තමා වෙත ලැබී ඇති බලතල අනුව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරාජයේ අග්‍රාමාත්‍ය ධුරයෙන් රනිල් වික්රමසිංහ මහතා ඉවත් කළ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රනිල් වික්‍රමසිංහ මහතාට ලිඛිතව දැනුම් දී තිබෙනවා. ජනාධිපති ලේකම් මගින් අගමැතිවරයා වෙත එම ලිපිය යොමු කළ බව ජනාධිපති මාධ්‍ය අංශය කියයි.
‘‘ඉතාමත් සතුටකින් සහ ආඩම්බරයකින් ශ්‍රී ලංකාවේ නව අගමැති මහින්ද රාජපක්ෂ මහතාට සුබ පැතුම් එක් කරනවා. දැන් අපට එකමුතුව, රට නැවත ගොඩනගන්න පුළුවන්. ස්ථාවර ඉදිරියට ගමන නව ශ්‍රී ලංකාවක් ගොඩනගන්න පුළුවන්.‘‘
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අගමැති ලෙස පත්කිරීම නීති විරෝධී බව නියෝජ්‍ය අමාත්‍ය හර්ෂද සිල්වා මහතා පවසයි. ඔහු සඳහන් කරන්නේ මේ වන විට එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ රැස්වීමක් අරලිය ගහ මන්දිරයේ පැවැත්වෙන බවයි. එසේම මෙය ප්‍රාජාතන්ත්‍රවාදය දැයි තමන් ජනපතිවරයාගෙන් ප්‍රශ්න කරන බවත් ඔහු පවසයි.
ඇතිවී තිබෙන දේශපාන අර්බුධය පිලිබදව සාකච්ජා කිරීම සදහා එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශේෂ රැස්වීමක් කැඳවා ඇති බව වාර්තා වනවා. රනිල් වික්රමසිංහ මහතා මේ වන විට ගාල්ල ප්‍රදේශයේ සිට කොළඹ බලා එමින් සිටින බව වාර්තා වනවා.
මීට සුළු මොහොතකට පෙර රටේ දේශපාලන උණුසුම දෙගුණ තෙගුණ කරමින් මහින්ද රාජපක්ෂ මහතා අගමැති ලෙස දිව්රුම් දෙනු ලබුවා. නමුත් රනිල් වික්රමසිංහ මහතා මාධ්‍ය වෙත නිවේදනයක් කරමින් සඳහන් කරේ තමා තවමත් අගමැති වන බවත් , මෙම පත්වීම නීත්‍යානුකූල නොවන බවත්ය. තව දුරටත් මේ සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බව ඔහු සඳහන් කරා.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාවට ඇති තර්ජන වැඩි වෙලා කියලා පාර්ලිමේන්තුවේදී අද ප‍්‍රකාශ කෙරුණා. ඒ සම්බන්ධයෙන් පළමුවෙන් කරුණු ඉදිරිපත් කලේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර දිනේෂ් ගුණවර්ධනයි. හිටපු ජනාධිපතිවරයා ආරක්ෂා කර ගැනීමට තමන්ටද අවශ්‍ය බව ඊට ප‍්‍රතිචාර දැක්වූ සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල කියා සිටියා. මේ සම්බන්දව ප‍්‍රතිචාර දක්වමින් අග‍්‍රාමාත්‍ය රනිල් වික්රමසිංහ මහතා පැවසුවේ මේදක්වා පැවැති තත්ත්වයන් යටතේ […]
රාජකාරී මට්ටමෙන් අමාත්‍ය ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆෝන්සේකා මහතා සමග සබදතා පවැත්වූ බව රක්ෂිත බන්ධනාගාර ගත කල නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා රහස් පොලීසිය හමුවේ පවසා තිබෙනවා රහස් පොලීසිය විසින් ඊයේ සිදු කල ප‍්‍රශ්න කිරීම් වලදී ඔහු ප‍්‍රකාශ කර ඇත්තේ පොලිස් ත‍්‍රස්ත විමර්ශන ඒකකයේ ප‍්‍රධානියා ලෙස රාජකාරී මට්ටමින් උපදෙස් ලබා ගැනීම සදහා අවස්ථා කිහිපයකදී ෆීල්ඞ් […]
බටහිර ග්‍රීසියේ අයෝනියන් මුහුදේ රිච්ටර් මාපකයේ ඒකක 6.8 ක අගයකින් යුත් ප්‍රභල භුකම්පනයක් සිදුව ඇති බව අමෙරිකානු භූ සමීක්ෂණ ආයතනය නිවේදනය කරනවා.මෙම භූමිකම්පාවේ කේන්ද්‍රස්ථානය මුහුදු පත්ලේ සිට කිලෝමීටර් 10 ක් ගැඹුරින් සිදුව ඇති බවයි භූ සමීක්ෂණ ආයතනය වැඩිදුරටත් සදහන් කරන්නේ.ඒකක 6.8 ක ප්‍රබල භූමිකම්පාව සිදුවී සුළු මොහොතකට පසු ඒකක 5.2 ක ප්‍රබලත්වයෙන් යුත් තවත් භූමිකම්පාවක් […]
වාණිජ වශයෙන් කෙරෙන ජංගම දුරකථන කෙටි පණිවුඩ සඳහා ද ඉදිරියේදී බද්දක් අය කරන බව මුදල් රාජ්‍ය ඇමැති ඉරාන් වික්‍රමරත්න ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශකරලා තියනවා. එහිදී වැඩිදුරටත් අදහසක් පලකල මුදල් රාජ්‍ය ඇමැතිවරයා සදහන් කළේ කාබන් බද්දද ලබන වසරේ ජනවාරි පළමු වැනිදා සිට ක්‍රියාත්මක වන බවයි.
බගවන්තලාව, මඩොල්සිගම වතුයායේ තේ දළු නෙලමින් සිටි කාන්තාවන් පස් දෙනෙකුට ඊයේ (24දා) සවස අකුණු සැර වැදී බගවන්තලාව රෝහලට ඇතුළත් කරල තිබෙනවා. මේ විදියට අකුණු සැර වැදුණු තුවාලකාරියන් අවුරුදු 23, 32, 33, 36 හා 42 යන වයස්හි පසුවන්නියෝ වෙනවා කියලයි රෝහල් ආරංචි මාර්ග වලින් දැනගන්න ලැබුණේ.
දිවයිනේ ප‍්‍රදේශ රැසකට අදත් මිලිමීටර 150 දක්වා වන තද වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.එම දෙපාර්තමේන්තුව නිවේදනය කලේ බස්නාහිර මධ්‍යම ඌව සබරගමුව සහ දකුණු පළාත්වලට එම වැසි ඇති විය හැකි බවයි කන්කසන්තුරේ සිට පුත්තලම කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප‍්‍රදේශ වලට ද ඉදිරි පැය කිහිපය තුල ගිගුරුම් සහිත […]
ජල ගාස්තු සියයට 65කින් පමණ ඉහළ දැමීමට ජල සම්පාදන හා නගර සැලසුම් ඇමැති රාවුෆ් හකීම් මහතා කැබිනට් අනුමැතිය ඉල්ලා ඇති බවට ආරංචි වෙනවා. මේ සඳහා ඇමැතිවරයා විසින් ඊයේ (22) පැවැති කැබිනට් රැස්වීමට කැබිනට් සංදේශයක් ඉදිරිපත් කරනු ලැබ ඇත. ජල සම්පාදන මණ්ඩලය මුහුණ දී ඇති මූල්‍ය අර්බුදය විසඳීම සඳහා ජල ගාස්තු වැඩි කිරීමට අවසර නොදෙන්නේ නම් […]