කතගරම නගරයේදී අණ නොතකා ධාවනය කළයතුරු පැදියකරුවෙකුට වෙඩි තැබිම හේතුවෙන් අත්අඩංගුවට ගෙන සිටි පොලිස් නිලධාරියා ලබන 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණේ, ඊයේ කතරගම නගරයේ රාජකාරියේ යොදවා සිටි පොලිස් කොස්තාපල්වරයෙක්. ඊයේ රාත්‍රී 11 ට පමණ වැඩිහිටි කන්ද දෙසට ධාවනය වූ යතුරු පැදියක් නතර කරන ලෙස සංඥා කළ ද, අණ නොතකා […]
සයිටම් ගැටලූව සඳහා ඉදිරි සතිය තුළදී විසඳුම් නොලැබුණහොත් ලබන 22 වනදායින් පසු පෙර දැනුම් දීමකින් තොරව වැඩ වර්ජනයකට අවතීර්ණ වන බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පවසනවා. අද රැස් වූ එම සංගමයේ මධ්‍යම කාරක සභාව විසින් මේ පිළිබද තීරණය කෙරුනු කරුණු බවයි නිවේදනයක් නිකුත් කරමින් රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය සදහන් කලේ. පසුගිය දෙසැම්බර් මස 31 වනදා […]
ඊයේ පෙරේදා ඇමතිකම ලැබුන රාජ්‍ය ඇමතිනී ශ්‍රියානි විජේවික්‍රම මහත්මිය ගිය වාහනේ අද උදේම අනතුරකට ලක් වුණා. කඩුගන්නාව හේන්වල ප්‍රදේශයේදී තමයි මේ අනතුර සිද්ධ වුණේ. අධික වේගයෙන් ආව මෝටර් රථය පාරෙන් ඉවතට පැනල නුග ගහක හැපිලා තිබ්බා. අනතුර වෙලා තිබ්බේ අද උදේ පාන්දර 3ට විතර. අනතුරින් රාජ්‍ය ඇමතිනිය සුළු තුවාල ලබලා තිබ්බා. අපේ රටේ මැති ඇමැතිලාගේ […]
මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය, අත්අඩංගුවට ගත් කොකේන් කිලෝ 928 ක්, ජනපති හා අගමැතිගේ නිරීක්ෂණය යටතේ විනාශ කිරීම කටුනායකදී ඇරඹේ. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය අත්අඩංගුවට ගත්ත කොකේන් කිලෝග්‍රෑම් 928 ක් විනාශ කිරීම මීට ටික වෙලාවකට කලින් ආරම්භ කළා. කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපයේ පිහිටුවල තියෙන පරිශ්‍රයකදී මෙම කොකේන් තොගය විනාශ කෙරෙනවා. මේ අවස්ථාව නිරීක්ෂණය කරන්න ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන […]
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ධූර කාලය වසර පහක් බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජනාධිපති ලේකම් කාර්යාලයට දැනුම් දීල තියෙනවා. පහුගිය සතියේ ජනාධිපතිවරයා ඔහුට අවුරුදු 6ක කාලයක් ජනාධිපති ධූරය දැරිය හැකිද යන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමල තිබුනා. මේ සම්බන්ධයෙන් රැස් වුන පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඒකමතිකව තීරණය කරල තියෙන්නේ ජනාධිපතිගේ වාරය අවුරුදු 05කට විතරක් සීමා වෙලා තියෙනවා කියලයි. අගවිනිසුරු […]
පහුගිය දවසක මත්පැන් අලෙවිසල් විවෘතව තබන වේලාවන් වැඩි කිරීමට හා කාන්තාවන්ට මත්පැන් මිලදී ගැනීමට හැකි වන පරිදි අලුත් ගැසට් නිවේදනයක් මංගල ඇමතිතුමා ගෙනාවා. මේ ගැසට් නිවේදන වහාම අද (15 වැනිදා) ඉඳන් අහෝසි කරනව කියලා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (14 දා) තිබ්බ ජනරැලියක් අමතමින් කිව්වා. “අද අරක්කු තැබෑරුම් අරින වෙලාව වෙනස් කරලා තියෙනවා. මාධ්‍යයෙන් තමයි […]
