මේ වන විට ලෝක ප්‍රජාවගේ අවදානයට යොමුව තිබෙන ඇමසන් වනයේ ඇති වී තිබෙන ලැව් ගිනි සම්බන්දයෙන් ඇති වී තිබෙන නවතම තත්වය නම් ගෙවී යන දශකයේ අතිශය බිහිසුණුව ලැව්ගිනි ජාලයකින් බ්‍රසීලියේ ඇමසන් වනාන්තරයට දරුණු හානියක් සිදුවෙමින් පවතින බව ලෝක පරිසර සංවිධාන පවසන්නේ. විශේෂයෙන් බ්‍රසීලයේ උතුරුදිග රොරෙයිමා, අක්රේ, රොනෝඩෝනියා සහ ඇමසෝනාස් යන ප්‍රාන්ත මෙන්ම මාටෝ ග්‍රොස්සෝ ඩු […]
නාවික හමුදාව සහ කොළඹ ත්‍රස්ත මර්ධන හා විමර්ශන කොට්ඨාශය එක්ව යාපනය, අලියාවලේයි, මුහුදු ප්‍රදේශයේ සිදු කළ කිමිදුම් මෙහෙයුමකදී දිය යට සඟවා තිබූ පුපුරණ ද්‍රව්‍යයැයි සැක කෙරෙන පාර්සලයක් සොයා ගැනීමට සමත් වී තිබෙනවා. පසුගිය 21 දින උතුරු නාවික විධානය සහ කොළඹ ත්‍රස්ත මර්ධන හා විමර්ශන කොට්ඨාශය එක්ව යාපනය, අලියාවලේයි, මුහුදු ප්‍රදේශයේ සිදු කල කිමිදුම් මෙහෙයුමකදි දිය […]
පසුගියදා අමාත්‍ය ධුරවලින් ඉල්ලා අස් වූ ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසයේ මන්ත‍්‍රීවරුන් දෙදෙනෙකු යළිත් අමාත්‍ය ධුර ලබාගැනීමට තීරණය කර තිබෙන අතර මෙලෙස යළි ධුර භාර ගැනීමට තීරණය කර ඇත්තේ ෆයිසාල් කාසිම් සහ අලි සහීර් මවුලානා යන මන්ත‍්‍රීවරුන් වන අතර ෆයිසාල් කාසිම් මීට පෙර සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යවරයා ලෙසද අලි සහීර් මවුලානා ප‍්‍රාථමික කර්මාන්ත හා සමාජ සවි බල […]
ඊයේ රාත්‍රියේ සිව් දින නිළ සංචාරයක් සඳහා අන්තර් ජාතික ක්‍රිකට් සම්මේලනයේ සභාපති ශශාන්ක් මනෝහර් මහතා ශ්‍රී ලංකාවට පැමිණියා. ඔහු පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ශ්‍රී ලංකා – නවසීලන්ත දෙවන ටෙස්ට් තරඟය නැරඹීමට ද පැමිණීමට නියමිතව ඇති අතර මෙරට රැදී සිටින කාලය තුළ ක්‍රීඩා අමාත්‍යවරයා සහ ක්‍රිකට් බලධාරීන් සමඟ සාකච්ඡාවල නිරත වීමටද තීරනය කර තිබෙනවා. අයි.සී.සී. […]
සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන ටෙස්ට් තරගයේ දෙවන දිනය අදයි. තරගය කොළඹ පී සරා ඕවල් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන අතර ඊයේ ආරම්භ වු තරගයට අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් බාධා එල්ල වුණ අතර ඊයේ දිනයේ නියමිත වේලාවට වඩා පැය කිහිපයක් ප්‍රමාද වී ආරම්භ වූ අතර තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම දිනය […]
මිද්දෙණිය පොලිස් වසමේ සමුහ ගොවිපොල ප්‍රදේශයේ නිවසක් තුළදී පුද්ගලයෙකුට වෙඩි තබා තුවාල සිදුකර තිබෙනවා. ඊයේ(22) රාත්‍රී 8.10ට පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇති බව පොලීසිය ප්‍රකාශ කළා. මෙම වෙඩි තැබීමෙන් තුවාල ලබා ඇත්තේ වයස අවුරුදු 20ක් වු සමුහ ගොවිපොල ප්‍රදේශයේම පදිංචි දීපාල් මධුරංග නැමති පුද්ගයෙක්.එම පුද්ගලයා අඹිලිපිටිය රෝහලේ ප්‍රතිකාර ලබනවා. මෙම වෙඩි තැබීම කවුරුන් විසින් […]
ශ්රී ලංකා නාවික හමුදාවේ මෙහෙයුම් කටයුතු පුළුල් කිරීම වෙනුවෙන් මහජන චීන සමූහාණ්ඩුව මගින් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත ලබා දුන් පී625 නෞකාව ඊයේ (22) පස්වරුවේ කොළඹ වරාය, නැගෙනහිර පර්යන්ත පරිශ්‍රයේ දී සන්නද්ධ හමුදා සේනාධිනායක, ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සුරතින් “ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රමබාහු” නමින් අධිකාරියට පත් කෙරුණා. අභිනව නෞකාවේ අණදෙන නිලධාරි, කපිතාන් නලීන්ද්‍ර […]
ඩුබායි හි සිට ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන පොලීසිය භාරයේ රඳවා සිටින කංජිපානි ඉම්රාන් හට වසර 6ක සිරදඬුවම් නියමකර තිබෙනවා. කංජිපානි ඉම්රාන් අද(07) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම සිර දඩුවම නියම වුණා.
පාර්ලිමේන්තු විවාදයක් අතරතුර බිළිඳෙකුට කිරි පෙවූ කතානායකවරයෙක් පිළිබඳව පුවතක් නවසීලන්තයෙන් වාර්තා වනවා. නවසීලන්ත නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ විවාදයක් අතරතුර එහි කතානායක ට්‍රෙවර් මල්ලාර්ඩ් (Trevor Mallard) බිළිඳෙකුද අතැතිව සිටින අයුරු දැක්වෙන දර්ශන මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් වී තිබෙනවා. එම බිළිඳා කම්කරු පක්ෂයේ මන්ත්‍රී ටමටි කොෆී සහ ඔහුගේ සැමියා වන ටිම් ස්මිත් සමරිසි යුවළගේ පුතු බව සඳහන්. මල්ලාර්ඩ් […]
පෘතුවියේ හදවත ලෙස හදුන්වන ඇමසන් වනය ආශ්‍රිත කලාපය මේ වන විට ගිනිගෙන දැවෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. පසුගිය දින කිහිපයක සිට ඇමසන් වැසි වනාන්තරය තුල වාර්තාගත ගින්නන් වාර්තා වූ අතර මේ වන විට මේ පිලිබදව ලෝක නායකයින්ගේ අවධානයට ලක් වී තිබෙනවා. පසුගිය දිනවල අභ්‍යවකාශ පර්යේෂණය සදහා වූ ජාතික අධ්‍යාපන ආයතනය ප්‍රකාශයට පත් කරන ලද […]
මිහින්තලය පුදබිම ප්‍රථම වතාවට පැය 24 මුළුල්ලේම ආලෝකවත් කිරීමට අගමැති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් මත විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය යටතේ ඇති සීමාසහිත ලංකා විදුලි පෞද්ගලික සමාගම පියවර ගෙන තිබෙනවා. සමාජ වගකීම් ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කෙරෙන මේ සඳහා රුපියල් මිලියන 275ක් වෙන් කර ඇති බව සදහන්. මේ යටතේ අනුරාධපුර අටමස්ථානය, රුවන්වැලි මහා සෑය, ශ්‍රී මහා බෝධීන් […]
ගල්කිරියාගම පහමිණියාගම සිරිසදහම් උපදේශණ මධ්‍යස්ථානාධිපති කාලීන ධර්ම දේශක පුජ්‍ය කාගම සිරිනන්ද හිමියන් රිය අනතුරකට ලක්ව තිබෙනවා. ඊයේ (22) පස්වරුවේ උන්වහන්සේ වැඩම කළ කැබ්රථය මැල්සිරිපුර අඹන්පොල ප්‍රදේශයේදී මාර්ගයේ ලිස්සා ගොස් මාර්ගයෙන් ඉවතට පැන පෙරලී යාමෙන් අනතුර සිදුව ඇති බවයි වාර්තා වුණා. අනතුරින් තුවාල ලබා ඇති කාගම සිරිනන්ද හිමියෝ හා කැබ්රථයේ රියදුරු ප්‍රතිකාර සදහා කුරුණැගල ශීක්ෂණ රෝහලට […]