News Line| Off Air
Generic placeholder image

Nov
25

පාර්ලිමේන්තු ආරක්ෂක කැමරා දර්ශන ඔස්සේ පොලිස් විමර්ශන ඇරඹෙයි

Generic placeholder image

පාර්ලිමේන්තු සභා ගර්භයේ ඉකුත් දා ඇතිවූ කලහකාරී සිද්ධීන් සම්බන්ධයෙන් මේ දක්වා පැමිණිලි 05ක් ලැබී ඇති බව පොලීසිය ප්‍රකාශ කරනවා. ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදු කිරීමට නීතිපතිවරයාගේ උපදෙස් ලබා ගන්නා බවයි පොලිස් මූලස්ථානය පැවසුවේ. මේ වනවිට පාර්ලිමේන්තුවේ ඇතිවූ කලහකාරී සිද්ධිය සම්බන්ධයෙන් වැලිකඩ පොලීසියට පැමිණිලි 04ක් ලැබී තිබෙනවා. පොලිස් මූලස්ථානයට එක් පැමිණිල්ලක් ලැබුණු අතර එය පොලිස්පතිවරයා විසින් විමර්ශනය […]


Nov
25

මාතර සිසුවා ඝාතනයේ සැකකරුවන් පලා ගිහින්

Generic placeholder image

මාතරදී උපකාරක පංතියක් ආසන්නයේදී අවුරුදු 19ක් වන පාසල් සිසුවෙක් ඝාතනය කිරීම හා තවත් සිසුවෙකුට තුවාල කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙක් හඳුනාගෙන ඇතැයි පොලීසිය  පවසයි. සැකකරුවන් ප්‍රදේශයෙන් පලාගොස් ඇති බවත් ඔවුන් අත්ඩංගුවට ගැනීම සඳහා මාතර පොලීසිය පරීක්ෂණ කරන බවත් පොලීසිය පවසයි.


Nov
25

මහ විරු සැමරුම සඳහා රජයෙන් කිසිදු අවසරයක් ලබාදී නැහැ

Generic placeholder image

මාධ්‍යය වෙත නිවේදනයක් නිකුත් කරමින් මහ විරු සැමරුම සඳහා රජයෙන් කිසිදු අවසරයක් ලබාදී නොමැති බවත් එසේ අවසර ලබා දී ඇති බව හැගී යන ආකාරයේ සිදු කරන ප්‍රචාරවල කිසිදු සත්‍යතාවයක් නොමැති බවත් රජය අවධාරණය කර සිටින බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂක ජනරාල් නාලක කලුවැව මහතා ප්‍රකාශ කරනවා.


Nov
25

කුඩු ජාවාරම ජයටම

Generic placeholder image

කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයට රැගෙන එමින් සිටි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු අභිරහස්‌ ලෙස පලා යැමේ සිද්ධියත් සමඟ වෙළේ සුදා, මොහොමඩ් සිද්ධික්‌ සහ සුසෙයි යන රට හෙල්ලූ මත්කුඩු ජාවාරම්කරුවන් යළිත් ප්‍රබල ලෙස කුඩු ජාවාරම අරඹා ඇතැයි බුද්ධි අංශ වෙත තොරතුරු ලැබී තිබෙනවා. වෙළේ සුදා, සිද්ධික්‌ හා සුසෙයිගේ ගෝලයකු වන සුනිල් ශාන්ත නමැති පැනගිය කුඩු ජාවාරම්කරු 23 වැනිදා වනතුරුත් සුඟව […]


Nov
25

පිපිරීමකින් 50ක් මරුට

Generic placeholder image

මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් හේතුවෙන් ඇෆ්ගනිස්තානයේ අගනුවර වන කාබුල් නුවර පුද්ගලයින් 50කට ආසන්න සංඛ්‍යාවක් මිය ගොස් තිබෙනවා. පූජක පිරිසක් රැස්ව සිටි ස්ථානයක් ඉලක්ක කර ගනිමින් ප්‍රහාරය එල්ල වී ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කර ඇත. පිපිරීමෙන් පුද්ගලයින් 83දෙනෙක් තුවල ලබා ඇත. ඊයේ දිනයට යෙදී තිබූ නබි නායකතුමාගේ ජන්ම දිනය නිමිත්තෙන් පැවති ආගමික සැමරුමක් සදහා මෙම […]


Nov
25

පාර්ලිමේන්තුවේ වැඩ පසෙක දමා රංගෙ බණ්ඩාරයි බදියුදීනුයි එකතු වෙලා බලපු තරුණියගෙ වීඩියෝව මෙන්න

Generic placeholder image

පාර්ලිමේන්තුවේ තීරණාත්මක අවස්ථාවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වල පාලිත රංගේ බණ්ඩාර සහ රිෂාඩ් බදිව්දීන් යන මන්ත්‍රීවරුන් සියලු කටයුතු පසෙක දමා කිසියම් වීඩියෝවක් නරඹන අයුරු සියත 24 අපට වාර්තා වුණා. මේ පිළිබඳව සියත 24 අප කළ විමසීමසා බැලීමකදී දනගන්නට ලැබුණේ විනෝදය සඳහා භාවිතා කරන සමාජ ජාලා මාධ්‍යයක් වන ”ටික් ටොක්” සඳහා භාවිතා කළ වීඩියෝවක් මේ ආකාරයෙන් මෙම මන්ත්‍රීවරුන් […]


