ඊයේ දිනය තුල මෙරටින් නව කොරෝනා ආසාදිතයින් 737ක් හදුනා ගත් අතර ඒ අනුව මේ වන විට මෙරට හදුනා ගත් මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 59, 167 ක් දක්වා ඉහල ගොස් තිබෙනවා. එමෙන්ම ඊයේ දිනය තුල තවත් ආසාදිතයින් 653 දෙනකු සුවය ලබා රෝහල්වලින් පිටව ගිය අතර ඒ අනුව මේ වන විට සුවය ලැබූ සමස්ත කොරෝනා කොරෝනා […]
සබරගමුව පළාතේත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක ප.ව. 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතිනු ඇත. බස්නාහිර, මධ්‍යම සහ සබරගමුව පළාත්වල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇති විය හැක.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ශානි අබේසේකර මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ මේ වනවිට සාක්ෂි දෙමින් සිටිනවා. ඒ, ස්කයිප් තාක්ෂණය ඔස්සේයි. රිමාන්ඩ් භාරයේ පසු වන ශානි අබේසේකර මහතා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතුරතුර ස්කයිප් තාක්ෂණය ඔස්සේ සාක්ෂි ලබා දෙමින් සිටින බවයි වාර්තා වන්නේ.
හේෂා විතානගේ සහ චමින්ද විජේසිරි යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ස්වයං නිරෝධායනයට යොමුකර තිබෙනවා. ඒ, ඔවුන් කොරෝනා ආසාදිතයෙකු ලෙස හදුනාගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතාගේ ආශ්‍රිතයින් ලෙස හදුනා ගැනීමෙන් අනතුරුවයි.
පාඨලී චම්පික රණවක මහතා සමගි ජන බලවේගයේ සාමාජිකත්වය ලබා ගෙන තිබෙන බව වාර්තා වෙනවා.
කොරෝනා වෛරසය හේතුවෙන් මතුව ඇති අවදානම් තත්වය නිසා අනුරාධපුර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දිස්ත්‍රික් කාර්යාලය තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් සුමිත් සී. කේ. අලහකෝන් මහතා මේ බව සඳහන් කළා.
ඇගලුම් සේවිකාවකගේ මළසිරුරක් හොරණ ලැගුම්හලක විදුලි ලංකාවේ එල්ලෙමින් තිබියදී පොලිසිය විසින් සොයගෙන තිබෙනවා. ඒ ලද තොරතුරක් මතයි. අදාල මිය ගිය ඇඟලුම් සේවිකාව ඉකුත් දා පෙරවරු 10.30 ට පමණ යතුරුපැදියකින් තනිව එම ලැගුම්භල වෙත පැමිණ තිබෙන අතර එහිදී ඇය විසින් රුපියල් 1000 ක් ගෙවා පැය හයකට පමණ කාලයකට කාමරයක් එම ලැගුම්හලේ සේවකයින් විසින් ලබා දී තිබෙනවා. […]
අද දිනයේ බස්නාහිර පළාතේ පාසල් 907 ක අධ්‍යන කටයුතු ආරම්භ කෙරෙනු අතර ඒ මෙවර සා/ පෙළ විභාගයට පෙනී සිටිමිට නියමිත දරුවන් වෙනුවෙන්. කෙසේ වෙතත් කොරෝනා තත්වය පවතින පසුබිමක පාසල් විවෘත කිරීම හේතුවෙන් දැඩි ලෙස සෞඛ්‍ය උපදෙස් අනුකුලව කටයුතු කිරීම වඩා වැදගත් බවයි එම අංශ සදහන් කරන්නේ. මේ අනුව එම වැඩපිළිවෙලේ පියවරක් ලෙස පාසල් ආශ්‍රිතවත් අහඹු […]
ගතවූ පැය 24 තුලදී මුව ආවරණ නොපැලඳීම සහ සමාජ දුරස්ථභාවය පවත්වා නොගැනීම ඇතුළු නිරෝධායන රෙගුලාසි කඩකිරීම හේතුවෙන්පුද්ගලයින් 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ අනුව ඉකුත් ඔක්තෝම්බර් මස 30 වනදා සිට මේ දක්වා කාලය තුල මෙලෙස නිරෝධායන රෙගුලාසි කඩකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති සමස්ථ පුද්ගලයින් සංඛ්‍යාව 2,746 ක්. එම පිරිස අතරින් පුද්ගලයින් 2,600 කට මේ වන […]
ස්වයං නිරෝධායනය වෙමින් සිටි පොලිස් සැරයන්වරයෙකු නිවසින් බැහැරට ගිය අවස්ථාවක අනතුරකට ලක්ව ඇති බව පොලිසිය පවසනවා. අදාළ සැරයන්වරයා කොවිඩ් 19 වෙෙරසය ආසාදනය වූ පොලිස් නිලධාරියෙකුගේ ආශ්‍රිතයෙකු වීම හේතුවෙන් ස්වයං නිරෝධායනය වන ලෙසට සෞඛ්‍ය අංශ උපදෙස් දී තිබුණා. කෙසේ වෙතත් නිරෝධායනය වෙමින් සිටින අතරතුර සිය යතුරුපැදියෙන් නිවසින් බැහැරට ගොස් තිබූ නිලධාරියා ටිපර් රථයක ගැටී අනතුරට ලක්ව […]
කොරෝනා වෛරසය හේතුවෙන් තවකාලිකව නවතා දමා තිබු සියලු දුම්රියන් අද සිට සාමාන්‍ය පරිදි ධාවනයට එක් කරන බව දුම්රිය දෙපාර්තුමේන්තුව සදහන් කරනවා. ඒ අනුව අද සිට දුර ගමන් සේවා සියල්ලම ධාවනයට එක් කිරීමට නියමිත බවයි එම දෙපාර්තුමේන්තුව වැඩි දුරටත් සදහන් කරන්නේ. රාත්‍රී තැපැල් දුම්රියද අද සිට ධාවනයට එක් කෙරනු ඇති.
බ්‍රසීලයේ ටොකැන්ටින්ස් ප්‍රාන්තයේ සිදුවු ගුවන් අනතුරකින් පාපන්දු ක්‍රීඩකයින් සිව් දෙනෙකු මියගොස් ඇති බව විදෙස් වාර්තා සදහන් කරනවා. මෙම ක්‍රීඩකයින් තරගාවලියක් සදහා ගොස් සිටියදී එහිදී ඔවුන්ට සිදු කරන ලද PCR පරීක්ෂණ වලදී ඔවුන් කොරෝනා ආසාදිතයින් බව හදුනා ගැනීමත් සමග නැවත පැමිණෙමින් සිටියදී මෙම අනතුර සිදුව ඇත්තේ. මෙම අනතුරෙන් ක්‍රීඩකයින් ඇතුළු ගුවන් නියමුවාද මිය ගොස් තිබෙනවා.