අප්‍රේල් 10 වනදා සහ 20 වනදා අතර කාලය මෙරට වැඩිම රිය අනතුරු වාර්තාවන කාලය බවත් වැඩිම රිය අනතුරු සිදුවන මාසය ලෙස අප්‍රේල් මාසය හැඳින්විය හැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. උත්සව සමයේ මාර්ග ආරක්ෂාව පිළිබඳ වැඩි අවධානයක් යොමුකරන ලෙස ඒ මහතා පදිකයින්ගෙන් සහ රියදුරන්ගෙන් ඉල්ලීමක් කරයි.
ඊයේ දිනයේ මෙරටින් කොරෝනා රෝගීන් 264ක් වාර්තා විය. ඒ සමග මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 92, 706 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි, කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. එම ආසාදිතයින් අතරින් 19 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයින් වන අතර එක් පුද්ගලයෙකු මෙරටට පැමිණි විදේශිකයෙකි. ඉතිරි පිරිස දේශීයව හඳුනාගත් ආසාදිතයින් ය. ඊයේ දිනයේ […]
ඊයේ (31) දිනයේ පානදුර ප්‍රදේශයේ දී රියදුරු බලපත්‍රයක් නොමැතිව වාහනයක් පැදගෙන ගිය පුද්ගලයෙකු රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරියෙකුට රුපියල් 1,000ක අල්ලසක් දීමට උත්සාහකිරීමේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
විදෙස් උසස් අධ්‍යාපනය සඳහා පිටත්කර යවන බවට පවසා පුවත්පත් දැන්වීම් පළකර රුපියල් කෝටි 30කට අධික වංචාවක් කළ පියා සහ දියණියන් දෙදෙනා ඇතුළු එකම පවුලේ පස් දෙනකු කොළඹ වංචා විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අනතුරුව ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසුව ලබන 12 වැනිදා තෙක් රිමාන්ඩ් බාරයේ තැබීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කරනු ලැබුවා. සැකකාරියන් දෙදෙනා […]
වසර අටකට ඉහතදී අධික ලෙස බීමත්ව නිවසට පැමිණි පියකු විසින් තම දියණියන් දෙදෙනා දූෂණය කිරීම පිළිබඳව චෝදනා 3ක් මත පැවරූ නඩු හතරකට මාතර මහාධිකරණයේ පැවැති නඩු විභාගයෙන් පසු වරදකරු වූ 47 හැවිරිදි පියකුට එක් නඩුවකට වසර 15 බැගින් නඩු 4ට වසර 60ක බරපතළ වැඩ ඇතිව සිරදඬුවම් මාතර මහාධිකරණ විනිසුරු චාමර තෙන්නකෝන් මහතා විසින් නියම කරනු […]
හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා ඇතුළු විත්තිකරුවන් හත්දෙනෙකු ඇප මත මුදා හරින ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් නියෝග කළේය. අමල් රණරාජා, නාමල් බලල්ලේ සහ ආදිත්‍ය පටබැඳිගේ යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් එම නියෝගය කරනු ලැබීය. ඒ අනුව එක් එක් විත්තිකරු රුපියල් ලක්ෂ 10 බැගින්වූ මුදල් ඇප සහ රුපියල් ලක්ෂ […]
මන්නාරමේ හිටපු රදගුරුතුමන් රායප්පු ජෝශප් හිමිපාණන් යාපනයේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී අද (01) උදෑසන ස්වර්ගස්ථ වී තිබෙනවා. මියයන විට රායප්පු ජෝශප් හිමිපාණන් 80 හැවිරිදි වියේ පසුවූවා.
ඊයේ දිනයේ මෙරටින් තවත් කොරෝනා මරණ 2ක් වාර්තා වි තිබෙනවා. ඒ සමගම මෙරටින් වාර්තා වි තිබෙන කොරෝනා මරණ ගණන 568ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා.
ගල්කිස්ස පොලීසිය විසින් කළ පහරදීමක් හේතුවෙන් මත්ද්‍රව්‍ය චෝදනාවකට අත්අඩංගුවට ගත් සැකකරුවෙකු මියගොස් ඇති බවට ඔහුගේ ඥාතීන් චෝදනා කර තිබෙනවා. කළුබෝවිල පාසල් මාවතේ පදිංචි පුද්ගලයෙකු ගල්කිස්ස පොලීසිය විසින් පසුගිය මාර්තු 18 වනදා මත්ද්‍රව්‍ය චෝදනාවකට අදාළව අත්අඩංගුවට ගෙන තිබු අතර ඉකුත් 19 වැනිදා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකරු ඇප මත මුදා හැර තිබෙනවා. කෙසේවෙතත් තමන්ට පොලීසිය පහරදුන් […]
කතෝලික දේවස්ථාන ඇතුළු දිවයින පුරා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බව යුද හමුදාව පවසයි. ඒ පාස්කු සතියට සමගාමීවයි. එම ආරක්ෂක වැඩපිළිවෙල පොලීසිය සහ ත්‍රිවිධ හමුදාව එක්ව ක්‍රියාත්මක කර ඇති බවත් දිවයිනේ ප්‍රධාන දේවස්ථාන ඇතුළු හඳුනාගත් ස්ථානවල ආරක්ෂාවට යුද හමුදා නිලධාරීන් යොදවා තිබෙන බවත් යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න මහතා පැවසුවේය. එම ආරක්ෂක […]
පාස්කු බෝමබ ප්‍රහාරක සහරාන් හෂීම්ගේ අන්තවාදී මතවාද අන්තර්ජාලය ඔස්සේ විකාශය කිරීම හා අන්තවාදී දේශන සඳහා සහයවීමේ චෝදනා මත සැකකරුවන් 04ක් ත්‍රස්ත විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පවසයි.
බස්නාහිරසහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතිවිය හැකි වැසි ස්වල්පයක් හැරුණ කොට දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. උතුරු සහ උතුරුමැද පළාත්වලත් පුත්තලම දිස්ත්‍රික්කයේත් විටින්විට පැ.කි.මි. 40 පමණ දක්වාවන තරමක් තදසුළං ඇතිවිය හැක.