News Line| Off Air
Generic placeholder image

Jul
26

අගෝස්තු පළමුවැනදා රජයේ උපාධිධාරීන් 15,000කට රැකියා

Generic placeholder image

එළඹෙන අගෝස්තු පළමුවැනදා රජයේ උපාධිධාරීන් 15,000කට රැකියා ලබාදෙන බවත්, ඔවුන් අතරින් 5,000ක පිරිසක් ගුරුවරුන් ලෙස පාසල් අධ්‍යාපන පද්ධතියට එක්කරගැනීමට කටයුතු කරන බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා. ප්‍රාථමික ශ්‍රේණි පාසල් දරුවන්ට නොමිලේ කිරි වීදුරුවක් ලබාදීම වෙනුවෙන් පසුගිය දා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති ජාතික උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මේ අදහස් පළ ‍කළා. ගතවූ […]


Jul
26

පොහොට්ටුව සමග දේශපාලන පක්ෂ 10 ක් අවබෝධතා ගිවිසුමකට එළඹෙයි

Generic placeholder image

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ දේශපාලන පක්ෂ කිහිපයක් අද පෙරවරුවේ විජේරාම මාවතේ පිහිටි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂගේ නිල නිවසේදී අවබෝධතා ගිවිසුමකට එළඹුනා. ඒ අනුව මෙතෙක් ඒකාබද්ධ විපක්ෂය නියෝජනය නොකළ සහ පාර්ලිමේන්තුව නියෝජනය නොකරන දේශපාලන පක්ෂ 10 ක් මෙලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ ගිවිසුම්ගතව තිබෙනවා. එම ගිවිසුම්ගත වූ පක්ෂ වන්නේ හේමකුමාර නානායක්කාරගේ මව්බිම ජනතා පක්ෂය, […]


Jul
26

බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර පළමු තරගය අද

Generic placeholder image

සංචාරක බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය අද ආරම්භ වීමට නියමිතව තිබෙනවා. දිවා රාත්‍රි තරගයක් ලෙස පළමු තරගය අද ආර් ප්‍රේමදාස ක්‍රීඩාගංනයේ දී පැවැත්වෙනවා. මෑත යුගයේ විශිෂ්ඨතම වේග පන්දු යවන්නා ලෙස විරුදාවලිය ලත් ලසිත් මාලිංග ක්‍රිකට් ලොවට සමුදීමේ සාධකය මෙම තරගයේ විශේෂත්වය වන අතර ඔහුට ගෞරවයක් ලෙස තරගය නැරඹීමට විශාල […]


Jul
26

යාල වනෝද්‍යානයේ මැණික් ජාවාරුම්කරුවන් පිරිසක් හා වනජීවී නිළධාරීන් අතර වෙඩි හුවමාරුවක්

Generic placeholder image

යාල වනෝද්‍යානයේ කලාප අංක 03 ප්‍රදේශයේ මැණික් ගගේ පුද්ගලයින් පිරිසක් නිතිවිරෝධි අයුරින් මැණික් ගරමින් සිට ඇති අතර එම පිරිස හා වනජීවී නිලධාරීන් අතර ඊයේ (25) වෙඩි හුවමාරුවක් සිදුව තිබෙනවා. වනජීවි නිලධාරින් විසින් සිදුකල වෙඩි තැබිමෙන් ජාවාරම්කරුවෙකුට වෙඩි වැදී ඇති අතර ඔහුද කැටුව නීති විරෝධිව මැණික් ගරමින් සිටි සැකකරුවන් තිදෙනෙකු පළා ගොස් තිබෙනවා. තුවාල ලැබූ පුද්ගලයා […]


Jul
26

මහ බැංකු අධිපති සහ නීතිපති අද තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි දෙයි

Generic placeholder image

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව සොයා බැලෙන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව අද යළි රැස්වීමට නියමිතයි. එය පෙරවරු 09 ට ආරම්භ වන අතර, සාක්ෂි විමසීම සඳහා පළමුවෙන් මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි කැඳවීමට තීරණය කළ බව කමිටු සභාපති, නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි කියා සිටියා. අනතුරුව නීතිපති දප්පුල ද ලිවේරා කමිටුව හමුවේ සාක්ෂි ලබාදීමට නියමිතව තිබෙනවා. මීට අමතරව […]


Jul
26

මධ්‍යම සහ සබරගමුව පළාත්වල තැනින් තැන වැසි

Generic placeholder image

මධ්‍යම සහ සබරගමුව යන පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ක පමණ තරමක තද වැසි අපේක්‍ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. එමෙන්ම බස්නාහිර, වයඹ යන පළාත්වලට මෙන්ම ගාල්ල සහ මාතර දිස්ති‍්‍රක්කවල ඇතැම් ප‍්‍රදේශවලට අද දිනයේ වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කළා. පුත්තලම හා මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා වන මුහුදු ප‍්‍රදේශවල […]


Jul
26

බෞද්ධාලෝක මාවත ආශි‍්‍රතව නව රථ වාහන සැලැස්මක්

Generic placeholder image

කොළඹ මහනගර සභාව විසින් සිදුකරන කැණීම් කටයුත්තක් හේතුවෙන් බෞද්ධාලෝක මාවතේ,ස්ටැන්ලි විජේසුන්දර මාවත හංදියේ සිට තුන්මුල්ල වටරවුම දක්වා වු මාර්ගයේ කොළඹින් පිටවීමේ මංතීරුවේ ගමනා ගමන කටයුතු සීමා කර තිබෙනවා. ඒ අනුව ජූලි මස 26 වන දින සිට ඔක්තෝබර් මස 25 වන දින දක්වා මෙම සැලැස්ම ක්‍රියාත්මක වන බව සදහන්. බෞද්ධාලෝක මාවතේ,ස්ටැන්ලි විජේසුන්දර මාවත හංදියේ සිට තුන්මුල්ල […]


Jul
25

25 වන ජාතික විරුජන සම්මාන උළෙල විපක්‍ෂ නායකගේ ප්‍රධානත්වයෙන්

Generic placeholder image

25 වන ජාතික විරුජන සම්මාන උළෙල අද (25) පස්වරුවේ විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණා. වීර පොදුජන පදනම මඟින් මෙම සම්මාන උළෙල සංවිධානය කර ඇති අතර 2019 වර්ෂයේ විවිධ ක්‍ෂේත්‍රයන්හි වීර ක්‍රියාවන්හි නියුතු වූවන් සඳහා මෙහිදී සම්මාන ප්‍රධානය කරනු ලැබුවා. මෙම අවස්ථාවට කථානායක කරු ජයසූරිය, පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක […]


Jul
25

මාලිගේ ආරාධනය පිලිගන්නවා මැච් එක බලන්න මාත් එනවා – නුවන් කුලසේකර

Generic placeholder image

හෙට දින සංචාරක බංග්ලාදේශය හා ශී‍්‍ර ලංකාව අතර පැවැත්වීමට නියමිත එක්දින කි‍්‍රකට් තරගාවලියට ලසිත් මාලිංග විසින් නුවන් කුලසේකර වෙත කළ ආරාධනය පිළිගන්නා අතර එය නැරඹීමට ඔහු සහභාගි වන බව නුවන් කුලසේකර සදහන් කළා.


Jul
25

ව්‍යාවසායකයින් සදහා ණය යෝජනා ක්‍රම 17ක්

Generic placeholder image

“පොහොසත් රටක් ව්‍යාවසායක පාරාදීසයක්” යන දැක්ම යටතේ එන්ටර්ප්‍රයිස් ශ්‍රි ලංකා වැඩසටහන මඟින් ණය යෝජනා ක්‍රම 17ක් රජය විසින් ක්‍රියාත්මක කර තිබෙනවා. මේ යටතේ රුපියල් 50,000 සිට රුපියල් මිලියන 750 දක්වා ණය මුදල් ව්‍යාවසායකයන් සඳහා නිකුත් කර ඇති අතර උපාධිධාරීන්, ස්වයංරැකියාලාභීන් හා මාධ්‍යවේදින් සඳහා පොලී රහිත ණය ලබා දෙන බවත් සෙසු ව්‍යාවසායක කණ්ඩායම් සඳහා අවම පොලී […]


Jul
25

බි‍්‍රතාන්‍යයෙන් ආ කසළ කන්ටේනර් ගැන නීතිපතිගෙන් අභියාචණාධිකරණයට පොරොන්දුවක්

Generic placeholder image

බි‍්‍රතාන්‍යයේ සිට රැගෙනවිත් ඇති කසල කන්ටේනර ලබන සදුදා දක්වා පරිසරයට හානියක් නොවන පරිදි රදවා තබා ගන්නා බවට නීතිපතිවරයා අභියාචනාධිකරණය වෙත අද පොරොන්දුවක් ලබා දී තිබෙනවා. ඒ අනුව කොළඹ වරායේ සහ කටුනායක අපනයන සැකසුම් කලාපයේ දැනට රදවා ඇති එම කන්ටේනර පරිසරයට මුදා නොහැර ඒ ආකාරයෙන්ම තබාගන්නා බවට නීතිපතිවරයා එකග වී ඇති බව සදහන්. බි‍්‍රතාන්‍යයේ සිට ශී‍්‍ර […]


Jul
25

වෛද්‍ය සාෆි ඇප මත මුදාහරී

Generic placeholder image

අයථා ලෙස මුදල් ඉපැයීම, ත්‍රස්තවාදයට ආධාර අනුබලදීම සහ වඳ සැත්කම් සිදුකිරීම යන චෝදනා මත රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය සේගු ෂියාබ්දීන් මොහොමඞ් සාෆි ඇප මත මුදා හැරීමට කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය අද (25) නියෝග කළා. රුපියල් 250,000 ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 25 ක් වටිනා ශරීර ඇප 04ක් මත කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා […]


News Articles
Latest Videos
Most Popular Post