත්‍රීවරු අතර විශ්වාසභංගයට අත්සන් කරපු ශ්‍රීලනිප නියෝජ්‍ය අමාත්‍යවරයෙක් සහ මන්ත්‍රීවරයෙක් ඉන්නවා. ඒ […]


Apr
4

විශ්වාසභංග යෝජනාවට ඡන්දය සහය දෙනවද? නැද්ද? ශ්‍රීලනිපය අවසන් තීරණය ගනී.

Generic placeholder image

අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව මේ වෙද්දී විවාදයට අරන් තියෙන්නේ. අනිත් සියලු දේශපාලන පක්ෂ තමන්ගේ මතය කිව්වා. හැබැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු ඔවුන්ගේ අවසන් තීරණය අද උදේ වෙද්දීත් අරන් තිබ්බේ නෑ. අද උදේ අයෙත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු රස වුණා. ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුන මේ රැස්වීමේදී අද විශ්වාසභංග යෝජනාවේදී ඡන්දය භාවිතා නොකරන්න තීරණය කරා කියලා ඒ. […]


Apr
3

“මට ආයේ ඇමතිකමක් දුන්නොත් විශ්වාසභංගයට එරෙහි වෙනවා. නැත්නම් සහය දෙනවා” – රවී, රනිල්ට කියයි.

Generic placeholder image

අගමැතිතුමාට එරෙහි විශ්වාසභංගය හෙට විවාදයට ගන්න නියමිතයි. ඒ නිසා මේ මොහොතේත් දෙපිලේම අය තමන්ගේ ඡන්ද ගොඩ වැඩි කර ගන්න උත්සහා ගන්නවා. ඒ අතරේ තවත් සමහරු ලැබුන අවස්ථාවෙන් තමන්ගේ මඩිය තරකර ගන්න හදනවා. රවී කරුණානායක මහතාත් විශ්වාසභංගයට විරුද්ධ වෙන්න කොන්දේසි කිහිපයක් අගමැතිතුමාට දන්වලා තියෙනවා. තමන්ට ගැලපෙන සුදුසු අමාත්‍ය ධුරයක් සහ එක්සත් ජාතික පක්‍ෂයේ සුදුසු නායක තනතුරක් […]


Apr
3

හෙට පාර්ලිමේන්තුව වැඩිහිටියන්ට පමණයි.

Generic placeholder image

හෙට දවසේ ලංකාවේ පාර්ලිමේන්තුවේ වෙන්නේ මොනවද කියලා මුළු ලෝකයම බලාගෙන ඉන්නවා. ඒ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව හෙට විවාදයට ගන්නා නිසා. ඒ නිසා හෙට දවසේ පාර්ලිමේන්තු ගැලරිය වැඩිහිටියන්ට පමණක් සිමා කරන්න තීරණය කරලා තියෙනවා. ඒ නිසා හෙට පාසල් සිසුන්ට පාර්ලිමේන්තුව නරඹන්න අවස්තාවක් ලැබෙන්නේ නෑ. හෙට දවසේ ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ ආධාර කරුවන් රැසක් […]


Apr
1

මෝඩයාගේ දවසේ බදු වැඩි වෙයි.

Generic placeholder image

බදු කියන්නේ ඕනෑම රටක ප්‍රධාන ආදායම් මාර්ගය. රජ කාලයේ ඉදන්ම මිනිස්සුන්ගෙන් බදු අය කරා. බුදු දහමේ සඳහන් වෙන්නේ බඹරෙක් මල නොතලා මලෙන් රොන් ගන්නවා වගේ රජයක් මිනිස්සුන්ගෙන් බදු අය කරන්න ඕන කියලා. හැබැයි දැන් ලෝකයේ තියෙන ආණ්ඩු එහෙම කරනවද කියන එක නම් ප්‍රශ්නයක්. කොහොම වුනත් නව දේශීය ආදායම් බදු පනත අද ඉදන් ක්‍රියාත්මක වෙනවා. අලුත් […]


Mar
30

“වෙසක්, පොසොන් පෝයට තොරණ ප්‍රදර්ශනය තහනම් කරලා නෑ.” – බුද්ධශාසන ඇමති සියතට කියයි. – Exclusive

Generic placeholder image

වෙසක් සහ පොසොන් කියන්නේ බෞද්ධයන්ට සුවිශේෂී වුන පෝය දෙකක්. ඒ නිසා මේ පෝය දෙකට වෙනදාත් වඩා බෞද්ධයන් ආමිස සහ ප්‍රතිපත්ති පූජා වල නිරත වෙනවා. සාමාන්‍යයෙන් වෙසක්, පොසොන් පෝයට වෙසක් කුඩු, තොරණ, දන්සැල් කියන්නේ සාමාන්‍ය දෙයක්. විශේෂයෙන්ම වෛවර්ණ ආලෝකයෙන් වර්ණවත් වුන තොරණ සුවිශේෂීම අංගයක්. හැබැයි වෙසක් සහ පොසොන් පෝය දිනවල තොරණ ප්‍රදර්ශනය සම්පූර්ණයෙන්ම තහනම් කරන්න රජය […]


News Articles
Latest Videos
Most Popular Post