News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
5

මංගල සමරවීර එක්සත් ජාතික පක්ෂයේ උප සභාපති ධූරයට

Generic placeholder image

එක්සත් ජාතික පක්ෂයේ උප සභාපති ලෙස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර පත් කර තිබෙනවා. ඒ පක්ෂ නායක අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා විසින්. පක්ෂ ව්‍යවස්ථාවේ 7 යි 1 වගන්තියට අනුව අදාල පත් කිරීම පසුගිය අපේ‍්‍රල් මස 26 වනදා සිට ක‍්‍රියාත්මක යි. අමාත්‍ය මංගල සමරවීර මහතා මේ පිළිබඳව සිය ෆේස්බුක් පිටුවේ සටහනක්ද තබා තිබෙනවා. එහි සඳහන් කර […]


Jun
5

“අර්ජුන් ඇලෝෂියස්ගෙන් මුදල් ලබාගත් 118 දෙනාගේ නම් හෙළි කළ යුතුයි” – දුමින්ද දිසානායක

Generic placeholder image

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ප‍්‍රතිසංවිධාන ක‍්‍රියාවලිය පිළිබඳ සාකච්ජාවක් අද පෙරවරුවේ පක්ෂ මූලස්ථානයේදී පැවැත්වුණා. ඒ පක්ෂ සභාපති ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන්. සාකච්ජාව සඳහා පක්ෂයේ නව නිලධාරී මණ්ඩලය මෙන්ම පසුගියදා ආණ්ඩුවෙන් ඉවත්වූ නිදහස් පක්ෂ මන්ත‍්‍රීවරුන් කිහිපදෙනෙකු ද සහභාගී වී සිටියා. මේ අතර අමාත්‍ය මණ්ඩල රැස්වීම ද අද පෙරවරුවේ ජනාධිපති කාර්යයාලයේදී පැවැත්වුණේ ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන්. එම රැස්වීමෙන් අමතරව […]


Jun
5

ජල සම්පාදන සේවකයින් අද කොළඹදී විරෝධතාවක්

Generic placeholder image

වර්ජනයේ නිරත ජල සම්පාදන සේවකයින් අද කොළඹදී විරෝධතාවක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා. ජල සම්පාදන හා ජලාපවාහන අමාත්‍යාංශය ඉදිරිපිට මෙම විරෝධතාව පවත්වන බවයි ජල සම්පාදන වෘත්තිය සමිති ඒකාබද්ධ සන්ධානය සදහන් කලේ. වැටුප් විෂමතාවක් මුල් කරගනිමින් ජල සම්පාදන වෘත්තීය සමිති වර්ජනය ආරම්භ කර තිබෙනවා. නමුත් මෙතෙක් තම ඉල්ලීම් වලට විසඳුම් ලැබි නොමැති බවයි එම සංගම් පවසන්නේ. කෙසේ […]


Jun
5

“ෆුඑගෝ” ගිනි කන්ද පුපුරා යාමෙන් අතුරුදන්වු පුද්ගලයින් සොයා මෙහෙයුම්

Generic placeholder image

ගෝතමාලාවේ ”ෆුඑගෝ” ගිනි කන්ද පුපුරා යාමෙන් අතුරුදන්වු පුද්ගලයින් සෙවීමේ මෙහෙයුම් මේ වන විට ආරම්භ කර තිබෙනවා. මේ සදහා ගිනි නිවන භටයින් සහ ආරක්ෂක අංශ එක්ව සිටින බවයි එරට මාධ්‍ය වාර්තා කලේ. දශක කිහිපයකට පසු ග්වාතමාලාවේ හටගත් ප‍්‍රචණ්ඩතම ගිනි කදු පිපිරීමෙන් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 62 ක් දක්වා ඉහල ගොස් තිබෙනවා. තවත් විශාල පිරිසක් ඉන් තුවාල […]


Jun
5

අමෙරිකානු ජනපතිවරයා සහ උතුරු කොරියානු නායකයා අතර ඓතිහාසික හමුව ලබන 12 වන දා

Generic placeholder image

අමෙරිකානු ජනපතිවරයා සහ උතුරු කොරියානු නායකයා අතර ඓතිහාසික හමුව ලබන 12 වන දා සිංගප්පූරු වේලාවෙන් උදෑසන 9.00 පැවැත්වීමට තීරණය කර ඇති බව ධවල මන්දිරය නිවේදනය කලා. අදාල නිවේදනය ප‍්‍රකාශයට පත් කරමින් ධවල මන්දිර ප‍්‍රකාශිකා සාරා සැන්ඩර්ස් සදහන් කලේ මේ සදහා ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් සූදානම් බවයි. උතුරු කොරියානු ධූත පිරිස විසින් අමෙරිකානු ජනපතිවරයා හමුවී දින 3 […]


Jun
5

බැඳුම්කර කොමිසන් සභා වාර්ථාවේ නොතිබුණු කොටස් කතානායකවරයා වෙත භාරදෙයි.

