News Line| Off Air
Generic placeholder image

Jun
10

මුම්බායි නුවර නිවාස සංකීර්ණයක් කඩා වැටීමෙන් 11 දෙනෙක් මිය යයි

Generic placeholder image

ඉන්දියාවේ, මුම්බායි නුවර නිවාස සංකීර්ණයක් කඩා වැටීමෙන් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් ඇඇති බව වාර්තා වෙනවා. සුන්බුන් අතර සිරවී සිටින පිරිස මුදා ගැනීම සදහා මුදා ගැනීමේ මෙහයුම් ක්‍රියාත්මක බව එරට බලධාරීන් සදහන් කරනවා.


Jun
10

ගිනිගත් නැවේ තෙල් කාන්දුවක් දැයි සැකයක්

Generic placeholder image

මේ වන විට මුහුදුබත් වෙමින් පවතින ගිනි ගැනීමකට “එම්.වී එක්ස්ප්‍රස් පර්ල්” නෞකාවෙන් තෙල් කාන්දුවක් සිදුවන බවට වන පැල්ලමක් චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ ලබාගත් ඡායාරූප කිහිපයක් උපුටා දක්වමින් සදහන් කරනවා. පරිසර අමාත්‍ය මහින්දා අමරවීර මහතා සදහන් කරන්නේ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියට මේ පිළිබඳ දැනුවත් කළ බවත් ය. මේ පිලිබදව අදහස් දක්වමින් ආමාත්‍යවරයා වැඩි දුරටත් සදහන් කලේ “මීපා […]


Jun
10

ලෝකයේ ජීවත්වීමට වඩාත්ම සුදුසු නගරය මෙන්න

Generic placeholder image

ද ඉකොනොමිස්ට්” සඟරාව මගින් ලොව ජීවත්වීමට වඩාත්ම සුදුසු නගරය නම්කර තිබෙනවා. ඒ නවසීලන්තයේ ඕක්ලන්ඩ් නගරයයි. එම සගරාවට අනුව ජපානයේ ඔසාකා නගරය ජීවත්වීමට වඩාත්ම සුදුසු නගර අතරින් දෙවැනි ස්ථානයේ පසුවෙනවා. අදාල ශ්‍රේණිගත කිරීම් සදහා නගර තුල පවතින යටිතල පහසුකම්, අධ්‍යාපනය සහ සෞඛ්‍ය , විශේෂයෙන්ම මේ වන විට පවතින කොවිඩ් වසංගත පාලනයට කළ කැපවීම සහ එහි සාර්ථකත්වය […]


Jun
10

කොල්ලුපිටියේ සුපිරි නිවාස සංකීර්ණයක සාදයක් පැවැත්වූ 09 දෙනෙකු පොලිස් අත්අඩංගුවට

Generic placeholder image

නිරෝධායන නීති උල්ලංඝනය කරමින් කොල්ලුපිටියේ සුපිරි නිවාස සංකීර්ණයක සාදයක් පැවැත්වූ පුද්ගලයින් 9 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ රාත්‍රියේ සිදු කළ වැටලීමකින් මෙම පිරිස අත්ඩඅගුවට තිබෙන අතර විදේශීය ජාතික පුද්ගලයින් තිදෙනෙකු ද වනවා.


Jun
10

ඉදිකෙරෙමින් පවතින සුළං විදුලි බලාගාරයක කේබල් සොරාගත් පුද්ගලයින් 07 දෙනෙක් අල්ලයි

Generic placeholder image

මන්නාරම ප්‍රදේශයේ ඉදිකරමින් පවතින සුළං විදුලි බලගාරයක කේබල් සොරා ගත් පුද්ගලයින් 07 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මොවුන් ඉදිකිරිම් සඳහා ගෙන විත් තිබෙන කේබල් මීටර් 340ක් සොරා ගෙන ඇති බවයි පැවසෙන්නේ. සැකකරුවන් අද මන්නාරම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.