Nov
25

මල්වතු මහනාහිමියන් සහ රාජිත අතර පැයක සාකච්ඡාවක්

Generic placeholder image

වත්මන් දේශපාලන තත්ත්වය පිළිබදව සාකච්ඡා කිරිම සඳහා මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බොටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල නාහිමියන් බැහැදැකිමට ඊයේ (24) පස්වරුවේ පාර්ලිමේන්තු මන්ත්‍රි රාජිත සේනාරත්න මහතා ගොස් තිබෙනවා. මන්ත්‍රිවරයා මහානායක හිමියන් සමඟ පැයකට ආසන්න කාලයක් සුහද පිළිසදරක යෙදුන බව වාර්තා වුණා. මෙහිදි රජය විසුරුවා හැරිමට ජනාධිපතිවරයා ගත් තීරණය, නව අග්‍රාමාත්‍යවරයෙකු පත් කිරිම, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ […]


Nov
25

ජනපතිගේ අභියෝගයට එජාපය පිළිතුරු දෙයි

Generic placeholder image

විවෘත සංවාදයකට පැමිණෙන ලෙස ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා කළ අභියෝගය එක්සත් ජාතික පක්ෂයට අභියෝගයක් නොවන බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර රංජිත් මද්දුමබණ්ඩාර පවසා තිබෙනවා. මේ වනවිට ජනාධිපතිවරයා හමුවේද අභියෝග රැසක් පවතින බවයි මන්තී‍්‍රවරයා මෙහිදී කියා සිටියේ. එහිදී “ජනාධිපතිතුමා උදේට කියන එක නෙමෙයි හවසට කියන්නේ. ජනාධිපතිතුමාට අපි කියනවා.. ජනතාව ඉස්සරහට ගිහින් අභියෝග කරන්න කියලා…ජනාධිපතිකමින් අයින් වෙලා ඡන්දයක් ඉල්ලන්න […]


Nov
25

බලෙන් ඇවිත් කූඩැල්ලන් වගේ ඉන්න පිරිස අයින් කරනවා

Generic placeholder image

නීත්‍යානුකූල රජයක් යටතේ නීත්‍යානුකූලව පවත්වන ඕනෑම මැතිවරණයකට සූදානම් බවත් බලයක් නැතිව කූඩැල්ලන් මෙන් එල්ලිලා සිටින පිරිස ඉවත් කිරීමට කටයුතු කරන බවත් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරනවා. එක්සත් ජාතික පෙරමුණ විසින් මහනුවර පැවැත්වූ ජන රැළිය අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළා. පාර්ලිමේන්තුවේදී සිරිසේන – රාජපක්ෂ හවුලට ඊයේ පිළිගන්න වුණා ඔවුන්ට බහුතරය නෑ කියලා. ලෝකයේ […]


Nov
24

පාර්ලිමේන්තු ඉතිහාසයේම කරු කළු ගෑවා – අගමැති මහින්ද රාජපක්‌ෂ

Generic placeholder image

එක්‌සත් ජාතික පක්‍ෂයයි, ජනතා විමුක්‌ති පෙරමුණයි, දෙමළ ජාතික සන්ධානයයි එකතුවෙලා පාර්ලිමේන්තුවේ රැස්‌වීමක්‌ තිබ්බ නිසා ආණ්‌ඩු පක්‍ෂයේ මැති ඇමැතිවරුන් පාර්ලිමේන්තුවෙන් ඉවත් වුණා යෑයි අගමැති මහින්ද රාජපක්‌ෂ මහතා ඊයේ (23 වැනිදා) කියා සිටියේය. අගමැතිවරයා මේ බව කියා සිටියේ ඊයේ පාර්ලිමේන්තු රැස්‌වීම පැවැත්වෙද්දී ආණ්‌ඩු පක්‍ෂයේ මැති ඇමැතිවරුන් සභාවෙන් ඉවත් වූයේ මන්දැයි කළ විමසීමකදීය. මෙහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ මහින්ද […]


Nov
24

බස් රථයක් ඇළකට පෙරලීමෙන් පුද්ගලයින් 25දෙනෙකු මරුට

Generic placeholder image

ඉන්දියාවේ කර්නාටක ප‍්‍රාන්තයේදී පෞද්ගලික මගී බස් රථයක් ඇළ මාර්ගයකට පෙරළීමෙන් පුද්ගලයින් 25දෙනෙකු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. අනතුර සිදු වන අවස්ථාවේදී මගීන් 30දෙනෙකු පමණ බස්රථය තුළ සිට ඇති බවයි ඉන්දීය මාධ්‍ය ප්‍රකාශ කළේ. ජීවිතක්ෂයට පත්වූවන් අතර කාන්තාවන් සහ කුඩා ළමුන් ද වන බව සඳහන් වෙනවා. ඇළ මාර්ගයේ තිබී ජීවිතක්ෂයට පත්වූවන්ගේ සිරුරු 09ක් සොයා ගැනීමට ප‍්‍රදේශවාසීන් සමත්වී […]


Nov
24

මහමැතිවරණයක් ඉල්ලා ගිනිගත්හේනේ උද්ඝෝෂණයක් (PHOTOS)

Generic placeholder image

පාර්ලිමේන්තු මහමැතිවරණයක් කඩිනමින් පවත්වන ලෙස බලකරමින් ගිනිගත්හේන නගරයේ අද (24) උද්ඝෝෂණයක් පැවැත් වී තිබෙනවා. මෙය සංවිධාන කර තිබුණේ අඹගමුව ප‍්‍රාදේශීය සභාව නියෝජනය කරන ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ මන්තී‍්‍රවරුන් විසින්. මෙහිදී කතානායක කරු ජයසූරිය මහතාගේ කි‍්‍රයාකලාපයටද විරෝධය පළ කෙරුණා. මෙම උද්ඝෝෂණයට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය දක්වන ආධාරකරුවන් රැසක් එක්ව සිටි බවයි වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post