කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ තවත් 354 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව අද දිනයේ මේ දක්වා කාලය තුළ හඳුනා ගත් ආසාදිතයින් ගණන 715ක්. කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ අද දිනයේ හඳුනාගත් සියලු ආසාදිතයින් පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි. මිනුවන්ගොඩ, පෑලියගොඩ සහ බන්ධනාගාර කොවිඩ් පොකුරුවලින් මේ දක්වා හඳුනාගෙන ඇති ආසාදිතයින් සංඛ්‍යාව […]
කොවිඩ් 19 වෛරසයෙන් මෙරට සිදු වූ පළමු වෛද්‍ය මරණය වාර්තා කරමින් අද උදෑසන මියගිය වෛද්‍ය ගයාන් දන්තනාරායන මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ සිදු කෙරුණා. සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව ඔහුගේ දේහය ආදාහනයකර තිබුණේ, ගාල්ල, දඩල්ල පොදු සුසාන භූමියේදීයි. රාගම ශික්ෂණ රෝහලේ සේවය කරමින් සිටි වෛද්‍ය ගයාන් දන්තනාරායන මහතා කොවිඩ් 19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් මුල්ලේරියාව […]
කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි දරුවෙකු කොවිඩ් 19 වෛසරය ආසාදනය වීම හේතුවෙන් මිය ගොස් ඇතැයි රෝහල් අධ්යක්ෂවරයා පවසනවා. ඔහු පැවසුවේ රෝහලට ඇතුළත් කරන විටත් ඔහුට සෙම සහ උණ අපහසුතා තිබීම හේතුවෙන් ඉතා අසීරු තත්ත්වයේ පසු වූ බවයි. ඒ හේතුවෙන් එම දරුවා දැඩි සත්කාර ඒකකය වෙත යොමුකර ඇති අතර එහි […]
නව කොවිඩ් ආසාදිතයින් 361 දෙනෙකු හඳුනාගෙන ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 65,344ක්. මේ අතර කොවිඩ් ආසාදනය වී සිට සුවය ලැබූ පුද්ගලයින් 968 දෙනෙකු අද දහවල් රෝහල්වලින් පිටව යාමත් සමග මෙරට සුවය ලැබූ ගණන 59,000 ඉක්මවා ගියා. එම සංඛ්‍යාව දැක්වෙන්නේ 59,043ක් ලෙසයි.
හිටපු කථානායකවරයෙකු වන වී.ජ.මු. ලොකුබණ්ඩාර මහතාට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. ඒ පසුගියදා ඒ මහතාට සිදු කළ පී.සී.ආර්. පරීක්ෂණයකදීයි. ඔහුව ප්‍රතිකාර සඳහා මේ වනවිට කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත්කර ඇති බවයි වාර්තා වන්නේ.
මුද්‍රණය සඳහා සකස්කොට තිබුණ ද වසර 05ක් තිස්සේ බාලගිරි දෝෂයට හසුව තිබූ ‘සාරධර්ම පොත’ කඩිනමින් මුද්‍රණයකොට පාසල් සිසුන් වෙත බෙදා දීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසී ය. අමාත්‍යවරයා මේ බව පැවසූයේ පසුගිය දා අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ දී පැවති ආගමික උපදේශක මණ්ඩල පත්වීම් ලිපි ප්රදානය සඳහා සහභාගී වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, […]
ගතවූ පැය 24 තුලදී කටුනායක ගුවන් තොටුපළට ලගා වූ ගුවන් යානා 07 කින් ගුවන් මගීන් 134 දෙනෙකු දිවයිනට පැමිණ ඇතැයි ගුවන් තොටුපළ ආරංචි මාර්ග සදහන් කරනවා. ඔවුන් සියලුදෙනා නිරෝධායනය සඳහා යොමු කෙරුණු බවයි වැඩි දුරටත් සදහන් වන්නේ.
සිය පාර්ලිමේන්තු ධුරය අහෝසි කිරීම වළක්වමින් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමණායක අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ගොනු කර තිබෙන බව වාර්තා වෙනවා. මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා සහ පාර්ලිමේන්තු මහ ලේකම්වරයා නම් කර තිබෙන අතර අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු රන්ජන් රාමනායකට ඉකුත් ජනවාරි මස 12 වෙනිදා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බරපතළ වැඩ […]
දුම්රිය මගී මැදිරි දේශීයව නිෂ්පාදනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා. ඒ අනුව පෞද්ගලික අංශයේ මැදිහත්වීමෙන් දුම්රිය මැදිරි 100ක් නිෂ්පාදනයට රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ අනුගමනය කරමින් ආයෝජකයෙකු තෝරා ගැනීම පිණිස ප්‍රවාහන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාවට අනුමැතිය හිමිව ඇත.
කොරෝනා එන්නත් ව්‍යාජ ලෙස නිපදවූ පුද්ගලයින් 80 දෙනකු පමණ චීනය විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා. මේ අනුව එම පුද්ගලයින් විසින් ව්‍යාජ ලෙස නිපදවු එන්නත් මාත්‍රාවන් 3,000 කට වැඩි ප්‍රමාණයක් එරට පොලිසිය විසින් පොලිස් භාරයට ගෙන තිබෙනවා.
රාගම රෝහලේ සේවය කරමින් සිටි තරුණ වෛද්‍යවරයෙකු කොවිඩ් -19 වැළඳී මියගොස් ඇති බව වාර්තා වෙනවා. කොරෝනා ආසාදනය වීමෙන් පෙනහළු අක්‍රිය වී අදාල වෛද්‍යවරයා කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මරණයට පත්වී ඇති බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරන්නේ. මිය යන විට අදාල වෛද්‍යවරයා 32 හැවිරිදි වියේ පසුවුවා.
දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ මහතා කොරෝනා ආසාදනය වී ඇති බව හදුනාගෙන තිබෙනවා. මීට පෙර ආණ්ඩුකාරවරයාගේ පෞද්ගලික ලේකම්වරයාට කොරෝනා ආසාදනය වී ඇති බව හදුනාගෙන තිබුණා.