News Line| Off Air
Generic placeholder image

Nov
26

සන්ධානය හෙට පාර්ලිමේන්තුවට

Generic placeholder image

හෙට පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිවාරයට සන්ධාන මන්ත්‍රීවරු එක්වෙන පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි. එසේම බැඳුම්කර වංචාව අනුව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිටිය යුත්තේ වැලිකඩ බන්ධනාගාරයේ බව පාර්ලිමේන්තු මන්ත්‍රි රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි. කොළඹදී අද දින පැවැති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය. එසේම මේ වන විට රනිල් වික්‍රමසිංහ මහතා ‘ගෙදර […]


Nov
26

උතුර කළුතර දුම්රිය ස්ථානය ලස්සන කරපු Green Island සාර්ථකයි

Generic placeholder image

එදිනෙදා දුම්රියේ ගමන් කරන මගීන් 65000 කට අධික පිරිසකගෙන් සමන්විත දුම්රිය මගීන්ගේ නිල Facebook සමුහය විසින් දුම්රිය දේපල සහ දුම්රිය සේවය පිළිබදව මගී ජනතාව අතර සබැඳියාවන් වැඩිවර්ධනය කරමින් දුම්රිය ස්ථාන අවට හරිතවත් අලංකාර පරිශ්‍රයන් බවට පත්කිරීම අරමුණ කොටගෙන පවත්වනු ලබන ” Green Island” වැඩසටහනේ තවත් අදියරක් පසුගිය 22 දින උතුරු කළුතර දුම්රිය ස්ථානයේදී සාර්ථකව පැවැත්විණ. […]


Nov
26

මාතර සිසුවාට පිහියෙන් ඇන්න සැකකරුවන් පැමිණි යතුරුපැදිය සොයා ගනියි – සැකකරුවන් සොයා පොලිස් කණ්ඩායම් බෙදී යයි

Generic placeholder image

මාතර ඇල්වේල්ල පාර ප්‍රදේශයේ පෞද්ගලික පන්තියක් ආසන්නයේ දී පසුගිය 24 වැනිදා උසස් පෙළ සිසුවෙකුව තවත් සිසුන් පිරිසක් විසින් පිහියකින් ඇන ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලදී සැකකරුවන් පැමිණි යතුරුපැදිය සොයාගෙන තිබෙනවා. අපරාධය සඳහා යොදාගත් මෙම යතුරුපැදිය මාතර වෙලේ වත්ත ප්‍රදේශයේ දමා ගොස් තිබියදී සොයාගත් බවයි පොලිසිය පවසන්නේ. කෙසේ වෙතත් සිද්ධියට සම්බන්ධ සැකකරුවන් මේ වන […]


Nov
26

ප්‍රභාකරන්ගේ උපන් දිනය සමරන්න ගිය සිවාජිලිංගම් අත්අඩංගුවට

Generic placeholder image

නීති විරෝධී ලෙස ප්‍රභාකරන්ගේ උපන් දිනය සැමරීමට ගිය දෙමළ ජාතික සන්ධානයේ උතුරු පළාත් සභා හිටපු මන්ත්‍රි එම්.කේ.ශිවාජිලිංගම් සමග හතර දෙනෙකු අද යාපනයේ වැල්වෙට්ටිතුරේ පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.ශිවාජිලිංගම් හිටපු මන්ත්‍රිවරයා සහ තවත් තුන් දෙනෙකු කේක් රැගෙන ත්‍රිරෝද රථයකින් ගොස් වැල්වෙට්ටිතුරේ ප්‍රභාකරන්ගේ නිවස පිහිටි ස්ථානයේ ප්‍රභාකරන්ගේ උපන්දිනය සැමරීමට සූදානම් වූ අවස්ථාවේදී ඔහු ඇතුළු පිරිස මෙලෙස අත්අඩංගුවට […]


Nov
26

ඉන්දියාව එක්ක පැටලිච්ච මොකක්ද මේ ජයසූරියගේ පුවක් බිස්නස් එක…?

Generic placeholder image

ශ්‍රී ලංකාවේ පිහිටුවා ඇති ව්‍යාජ සමාගමක් මඟින් නරක් වූ පුවක් තොගයක් ඉන්දියාවට යෑවු බවට හිටපු ක‍්‍රිකට් ක‍්‍රීඩක සනත් ජයසූරිය ඇතුළු තවත් ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් දෙදෙනකුට චෝදනා එල්ල වී තිබෙන බවට පළවූ මාධ්‍ය වාර්තා සනත් ජයසූරිය විසින් සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කර තිබෙනවා. හිටපු ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය සිය ට්විටර් ගිණුමේ පණිවිඩයක් තබමින් ප්‍රකාශ කර තිබුණේ තමන් පුවක් හා […]


Nov
26

ශ්‍රී ලංකා පිළේ අලුත්ම ගැටලුව මෙන්න

Generic placeholder image

දඟ පන්දු යවන්නන් නිපන්දු යැවීම සම්බන්ධයෙන් අලුත් ගැටළුවකට මුහුණදීමට සිදුව ඇතැයි ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ දඟ පන්දු පුහුණුකරු පියල් විජේතුංග ප්‍රකාශ කරනවා. ඒ, ශ‍්‍රී ලංකා – එංගලන්ත 03 වන ටෙස්ට් තරගයේ 03 වන දිනය වූ ඊයේ (25) දඟපන්දු යවන ක‍්‍රීඩක ලක්ෂාන් සඳකැන් සම්බන්ධයෙන් මතු වූ ගැටළුව පිළිබඳ අදහස් දක්වමින්. එහිදී එංගලන්ත කණ්ඩායමේ බෙන් ස්ටොක් අවස්ථා […]


