පසුගියදා ඩුබායිහිදී අත් අඩංගුවට ගත් මාධුකරේ මධූෂ් ඇතුළු පිරිස ලංකාවට පිටුවහල් කරන ලද බව මාධ්‍ය හරහා ප්‍රකාශ කෙරුණත් මාධුකරේ මධූෂ් සම්බන්ධයෙන් තවමත් තොරතුරු වාර්තා වන්නේ නෑ. කිහිප අවස්ථාවන්හිදී නදීමාල් පෙරේරා, කංජිපානී ඉම්රාන් ඇතුළු පිරිසක් පිටුවහල් කිරීමට ඩුබායි පොලීසිය කටයුතු කළා. මෙහිදී පරීක්ෂණ වලින් අනතුරුව නදීමාල් පෙරේරා ඇතුළු කිහිප දෙනෙකු ප්‍රකාශ ලබාගැනීමෙන් අනතුරුව නිදහස් කිරීමට අපරාධ […]
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය පැනවීමේ දින වකවානු මේ වනවිට තමා තීරණය කර තිබෙන බවත්, කුමන අභියෝග මධ්‍යයේ වුවද මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහි සාර්ථක අවසානයක් කරා මෙහෙයවන බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කරා. අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ මගපෙන්වීම යටතේ සර්වාගමික නායකයන්ගේ සහභාගිත්වයෙන් ඊයේ (31දා) පස්වරුවේ මෝදර විට්ස්වයික් උද්‍යානයේ පැවැති මත්ද්‍රව්‍ය විරෝධී වැඩසටහනට එක්වෙමින් එතුමා මේ බව සඳහන් […]
බස්නාහිර පළාතේ පෞද්ගලික බස් රථ රියදුරන් සහ කොන්දොස්තරවරුන් මත්ද්‍රව්‍ය භාවිත කරන්නේ දැයි සොයා බැලීමටත් මගීන්ට ප‍්‍රවේශ පත‍්‍රයක් ලබාදෙනවාද? නැද්ද? යන්න සම්බන්ධයෙනුත් අද (01) සිට පුළුල් මෙහෙයුමක් සිදුකෙරෙනවා.මගීන්ට ප‍්‍රවේශපත‍්‍රයක් ලබාදීම අනිවාර්ය වුවත් මේ වනවිට එය නිසි පරිදි සිදු නොවන බවද සභාපතිවරයා පැවසුවා. බස්නාහිර පළාතේ සියළු පෞද්ගලික බස් රථ සඳහා ලබාදී ඇති වර්ණයට පිටින් යමින් වෙනත් වර්ණයක් […]
මාතලේ පොලිස් වසමේ පන්සල තැන්න කන්දේ හදිසි ගින්නක් හට ගෙන ඇතැයි පොලීසිය පවසයි. ඊයේ(31) දින දහවල් 1ට පමණ මෙය හට ගෙන තිබේ. මාතලේ පොලීසියට ලද තොරතුරක් මත වහා ක්‍රියාත්මක වු පොලීසිය, මාතලේ මහනගර සභාවේ ගිනි නිවීමේ ඒකකය, උකුවෙල යුද හමුදා කඳවුරේ නිලධාරීන්, ගුවන් හමුදා හෙලිකොප්ටර් රථ හා ප්‍රදේශවාසීන්ගේ සහය ඇතිව ගින්න පාලනය කර තිබේ. ගින්න […]
යාපනය ප්‍රදේශයේදී කේරල ගංජා කිලෝග්‍රෑම් 13 ක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව යාපනය පොලීසිය ප්‍රකාශ කරනවා. පොලීසිය පැවසූවේ කේරල ගංජා කිලෝග්‍රෑම් 12 ක් සමඟ යාපනය තිරුනෙල්වේලි ප්‍රදේශයේදී පුද්ගලයින් දෙදෙනෙකු හා කේරළ ගංජා කිලෝග්‍රෑමයක් සමඟ තවත් පුද්ගලයෙකු යාපනය අරියාලෙයි ප්‍රදේශයේදී ඊයේ(31) අත්අඩංගුවට ගෙන තිබෙන බවයි. යාපනය වැල්වැටිතුරෙයි හා අරියාලෙයි ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් එලෙස අත්අඩංගුවට […]
මෙරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගත් අධිකරණ ක්‍රියාවලිය අවසන් කළ නීති විරෝධී මත්ද්‍රව්‍ය ප්‍රසිද්ධියේ විනාශ කිරීම අද(01) සිදුකිරිමට නියමිතව තිබෙනවා. අද පෙරවරුවේ කැලණිය මගුරුවෙල පිහිටි ගබඩා සංකීර්ණයකදී මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් දහසකට අධික ප්‍රමාණයක් මෙලෙස විනාශ කරන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නියෝග මත මෙම පියවර ගෙන ඇති අතර මෙම අවස්ථාව නිරීක්ෂණය […]
වැල්ලවාය, ඌව, කුඩාඔය පොලීසිය විසින් ඇතිලිවැව ප්‍රදේශයේ සිදු කළ විශේෂ වැටලීමකදී අක්කර කාලක පමණ භූමි ප්‍රදේශයක වගා කර තිබූ ගංජා හේනක් වටලා සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇත.මෙම ගංජා හේන දෙබරආර වැව ආසන්නයේ කදු රක්ෂිතයේ වගා කර තිබී ඇති අතර උස අඩි දහයකට ආසන්න උසකින් යුතු ගංජා පැල පන්දහසකට වඩා තිබී ඇත. එහි වටිනාකම රුපියල් ලක්ෂ පනහ […]
කොට්ටාව මාකුඹුර ප‍්‍රදේශයේ ඉදිවූ මෙරට ප‍්‍රථම බහුවිධ ප්රවාහන මධ්‍යස්ථානය අද (31) පස්වරුවේ ජනාධිපති මෛතී‍්‍රපාල සිිරිසේන මහතාගේ සහ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කෙරේ. බස්රථ හා දුම්රිය පර්යන්ත දෙකකින් හා රථ වාහන ගාල් කිරීමේ පහසුකම් ද සහිත මෙම බහුවිධ ප්රවාහන මධ්‍යස්ථානය ඉදිකිරීම සඳහා වැය කෙරුණු මුදල රුපියල් මිලියන 2,000ක් බ්ව සඳහන් වේ. මහරගම […]
බිමත්ව රිය පදවා රිය අනතුරක් සිදුකිරිමේ වරදට පොලිස් අත්අඩංගුවට පත් වූ ශ්‍රි ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න පොලිස් ඇප මත මුදා හැර තිබෙනවා. දිමුත් කරුණාරත්න පැදවු කාර් රථය ත්‍රිරෝද රථයක ගැටි ඇති අතර අනතුරෙන් එම ත්‍රිරෝද රථයේ රියදුරු සුළු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කෙරුණා.
දිවයිනේ විවිධ ප‍්‍රදේශවලදී අත්අඩංගුවට ගැනුණු කොකේන් කිලෝග‍්‍රෑම් 729ක් සපුගස්කන්ද ප‍්‍රදේශයේ පිහිටි ගබඩා සංකීර්ණයකදි හෙට (01) ජනාධිපති ප්‍රදානත්වයෙන් විනාශ කෙරේ. මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්යසාධ බලකායේ අධ්‍යක්‍ෂ වෛද්‍ය සමන්ත කිතලවආරච්චි ඒ පිළිබඳව සඳහන් කළා. තවත් මත්ද්‍රව්‍ය තොගයක් නීතිමය කටයුතු අවසන් වූ වහාම විනාශ කිරීමට සූදානම් කර ඇති බවයි ප‍්‍රකාශ කර තිබෙන්නෙ.
සාගරයේ ඉතා වටිනා දත්ත ලබාගැනීම සදහා ජාතික ජලජ සම්පත් සංවර්ධන හා පර්යේෂණ නියෝජිතායතනයට [ නාරා ] අයත්ව තිබු ශ්‍රී ලංකාව සතු එකම බෝයාව සොයාගැනීමට හැකි වී තිබේ . අතුරුදහන් ව තිබු මෙම බෝයාව සොයාගැනීමට හැකි වුයේ වසර 04 කට පසුවය . මෙම බෝයාව සොයාගැනීම සදහා ජාතික ජලජ සම්පත් සංවර්ධන සහ පර්යේෂණ නියෝජිතායතනය [ නාරා ] […]
උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් තලෙයිමන්නාරම මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව සිදු කළ සෝදිසි කිරීමකදී බීඩී කොළ සහිත පාර්සල් 13 ක් සමඟ පුද්ගලයින් සිව්දෙනෙකු (04) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව සිදු කළ සෝදිසි කිරීම්වලදි බීඩී කොළ කිලෝග්‍රෑම් 570.74 ක ප්‍රමාණයක් නාවික හමුදාව සොයා ගැනීමට සමත්ව ඇති අතර, මෙම බීඩී කොළ ඩිංගි යාත්‍රා වලින් ඉන්දියාවේ […]