දිවයිනේ ප්රදේශ කිහිපයකට අද පස්වරුවේ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වලට මිලි මීටර් 50 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව සදහන් කළා. ගිගුරුම් සහිත වැසි ඇතිවන විට අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් […]
කොරෝනා ආසාදිතයින් ඇසුරු කළ කොළඹ සහ ජා-ඇල, සුදුවැල්ල ප්‍රදේශවල තවත් පුද්ගලයින් 40 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකර තිබෙන බව කොරෝනා මර්දන කාර්ය සාධක බලකායේ ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කළා.
මාසයක කාලයක් මෙහෙයුම් කටයුතු නවතා දමා තිබූ කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ අභ්‍යන්තර කටයුතු අද(17) දිනයේ සිට ආරම්භ කරන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද භාවිත කරමින් ශ්‍රී ලංකා රේගුව සමඟ එක්ව තැපැල් භාණ්ඩ නිෂ්කාශනය කිරීමේ කටයුතු සිදුකෙරෙන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය. කෙසේවෙතත් අද දිනයේදී තැපැල් කාර්යාල විවෘත කිරීමක් සිදුනොවන බව […]
දෛනික ජීවනෝපාය අහිමි වීමෙන් පීඩාවට පත් පුද්ගලයින් තෝරා ගැනීම අද සහ හෙට සිදු කෙරේ. සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් බන්දුල තිලකසිරි මහතා සඳහන් කළේ තෝරා ගන්නා පුද්ගලයින්ට ලබන 20 වැනිදා සිට රුපියල් 5000 දීමනාව ලබාදෙන බවයි. ඒ, සමාජ ප්‍රතිලාභ වැඩසටහන යටතේ ය. රජය ඊයේ නිවේදනය කළේ ලබන 20 වැනිදා සිට අදාළ පුද්ගලයින්ට රුපියල් 5000 දීමනාව […]
ආර්ථික පුනරුද උපාය මාර්ග මෙම සති අන්තයේ දී ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබේ. කොවිඩ් නයින්ටීන් වෛරසය හේතුවෙන් අඩාල වූ ජනජීවිතය යථා තත්ත්වයට පත් කොට ආර්ථිකය යළි පනගැන්විමේ අරමුණින් මෙම උපාය මාර්ග සැලසුම් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා. ඒ අනුව මෙම උපාය මාර්ග මෙම සති අන්තයේ දී ප්‍රකාශයට පත් කරන බව නිවේදනයක් නිකුත් […]
ගත වු පැය 24ක කාලය තුළ මෙරටින් කිසිදු කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයෙකු වාර්තා වී නොමැති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි. වෛරසය ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයින් පස් දෙනෙකු ඊයේ (16) දිනයේ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ. ඒ අනුව සුවය ලබා පිටව ගිය මුළු සංඛ්‍යාව 68ක් බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය. මෙරට […]
කොවිඩ්-19 ව්‍යාප්තිය හේතුවෙන් ජීවනෝපාය අහිමි වූ දෛනික වැටුප්ලාභී පවුල් සඳහා රුපියල් 5000 ජීවනාධාරය බෙදාදීමේ රාජකාරිවලින් ඉවත් වීමට තීරණය කළ බව ග්‍රාම නිලධාරී වෘත්තිය සංගම් පවසනවා. තමන් අදාළ සේවයෙන් ඉවත් වන්නේ ප්‍රාදේශීය වශයෙන් එල්ලවන දේශපාලන බලපෑම් නිසා බව එම සංගම් පෙන්වා දී තිබෙනවා. කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් දෛනික ආදායම් බිඳ වැටුණු ක්ෂේත්‍ර රැසක වෘත්තිකයන් සඳහා රුපියල් […]
ඉන්දියාවේ නවදිල්ලි අගනුවර, මුම්බායි මුල්‍ය අගනුවර ඇතුළු එරට ප‍්‍රධාන නරග 06 ක් කොරෝනා වෛරසය පැතිරීමේ “රතු කලාප” (Red Zone) ලෙස නම් කර තිබෙනවා. වෛරසයේ අවධානම අනුව ඉන්දියාව වර්ණ කිහිපයකින් කොටස් කිහිපයකට බෙදා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. ඒ අනුව රතු පැහැයෙන් දක්වා ඇත්තේ වැඩිම අවධානමක් ඇති ප‍්‍රදේශයි. එමෙන්ම තැඹිලි පැහැයෙන් සාමාන්‍ය තත්ත්වයේ වෛරස ආසාදන […]
කොවිඩ් 19 ව්‍යාප්තිය නිසා ජපානයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. මේ අතර කොවිඩ් 19 වෛරසය නිසා අමේරිකාවේ සිදු වී ඇති මරණ සංඛ්‍යාව 31,000 ඉක්මවා ඇති බව විදස් මාධ්‍ය වාර්තා කළා.
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ ඇති කර්මාන්ත ශාලා එහි නිෂ්පාදන කටයුතු යළි ක්‍රමානුකූලව ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශ මඟින් නිකුත් කර ඇති ආරක්ෂිත ක්‍රමවේද හා මාර්ගෝපදේශයන්ට අනුකූලව මෙම නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමට තීරණය කර ඇති අතර ඒ සඳහා අවශ්‍ය පහසුකම් මෙන්ම මඟපෙන්වීම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය මඟින් සිදුකෙරේ. ඒ අනුව කර්මාන්ත ශාලා පවත්වාගෙන […]
ජනපි‍්‍රය රංගන ශිල්පී ශී‍්‍ර ලාල් අබේකෝන් මහතා අභාවප‍්‍රාප්ත වී තිබෙනවා. මීරිගම රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී අද පස්වරුවේ ඔහු මිය ගියා. අභාවප‍්‍රාප්ත වන විට ඔහු 72 වන වියේ පසුවුණා. ඔහුගේ දේහය පිලිබද අවසන් කටයුතු හෙට සිදුකිරීමට නියමිතයි. බොහෝ දෙනෙකු ඔහුව හදුනාගත්තේ කෝපි කඩේ ටෙලිනාට්‍යයේ අප්පුවාගේ චරිතය නිරූපණය කිරීමත් සමගයි.
කොරෝනා වෛරසය හේතුවෙන් අඩාල වූ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කර ආර්ථිකය යළි පනගැන්වීම වෙනුවෙන් සැලසුම් කළ උපාය මාර්ග මේ සති අන්තයේදී ප‍්‍රකාශයට පත්කරන බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළා.