කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් 125 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ ඔවුන් සියලු දෙනා මින් පෙර පැළියගොඩ කොරෝනා පොකුරෙන් හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි. එලෙස හඳුනාගත් නව ආසාදිතයින් 125 දෙනා සමග දිවුලපිටිය සහ පැළියගොඩ කොරෝනා පොකුරු ආශ්‍රයෙන් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 11,233ක් දක්වා ඉහළ ගියා. ඒ අනුව අද […]
මුහුදුබඩ මාර්ගයේ හිදිසි ඉදි කිරීම් කටයුත්තක් හේතුවෙන් හෙට සිට 13 වැනිදා සිකුරාදා දක්වා කොල්ලුපිටිය සහ බම්බලපිටිය අතර එක් දුම්රිය මාර්ගයක් තාවකාලිකව වසා තබන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. දුම්රිය සාමාන්‍යාධිකාරී එම්.ජේ.ඩී. ප්‍රනාන්දු මහතා පැවසුවේ, කොල්ලුපිටිය සහ බම්බලපිටිය අතර පහළ මාර්ගයේ හදිසි ඉදි කිරීමක් හේතුවෙන් එක් මාර්ගයක දුම්රිය ධාවනය එලෙස තාවකාලිකව අත්හිටුවන බවයි. එබැවින් ඒ වෙනුවට පෙරවරුවේ […]
සුදු සීනි සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් ගැසට් පත්‍රයක් නිකුත්කර තිබෙනවා. ඒ අනුව පැකට් කළ සීනි කිලෝ ග්‍රෑමයක් සඳහා නියමකර ඇති උපරිම සිල්ලර මිල රුපියල් 90ක් වන අතර පැකට් නොකළ සීනි කිලෝ ග්‍රෑමයක් සඳහා නියමකර ඇත්තේ, රුපියල් 85ක උපරිම සිල්ලර මිලක්. ආනයනයකරුවන් සීනි කිලෝ ග්‍රෑමයක් අලෙවි කළ යුතු උපරිම තොග මිල අදාළ ගැසට් නිවේදනයේ […]
අවදානම් මට්ටම් තුනක් යටතේ අද මධ්‍යම රාත්‍රීයේ සිට බස් ගාස්තු සංශෝධනය කිරීමට රජය තීරණයකර තිබෙනවා. ඒ අනුව පළමු අදියර සෞඛ්‍ය බලධාරීන්ගේ දැනුම් දීම මත දැනට ක්‍රියාත්මක නොවන අතර දෙවන අදියර යටතේ බස්රථවල ආසන සංඛ්‍යාවට අනුව පමණක් මගීන් නංවාගත යුතු වනවා. එහිදී බස් ගාස්තුව මෙන් 1.2ක අමතර ගාස්තුවක් අය කිරීමට බස් රථ ධාවකයින්ට අවසර හිමි වනවා. […]
මෙරට 41 වැනි කොරෝනා මරණය මීට සුළු මොහොතකට පෙර වාර්තා වුණා. නිවසේදී මියගිය පුද්ගලයෙකුගේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය රාගම රෝහලේදී පවත්වා ඇති අතර එහි වාර්තාවට අනුව අදාළ පුද්ගලයාට කොරෝනා වෛරසය වැළඳී ඇති බව හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවා. ඔහු පෙන්වා දෙන්නේ, දීර්ඝ කාලීන පිළිකා රෝගියෙකු වූ අදාළ පුද්ගලයාට කොරෝනා වෛරසය ආසාදනය වීමත් සමග […]
අද පස්වරුව වනවිට තවත් නව කොරෝනා වෛරස් ආසාදිතයින් 305 දෙනෙකු හඳුනාගෙන ඇතැයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. එහි ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ, ඔවුන් සියලුදෙනා මින් පෙර පෑලියගොඩ මත්ස්‍යය වෙළඳ සංකීර්ණයෙන් හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි. ඒ අනුව මේ වනවිට දිවුලපිටිය සහ පෑලියගොඩ පොකුරු ආශ්‍රයෙන් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් […]
කොරෝනා ආසාදිත 37, 38 ,39 හා 40 වන මරණ වාර්තාවී තිබෙනවා.
කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලෙ මව්වරු හා ළමුන් 46 දෙනෙකුටත් වෛද්‍යවරු, හෙදියන් ඇතුළු 10 දෙනකුටත් කොරෝනා වෛරසය අසාදනය වී තිබෙන බව වාර්තා වෙනවා. මේ සියලු රෝගීන් ප්‍රතිකාර සදහා IDH රෝහල වෙත යවා තිබෙන බව වැඩි දුරටත් සදහන්.
ඉඩම් නොමැති රණවිරුවන්ට පදිංචිය සඳහා රජයේ ඉඩම් ලබා දීමට රජය තීරණය කර තිබෙනවා. ඉඩම් අමාත්‍ය එස්.එම්.චන්‍ද්‍රසේන මහතා ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව වැඩි දුරටත් සදහන් .
ඉකුත් 01 වෙනිදා කොරෝනා ආසාදිතව සිටි රෝගියෙක් හම්බන්තොට මහ රෝහලේ පිහිටි කොවිඩ් ප්‍රතිකාර ඒකකයට ඇතුලත් කර ප්‍රතිකාර ලබා සුව වී නැවත නිවසට ඒමට අද දිනයේදී සුදානම් වී සිටින අතර තුර එම පුද්ගලයා හදිස්සියේ ඇති වූ හෘදයාබාධයකින් ජිවිතක්ෂයට පත් වී ඇති බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරනවා. 46 හැවිරිදි වියේ පසු වූ අදාල පුද්ගලයා කැළණිය, හෙට්ටිගොඩ […]
කොරෝනා ආසාදිතයින් හදුනා ගැනීම සදහා සිදු කරන ලැබූ pcr පරීක්ෂණයන්ට දිනකට වැය වන මුදල රුපියල් මිලියන 60 ක් බව වාර්තා වෙනවා. ඊයේ දිනය තුල 7986 ක් සිදු කර ඇති අතර මෙරට ඊයේ දිනය වන විට සිදු කර තිබු සමස්ත PCR පරීක්ෂණ ගණන 610,836ක්.
අරලගංවිල පොලිස් අභ්‍යාස විද්‍යාලයේ පවත්වාගෙන නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටින පොලීසියේ නිලධාරීන් 92 ක් කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බව සදහන් වෙනවා. එම නිරෝධායන මධ්‍යස්ථානයේ පොලීස් නිලධාරීන් 150 දෙනෙකු නිරෝධායන වෙමින් සිටි අතර එයින් 97 කට කොරෝනා ආසාදනය වී තිබෙන බව සිදු කරනු ලැබූ pcr පරීක්ෂණ තුලින් හදුනාගෙන තිබෙනවා.