Nov
26

අද පොලිස් ලොක්කන් ජනපති ලේකම් කාර්යාලයට

Generic placeholder image

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් හා නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුළත් ශ්‍රී ලංකා පොලීසියේ ප්‍රධානීන් විශේෂ සාකච්ඡාවක් සඳහා අද (26) ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවා තිබෙනවා. රට තුළ නීතිය හා සාමය විධිමත්ව පවත්වාගෙන යෑම පිළිබඳ මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බවද වාර්තා වෙනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්වෙනවා. යම්යම් සිදුවීම් සිදුවිය හැකි බැවින් ඒවා වළක්වා ගැනීමට අවශ්‍ය පියවර […]


Nov
26

රනිල් මහින්දගේ වාහන තවම භාරදී නෑ ?

Generic placeholder image

එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට අග්‍රාමාත්‍යවරයා වශයෙන් භාවිත කිරීමට ලබාදී තිබූ සියලු වාහන මහින්ද රාජපක්‍ෂ මහතාට මෙතෙක් භාරදී නැතැයි වාර්තා වෙනවා. රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ශ්වය විසින් භාර නොදුන් වාහන තවමත් පරිහරණය කරන බවද වාර්තා වෙයි. සියලු වාහන ලබානොදීම හේතුවෙන් අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේ ඇතැම් අත්‍යවශ්‍ය කටයුතුවලට වාහන යෙදවීමේදී දුෂ්කරතා පැනනැගී තිබෙන බවද වාර්තා වේ. […]


Nov
26

අධිකරණ නියෝගය නොතකමින් යාපනය සිසුන් ප්‍රභාකරන්ගේ උපදිනය සමරයි

Generic placeholder image

අධිකරණ තහනම් නියෝගයක් පැවතුනදද අද (26දා) අළුයම කොටි නායක ප්‍රභාකරන්ගේ උපන්දින සැමරුමක් යාපනය විශ්විද්‍යාල සිසුන් විසින් රහසිගතව පවත්වා තිබෙන බව යාපනය පොලීසිය ප්‍රකාශ කළා. යාපනය විශ්ව විද්‍යාලය තුළ කොටි සංවිධානයේ නිල ලාංඡනයක් හෝ නිලඇඳුමක්, ධජයක් හෝ රුවක් යොදාගෙන මහවිරු සැමරුමක් හෝ කිසිදු සැමරුමක් සිදු නොකරන ලෙසට යාපනය මහෙස්ත්‍රාත් අධිකරණය විසින් තහනම් නියෝගයක්ද පනවා තිබුණි. එල්.ටී.ටී.ඊ […]


Nov
26

ෆොන්සේකා අගමැති කරන්නෙත් නෑ – මාගේ ඝාතනය පිටිපස්සෙ සරත් ෆොන්සේකත් ඉන්නවා

Generic placeholder image

රනිල් වික්‍රමසිංහ මහතා මෙන්ම එක්සත් ජාතික පෙරමුණේ සරත් ෆොන්සේකා මහතාද තමන් අග්‍රාමාත්‍යධූරයට පත් නොකරන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ඊයේ විදෙස් මාධ්‍යෙව්දීන් අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කර තිබුණා. අග්‍රාමාත්‍යවරයා පත්කිරීමේදි ජනපතිවරයාට ගැලපෙන පුද්ගලයෙක් පත්කළ යුතු බවත් ඔහු සඳහන් කළේය. එසේම තමන් ඝාතනය කිරීමට සැලසුම් කිරිමේ සිදුවීම පසුපස සරත් ෆොන්සේකා මහතා සිටින බවද ඔහු […]


Nov
26

තරුණයන් 11 දෙනෙක් පැහැරගෙන යාමේ සිදුවීමේ සාක්ෂිකරුට තර්ජන

Generic placeholder image

තරුණයන් 11 දෙනෙක් පැහැරගෙන ගොස් අතුරුදන් කිරිමේ සිදුවීමේ සාක්ෂිකරුවෙක් වන ලුතිනන් කමාන්ඩර් ලක්සිරි මහතාට තර්ජනය කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් ඔහු පොලීසියට පැමිණිල්ලක්ද ඉදිරිපත් කර තිබෙනවා. මේ පිළිබඳව ට්විටර් පණිවිඩයක් නිකුත් කරන හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කරන්නේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ඉදිරියේ මෙසේ තර්ජනය කර ඇති බවයි. වත්මන් ආරක්ෂක මාණ්ඩලකි ප්‍රධානී වන්නේ හිටපු නාවික හමුදාපති […]


Nov
26

ග්‍රැහැම් ලැබ්‍රෝයිගේ ශ්‍රි ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව අහෝසියි

Generic placeholder image

ග්‍රැහැම් ලැබ්‍රෝයි මහතා සභාපතිත්වය දැරූ ශ්‍රි ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව අහෝසි කිරීමට ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා කටයුතු කර තිබෙනවා. අද පස්වරුවේ එම තේරීම් කමිටුවත් සමග පැවැති සාකච්ඡාවකින් අනතුරුව ක්‍රීඩා අමාත්‍යවරයා නව ක්‍රිකට් තේරීම් කමිටුවක්ද පත්කිරීමට කටයුතු කර තිබේ. නව ක්‍රිකට් තේරීම් කමිටුව – අසන්තාද මෙල් (සභාපති). බ්‍රෙන්ඩන් කුරුප්පු, හේමන්ත වික්‍රමසිංහ, චමින්ද මෙන්ඩිස්


News Articles
Latest Videos
Most Popular Post