Generic placeholder image

මහ බැංකු බැඳුම්කර සිද්ධිය පිළිබද විශේෂ ජනාධිපති කොමිසන් සභා වාර්ථාවේ මෙතෙක් පාර්ලිමේන්තුව වෙත ලැබී නොතිබුණු කොටස් කතානායකවරයා වෙත භාර දී තිබෙනවා. ඒ ජනාධිපති කාර්යාල නිළධාරීන් විසින්. අද පෙරවරුවේ පාර්ලිමේන්තු පරිශ‍්‍රයේ දී අදාල වාර්තාවේ කොටස් කතානායකවරයා වෙත භාර දුන් බවයි කතානායක කාර්යාලය සඳහන් කලේ. මහ බැංකු බැඳුම්කර සිද්ධිය පිළිබද විශේෂ ජනාධිපති කොමිසන් සභා වාර්ථාවේ සී /350 […]


Jun
5

නීති විරෝධී දුම්වැටි තොගයක් සමග පුද්ගලයෙකු කටුනායකදී අත්අඩංගුවට

Generic placeholder image

නීති විරෝධී ලෙස මෙරටට ගෙන ඒමට තැත් කල දුම්වැටි තොගයක් සමග පුද්ගලයෙකු කටුනායක ගුවන් තොටුපොළ රේගු නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද අලූයම ඩුබායි හී සිට පැමිණි ගුවන් යානයකින් සැකකරු දිවයිනට පැමිණ ඇති බවයි රේගුව පැවසුවේ. ඔහු ගෙන ආ බෑගයේ තිබී දුම්වැටි කාටූන් 120 ක් සොයා ගෙන තිබෙනවා. එහි දුම්වැටි 29,960 ක් තිබූ බවයි රේගු […]


Jun
4

දකුණේ උණ රෝගයට හේතු හෙළිවෙයි.

Generic placeholder image

දකුණු පළාත තුළ ව්‍යාප්ත වෙමින් පැවති වෛරස් රෝගයට හේතුව ”ඉන්ෆ්වන්සා ්” වෛරසය බව ශ‍්‍රී ලංකා වෛද්‍ය පර්යේෂණ ආයතනය පවසනවා. එම ආයතනය සඳහන් කලේ ඊට අදාළව කල පර්යේෂණ වලදී ඒ බව තහවුරු වූ බවයි. දකුණු පළාත තුළ පැතිරෙමින් යන ඉන්ෆ්ලූවන්සා රෝගය වැළඳුන බවට සැකකෙරෙන රෝගීන් 48 දෙනෙකු තංගල්ල හා හම්බන්තොට මහ රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටිනවා. හම්බන්තොට මහ […]


Jun
4

රෝහිත බෝගොල්ලාගමගේ බිරිඳ සහ දියණිය අධිකරණයට බාරවෙයි.

Generic placeholder image

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතාගේ බිරිඳ සහ දියණිය අධිකරණයට බාර වී තිබෙනවා. අද දිනයේ ඔවුන් කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණයට බාර වී ඇති බව සඳහන්. නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතාගේ බිරිඳ සහ දියණිය වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණය කුරුඳුවත්ත පොලීසියට නියෝග කර තිබුනා. පසුගිය අපේ‍්‍රල් මස 6 වැනිදා […]


Jun
4

ජගත් පරිසර දින සැමරුම ජනපති ප්‍රධානත්වයෙන් කෑගල්ලේදී

Generic placeholder image

ලෝක පරිසර දිනය නිමිත්තෙන් සංවිධානය කළ ජගත් පරිසර දින සැමරුම අද පෙරවරු 10 ට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් කෑගල්ලේදී ආරම්භ වුණා. ජාතික උත්සවය ආරම්භ කෙරුණේ ජනාධිපතිතුමා විසින් සංකේතාත්මකව පැළයක් රෝපණය කිරීමෙන් අනතුරුවයි. ප‍්‍රදේශයේ කසළ කළමනාකරණයට අදාළ පහසුකම් සැපයීම, කෑගල්ල දිස්ති‍්‍රක් පරිසර පැතිකඩ පිළිබද මූලික ජෛව පරිසර දත්ත වාර්තාව එළිදැක්වීම, පරිසර දිනයට සමගාමීව පවත්වන ලද […]


Jun
4

නඩත්තු කටයුත්තක් සදහා ගිය විදුලි බල මණ්ඩලයේ සේවකයින් දෙදෙනෙකුට පහරදීමක්

Generic placeholder image

නඩත්තු කටයුත්තක් සදහා ගිය විදුලි බල මණ්ඩලයේ සේවකයින් දෙදෙනෙකුට පහර දුන් බව කියන කණ්ඩායමේ එක් අයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව නොරච්චෝලේ පොලීසිය පවසනවා. සිද්ධියට සම්බන්ධ තවත් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගැනීම සදහා විමර්ශන කි‍්‍රයාත්මකයි. පුත්තලම – කරඹ ප‍්‍රදේශයේ නිවසක ගින්නක් හට ගෙන ඇති බව විදුලි බල මණ්ඩලයට අයත් නොරචෝලේ – කොයියාවාඩිය ප‍්‍රදේශයේ පිහිටි විදුලි ඩිපෝවට තොරතුරක් ලැබී […]


Jun
4

ලිඳුල, තලවාකැලේ නගර සභාවේ සභාපති අත්අඩංගුවට

Generic placeholder image

අත්අඩංගුවට ගැනුණු ලිඳුල, තලවාකැලේ නගර සභාවේ සභාපති අශෝක සේපාල මහතා ඇතුලූ සිව්දෙනා අද නුවරඑළිය මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. සැකකරුවන් ඊයේ මෙලෙස අත්අඩංගුවට ගැනුණේ පස් හැවිරිදි දැරියක් පැහැර ගැනීම සම්බන්ධයෙන්. නුවරඑළිය පොලිස් ස්ථානයට ලැබුණු පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනයකදී මෙම වැටලීම සිදුකර තිබුණා. ලිදුල තලවාකැලේ නගර සභාවේ සභාපතිවරයා සමග අත්අඩංගුවට ගත් අනෙක් පුද්ගලයින් තුන්දෙනා අතරට […]


News Articles
Latest Videos
Most Popular Post