Jun
10

තවත් ප්ලාස්ටික් සහ පොලිතින් නිෂ්පාදන රැසක් භාවිතයෙන් ඉවත් කිරීමට තීරණයක්

Generic placeholder image

තවත් ප්ලාස්ටික් සහ පොලිතින් නිෂ්පාදන රැසක් භාවිතයෙන් ඉවත් කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය තීරණය කර තිබෙනවා. ඒ යටතේ යෝගට් හැදි, බීම බට ඇතුළු නිෂ්පාදන 300 ක් භාවිතයෙන් ඉවත් කෙරනු ඇති. ඊට අදාල කැබිනට් පත්‍රිකාව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් අමාත්‍ය මණ්ඩලය ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.


Jun
10

වැඩිම දරු උපත සඳහා වන ගිනස් වාර්තාවට දකුණු අප්‍රිකානු මවක් හිමිකම් කියයි

Generic placeholder image

දකුණු අප්‍රිකාවේ මවක් දරුවන් 10 දෙනෙකු බිහි කිරීමට සමත්ව තිබෙනවා. මේ අනුව ඇය වැඩිම දරු උපත සඳහා වන ගිනස් වාර්තාවට හිමිකම් කීමට සමත්ව තිබෙනවා. තමාලා සිතොලේ නැමති 37 හැවිරිදි ඇයට මීට පෙර නිවුන් දරුවන් දෙදෙනෙකු ද සිටිනවා.


Jun
10

විශ්‍රාම වැටුප් ගෙවීම අද සිට

Generic placeholder image

මේ මාසයට අදාල විශ්‍රාම වැටුප් ගෙවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික බැංකු අද සහ හෙට විවෘතව තැබෙන බව වාර්තා වෙනවා. ඒ අනුව තැපැල් කාර්යාල ජුනි 10,11 සහ 12 වන දින වල විවෘතව තැබීමට උපදෙස් දී තිබෙනවා. මේ පිලිබදව අදහස් දක්වමින් ආර්ථික පුනර්ජීවනය සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බළකාය සඳහන් කරන්නේ එම දීමනා ලබා ගැනීමට පැමිණෙන ජනතාවට […]


Jun
10

කිලෝග්‍රෑම් 12.5ක් බැරැති ගෑස් සිලින්ඩරය පිලිබදව අතිවිශේෂ ගැසට් නිවේදනයක්

Generic placeholder image

කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩර දිවයින පුරා ගෑස් අලෙවිසැල් තුළ විකිණීමට තිබිය යුතු බව නිෂ්පාදකයන් හා වෙළෙඳුන් වෙත පාරිභෝගික කටයුතු අධිකාරිය දන්වා සිටිනවා. වෙ⁣ළෙන්දන් විසින් කිලෝග්‍රෑම් 12.5ක් බැරැති ගෑස් සිලින්ඩර විකිණීම ප්‍රතික්ෂේප කිරීම හෝ මිලදී නොගන්නා ලෙස පාරිභෝගිකයින්ට බලපෑම් කිරීම වළක්වමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.


Jun
10

කොවිඩ් ආසාදිත මරණ 67ක්

Generic placeholder image

දිනක් තුළ තහවුරු කළ වැඩිම කොවිඩ් මරණ ගණන – තරුණයින් කිහිප දෙනෙකුත් ඒ අතර කොවිඩ් ආසාදිත මරණ 67ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා. ඒ අනුව මෙරට සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 1,910ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. දිනක් තුළ මෙරටදී තහවුරු කළ වැඩිම කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව ද මෙය වෙනවා.


Jun
10

අදත් ප්‍රදේශ ගණනාවකට වැසි වාර කිහිපයක්

Generic placeholder image

බස්නාහිර, සබරගමුව,මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොටසහත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් සුළගේ වේගය පැ.කි.මී. (30-40) වන අතර විටින් විට පැ.කි.මී. 50 දක්වා වැඩි විය හැක.


Jun
9

අද මේ දක්වා ආසාදිතයින් 2,173ක්

Generic placeholder image

අද දිනය තුළ මේ දක්වා කොරෝනා ආසාදිතයින් 2,173ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරනවා.ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 212,834ක් ලෙස ඉහළ ගොස් තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post