දකුනු ඉන්දියාවේ සිදු වූ බෝට්ටු අනතුරකින් පුද්ගලයින් 12 දෙනෙකු මිය ගොස් තිබෙනවා.අනතුර සිදු වුනේ අන්ද්‍රා ප‍්‍රදේශ හී ගොඩවරී ගංගාවේදීයි සංචාරක බෝට්ටුව ගල් පර්වතක ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි ඉන්දීය සහන කන්ඩායම් සදහන් කලේ. අනතුර සිදු වන අවස්ථාවේ පුද්ගලයින් 60 දෙනෙකු පමණ එහි ගමන් කර තිබෙනවා. පුද්ගලයන් 27 දෙනෙකු බේරා ගෙන ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා […]
පැය එක හමාරක පමණ ප‍්‍රකාශයක් ලබා දීමෙන් පසු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවෙන් පිටව ගොස් තිබෙනවා.රාජ්‍ය ආයතන වල දුෂණ වංචා සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවට අග‍්‍රාමාත්‍යවරයා පැමිණියේ කෘෂිකර්ම අමාත්‍යංශය පවතිවාගෙන යාම සදහා රාජගිරිය ප‍්‍රදේශයේ ගොඩනැගිල්ලක් අධික බදු පදනම මත ලබා ගැනීම සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයට අදාළව ප‍්‍රකාශයක් ලබා දීම සදහායි. හිටපු […]
දිවයින පුරා පවතින අයහපත් කාලගුණ තත්ත්වය නිසා ගංඟා කිහිපයකම මේ වන විට ජල මට්ටම ඉහළ ගොස් පිටාර මට්ටමට ළගා වී ඇති බව වාර්තා වෙනවා. ඒ අනුව කැළණි ගඟ ,අත්තනගලු ඔය කලු ගඟද අධික වැසි හේතුවෙන් ජල මට්ටම ඉහළ ගොස් ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා. විශේෂයෙන්ම මේ වන විට නාය යෑම් අනතුරු ඇගවීම්ද ප්රදේශ […]
ජනපතිවරණය ප්‍රකාශයට පත් කිරීමේ පුර්ණ බලතල මැතිවරණ කොමිසම සතු වී තිබෙනවා. ඒ අනුව ඉදිරි ජනපතිවරණය පවත්වන දිනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ඔක්තෝම්බර් 14 දිනට පෙර ප්‍රකාශයට පත් කල යුතුව තිබෙනවා. මෙවර ජනපතිවරණයෙදී නව ජන්ද දායකයින් 231, 209 කට අවස්ථාව හිමිව තිබෙනවා.
පසුගියදා සෞදි ආරාබියේ අරම්කො රාජ්‍ය ඛනිජ තෙල් ව්‍යාපාරයට අයත් ප්‍රධාන පිරිපහදු මධ්‍යස්ථාන දෙකකට එල්ල වූ ද්‍රෝන ප්‍රහාර හේතුවෙන් ලෝක බොරතෙල් මිල ඉහල ගොස් තිබෙනවා. සෞදි ආරාබිය ලෝකයේ ප්‍රධාන තෙල් අපනයනකරුවා වන අතර ඒ අනුව ලෝක තෙල් මිල කෙරෙහිත් ගෝලීය ආර්ථිකය කෙරෙහිත් සැලකිය යුතු බලපෑමක් මේ හේතුවෙන් එල්ල වී තිබෙනවා. කෙසේ වෙතත් තෙල් මිල එලෙස ඉහල […]
අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අද රාජ්‍ය ආයතනවල දුෂණ වංචා සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවට කැදවා තිබෙනවා. ලිපියක් යොමු කරමින් දැනුම් දී ඇත්තේ පෙරවරු 9ට කොමිසම හමුවේ පෙනී සිටින ලෙසයි. කෘෂි කර්ම අමාත්‍යංශය පවතිවාගෙන යාම සදහා රාජගිරිය ප‍්‍රදේශයේ ගොඩනැගිල්ලක් අධික බදු පදනම මත ලබා ගැනීම සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයට අදාළව මෙම කැදවීම සිදු කර තිබෙනවා.මේ […]
කෘත්‍යාධිකාරී මණ්ඩලයේ දී එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා නම් කරන බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා. අග‍්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ සිවිල් සංවිධාන නියෝජිතයන් හමුවේ ඊයේ පස්වරුවේ අරලියගහ මන්දිරයේදී හමුවෙමින්. පුළුල් බලවේග එකතු කරගත හැකි වැඩපිළිවෙළක් සහ ඒ සඳහා වන ක‍්‍රියාකාරී සැලැස්මක් ඉදිරිපත් කරන ලෙස පක්ෂයේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමට බලාපොරොත්තු වන සැමට තමා ප්රකාශ […]
ශ්රී ලංකා නිදහස් පක්ෂය අවතක්සේරුවට ලක් කිරීමට කිසිවෙකුට ඉඩ නොතබන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. ජනාධිපතිතුමා මේ බව කියා සිටියේ ඊයේ පස්වරුවේ රත්නපුරයේ දී පැවති ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ රත්නපුර දිස්ති‍්‍රක් සමුළුවට එක්වෙමින්. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරියේ දී දිස්ති‍්‍රක්ක මට්ටමින් පැවැත්වීමට නියමිත සමුළුව මාලාවේ ප‍්‍රථම සමුළුව ලෙස මෙය සංවිධාන කර තිබුණා.
දකුණු ආසියාවේ උසම කුළුණ වන නෙළුම් කුළුණ අද විවෘත කිරීමට නියමිතයි.ඒ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන්. 2012 වසරේ ඉදිකිරීම් ආරම්භ කළ නෙළුම් කුළුණ සැළකෙන්නේ දකුණු ආසියාවේ උසම සන්නිවේදන කුළුණ ලෙස යි. මහල් 17 කින් යුත් මෙම කුළුණ මීටර් 356 ක උසකින් යුක්තයි.මේ සඳහා වැය වූ මුදල අමෙරිකානු ඩොලර් මිලියන 104 ක්. ඉන් 80 % ක් […]
දිවයිනේ බස්නාහිර, සබරගමුව, වයඹ, මධ්‍යම සහ දකුණු පළාත් වලට මිලි මීටර 100- 150 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම තද වැසි හේතුවෙන් ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යට වී තිබෙනවා. ඒම නිසා එම ප්‍රදේශ වලට නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පියවර තිබෙනවා.ඒ අනුව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් […]
පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් පසු ජාතික තවුහිද් ජමාත් සංවිධානය සමග සම්බන්ධ පැවැත්වූ බවට සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයන් 64 දෙනෙකු අද (12දා) මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු 26 වැනිද දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මඩකලපුව මහේස්ත්‍රාත් ඒ.සී. රිස්වාන් මහතා නියෝග කර තිබෙනවා. මෙලෙස රක්‍ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ නුවරඑළිය ප්‍රදේශයේ පිහිටි ජාතික තවුහිද් ජමාත් මූලස්ථානයේ ආයුධ පුහුණු […]
එළිමහන් සිරකඳවුරුවල පුනරුත්ථාපනය ලබන සිරකරුවන් 450 කගේ සහභාගිත්වයෙන් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ හා රුවන්වැලි සෑ රඳුන් අභියස විශේෂ පින්කම් මාලාවක් පැවැත්වීමට අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය හා බන්ධනාගාර දෙපාර්තමේන්තුව කටයුතු සංවිධානය කර තිබෙනවා. 2019.09.15 දින පස්වරු 2.00 ට පින්කම් මාලාව ආරම්භ වන අතර එම අවස්ථාව සඳහා අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ […]