News Line| Off Air
Generic placeholder image

Jun
27

බස් රථයක් ප්‍රපාතයට පෙරලීමෙන් 20 දෙනෙකු රෝහලේ

Generic placeholder image

යටියන්තොට, සීපෝත් පාර, වී ඔය ප්‍රදේශයේදී බස් රථයක් ප්‍රපාතයට පෙරළීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 20 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. යටියන්තොට පොලිසිය පැවසුවේ අද(27) උදෑසන 8.15ට පමණ මෙම අනතුර සිදුව ඇති බවයි. පැලැන්පිටිය සිට අවිස්සාවේල්ල දක්වා ධාවනය වෙමින් තිබූ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස්රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 40ක පමණ ප්‍රපාතයට පෙරලීමෙන් අනතුර සිදුව ඇති අතර බස්රථයේ […]


Jun
27

හදිසි නීති විවාදය සදහා පාර්ලිමේන්තුව අද රැස් වෙයි

Generic placeholder image

හදිසි නීතිය මසකින් දීර්ඝ කිරීමේ විවාදයට පාර්ලිමෙන්තුව අද රැස්වීමට නියමිතව තිබෙනවා. පසුගිය 22 වනදා හදිසි නීතිය තවත් මසකින් දීර්ඝ කිරීමේ ගැසට් නිවේදනය ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබුවා. මහජන ආරක්ෂක ආඥා පනතේ දෙවන වගන්තියෙන් ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල ප‍්‍රකාරව එකී ආඥා පනතේ දෙවන කොටසේ විධිවිධාන දිවයින පුරාම කි‍්‍රයාත්මක විය යුතුයැයි එම ගැසට් පත‍්‍රයේ සදහන් වනවා.


Jun
27

එල්ලුම් ගහට එක්සත් රාජධානියේ විරෝධය

Generic placeholder image

මරණිය දණ්ඩනය ක්‍රියාත්මක කිරිම සදහා තමන් මේවන විටත් අත්සන් තබා ඇති බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් විවිධ පාර්ශව අදහස් පල කරමින් සිටිනවා. මේ සම්බන්ධයෙන් එකසත් රාජධානිය පවසන්නේ ශ්‍රී ලංකාවේ මරණිය දණ්ඩනය ක්‍රියාත්මක කිරිම සම්බන්ධයෙන් පල වන වාර්තා පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන බවයි. ඔවුන් නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ මරණිය දණ්ඩනය ක්‍රියාත්මක […]


Jun
27

දිවයින අවට මුහුදු ප්‍රදේශ රළු වෙයි

Generic placeholder image

දිවයිනේ සබරගමුව පළාතෙත් කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම කොළඹ සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත් වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මාතර දිස්ත්‍රික්ක වලත් විටින් විට හමන පැ.කි.මී. 40-50 […]


Jun
27

අද මධ්‍යම රාත්‍රියේ සිට යළිත් දුම්රිය නවතී

Generic placeholder image

වැටුප් විෂමතා ඇතුළු තම ගැටළුවලට මෙතෙක් නිසි විසඳුම් නොලැබීම හේතුවෙන් දුමිරිය පාලකවරුන්ගේ සංගමයේ සභාපති ලාල් ආරියරත්න මහතා පැවසුවේ කුමන බලපෑම් එල්ල වුවද අද මධ්‍යම රාත‍්‍රියේ සිට යළි  වැඩවර්ජනයක් සිදු කරන බවයි. මෙම ඉල්ලීම් මුල් කර ගනිමින් ඔවුන් ඉකුත් සතියේ පැය 48ක සංකේත වැඩවර්ජනයක් ද දියත් කළා. ඉන් පසුව වෘත්තීය සමිති පැවසුවේ සිය ඉල්ලීම් ලැබෙන තෙක් […]


Jun
27

අපරාජිත නවසීලන්තය පරාජිත කරමින් පකිස්තානය තවදුරටත් තරගාවලියේ

Generic placeholder image

ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ නවසීලන්තය හා පකිස්තානය අතර පැවති තරගයෙන් පකිස්තාන කණ්ඩායම ජය ගනිමින් අර්ධ අවසන් පූර්ව වටයට පිවිසීමේ බලාපොරොත්තු නංවා ගැනීමට ඊයේ සමත් වුණා. ඒ, නවසීලන්තයට එරෙහි තීරණාත්මක තරගය කඩුලූ 06කින් ජය ගනිමින්. තරගයේ ප‍්‍රථමයෙන් පන්දුවට පහරදුන් නවසීලන්තය කඩුලූ 06කට ලකුණු 237ක් රැස් කළා. පන්දු  යැවීමේදී පාකිස්තාන වේග පන්දු යවන්නන්ගෙන් නවසීලන්ත පිතිකරුවන්ට ප‍්‍රබල අභියෝගයක් […]


Jun
26

සෑම කෙනෙකුගේම ගරුත්වය ආරක්ෂා කරන බව ජනපති කියයි

Generic placeholder image

මැතිවරණ ඉලක්ක කර ගනිමින් රටේ ජන කොටස් අතර නොසන්සුන්තාවයන් ඇතිවන වෛරී ප්‍රකාශයන් ඇතැම් දේශපාලනඥයන් විසින් සිදු කළ ද රටේ සෑම පුරවැසියෙකුගේම ගරුත්වය සහ ආරක්ෂාව තහවුරු කෙරෙන වැඩපිළිවෙළ රාජ්‍ය නායකයා ලෙස තමා ක්‍රියාත්මක කර තිබෙන බව ජනාධිපතිවරයා පවසනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළේ මුස්ලිම් රටවල් එකමුතුවේ සාමාජිකත්වය ලබා සිටින මුස්ලිම් රටවල තානාපතිවරු සහ […]


Jun
26

යුධ හමුදාපති පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි දෙයි

Generic placeholder image

මේ වන විට ත්‍රස්තවාදය අවසන් වූ බවට කිසිම පුද්ගලයෙකුට ප්‍රායෝගිවකව ප්‍රකාශ කිරීමේ හැකියාවක් නොමැති බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා පවසනවා. ඒ මහතා පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ සොයාබැලීමේ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි ලබා දෙමින් මේ බව සඳහන් කළා. එමෙන්ම මෙම ත්‍රස්තවාදය ජාත්‍යන්තර ත්‍රස්තවාදයක් බවත් මේ වෙලාවේදී අප සටන් කරනු ලබන්නේ නොදැකපු […]


Jun
26

කංජිපානි ඉම්රාන් අද අධිකරණය හමුවට

Generic placeholder image

ඩුබායිහි සිට මෙරටට පිටුවහල් කිරීමෙන් අනතුරුව දැනට රැඳවුම් නියෝග මත පොලිසිය භාරයේ රඳවා සිටින පාතාල කල්ලි නායකයෙකු වන කංජිපානි ඉම්රාන් නිරීක්ෂණය සඳහා අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට යළි ඉදිරිපත් කරනු ලැබුවා. කොළඹ අපරාධ කොට්ඨාශය විසින් මෙම සැකකරුවන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා සිල්වා මහත්මිය හමුවට පමුණුවා තිබෙන අතර මෙහිදී පොලිසිය අධිකරණයට දන්වා සිටියේ ආරක්ෂක ලේකම්වරයාගෙන් ලබාගත් රැඳවුම් […]


Jun
26

සංවර්ධනයට වාහන තදබදය ලොකු බාධාවක් – චම්පික කියයි

Generic placeholder image

ශ්‍රී ලංකාවේ සංවර්ධනයට ලොකුම බාධාව උග‍්‍ර වාහන තදබදය බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසනවා. අමාත්‍යවරයා මෙම අදහස් පළ කර සිටියේ පානදුර ආතර් වී දියෙස් නාගරික උද්‍යානය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක් වෙමින්. එදා සිට ශ‍්‍රී ලංකාවේ පාලකයින් විශේෂයෙන්ම අධිවේගී මාර්ගවලට, ගුවන් පාලම්වලට අතිවිශාල උනන්දුවක් දැක්වූ නිසාම ඔවුන් ඒ සඳහා […]


Jun
26

ලක්‍ෂ 22ක් වටිනා විදෙස් දුම්වැටි තොගයක් රේගු දැලේ

Generic placeholder image

ඩුබායි සිට නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ රුපියල් ලක්ෂ විසි දෙකක් වටිනා ඩුබායි හි නිෂ්පාදිත දුම්වැටි 36,400ක් අඩංගු දුම්වැටි කාටූන් 182 ක් සගවා ගෙන සිටියදී ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු කටුනායක ගුවන් තොටුපළේ දී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ සැකකරුවන් ගම්පහ, යක්කල ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි ව්‍යාපාරිකයන් බව වැඩබලන රේගු මාධ්‍ය ප්‍රකාශක, රේගු අධිකාරී […]


Jun
26

කසල තේ සමග සැකකරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට

Generic placeholder image

ගෙලිඔය ප‍්‍රදේශයේ සිට පෑලියගොඩ දක්වා කන්ටේනර් රථ දෙකක් මාර්ගයෙන් ප‍්‍රවාහනය කරමින් තිබියදී කසල තේ කිලෝග‍්‍රෑම් 12,000 ක් සමග සැකකරුවන් පස් දෙනෙකු යටියන්තොටදී පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. යටියන්තොට පොලිස් මාර්ග බාධකයේදී එම කන්ටේනර් රථ දෙක පරීක්‍ෂාවට ලක් කිරීමේදී මෙම කසල තේ තොගය සොයා ගනු ලැබුවා. පොලිස් භාරයට ගැණුනු මෙම එක් කන්ටේනර් රථයක් 2018 වසරේද කසල […]


News Articles
Latest Videos
Most Popular Post