ජපානය සහ ලංකාව අතර අතීතයේ ඉදන්ම ලොකු මිත්‍රත්වයක් තිබ්බා. එ් නිසා ජපානයෙන් ලංකාවට තෑගි රැසක් ලැබිලා තියෙනවා. පාර්ලිමේන්තුව, බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාව එ් අතරින් කිහිපයක්. ඔන්න අායෙත් ජපානය ලංකාවට තෑගි වගයක් දීලා. එ් ලංකාවේ කාන්තාවන් 100 කට ජපානයේ රැකියා. විදේශ රැකියා අමාත්‍යංශයයි ජපානයේ අයි එම් ජපන් අායතනයයි අැති කර ගත්ත ගිවිසුමක් අනුව තමයි මේ රැකියා ලැබිලා […]
ඔබත් රථවාහන එළවන කෙනෙක් නම් දඩ කොළයක් එක පාරක් හරි අනිවාර්යෙන්ම ලැබිලා අැති. පාරේ අයිනේ ඉඳන් ට්‍රැෆික් පොලීසියේ රාළහාමි කෙනෙක් පාරට පැනලා අත දාද්දී දඩයක් ෂූවර් තමයි කියලා දන්නවා. සමහර වෙලාවට පොලීසියටත් කොකා පෙන්නලා නවත්තන්නේ නැතිව ලිස්සලා යන අයත් ඉන්නවා. හැබැයි එයාලටත් ඉස්සරහට වැඩ වරදිනවා. මීට පස්සෙ පොලීසිය දඩ කොළ දෙන්නේ අලුත්ම ක්‍රමයකට. කෙලින්ම වරදයි […]
ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාවලියට දේශීය සහ විදේශීය ආයෝජන ප්‍රවර්ධනය කිරීමේ රජයේ ප්‍රතිපත්තියක් මේ වෙද්දී රජයෙන් කරගෙන යනවා. මේ ප්‍රතිපත්තියට සමගාමීව දැනට වීසා නිකුත් කිරීමේ ක්‍රමවේදය යාවත්කාලීන හා ක්‍රමවත් කරන්න යෝජනා ඉදිරිපත් වෙලා තියෙනවා. සුදුසුකම් ලත් විදේශීය ජාතිකයින්ගේ ඉල්ලීම මත, දැනට සංචාරක වීසා (Visit Visa), නේවාසික වීසා (Residence Visa), මාර්ගස්ථ වීසා (Transit Visa) යන වීසා වර්ග […]
බොරැල්ල සිට මරදාන වෙනකන් බස් ප්‍රමුඛතා මං තීරු ක්‍රමය ක්‍රියාත්මක කිරීම අද උදේ ආරම්භ වුනා. ඒ අමාත්‍ය පාඨලී චම්පික රණවක ඇතුළු පිරිසකගේ සහභාගිත්වයෙන්. බොරැල්ල මංසන්ධියේ ඉඳන් මරදාන දෙසට තියෙන පිවිසුම් මාර්ගයේ ප්‍රමුඛතා මං තීරු ක්‍රමය ක්‍රියාත්මක වෙනවා.
නැව් කියන්නේ ලෝකයේ පැරණිම ගමනා ගමන ක්‍රමවලින් එකක්. අතීතයේ ඉඳන්ම අාපු නැව් කර්මාන්තය දැන් ඉහළ තැනක තියෙනවා. රට රටවල් අතර විශාල බඩු තොග ප්රවාහණය කරන්න තියෙන හොදම ක්‍රමය තමයි නැව් කියන්නේ. ගොඩබිම වගේ පාරවල් නැති නිසා ඕන තරම් නැව් වලට මුහුදේ යන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි අහලා තියෙන්නේ නැව් අනතුරු වෙන්නෙ කුණාටුවලට අහුවෙලා, ගල්පරවල අයිස් කඳු […]
ගබඩාගත රුධිර හිගයක් ඇති විය හැකි බැවින්, කඩිනමින් රුධිරය පරිත්‍යාග කරන ලෙස ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. එම මධ්‍යස්ථානයේ අධ්යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා සඳහන් කළේ, ඩෙංගු සහ වෙනත් රෝග තත්ත්වයන් හේතුවෙන් ගබඩාගත රුධිර ප්‍රමාණය අඩු වී ඇති බවයි. සෑම වසරකදීම ජනවාරි සිට අපේ‍්‍රල් මාසය දක්වා කාලය තුල රුධිරය පරිත්‍යාග කිරීම අවම වන […]