News Line| Off Air
Generic placeholder image

May
12

ශ්‍රී ලංකාව ගෝලීය ‘අළු ලේඛනයෙන්’ ඉවතට

Generic placeholder image

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සහ ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම මැඩපැවැත්වීමේ උපායමාර්ගික දුර්වලතා සම්බන්ධ ඉහළ අවදානම් සහිත තුන්වැනි පාර්ශවයේ රටවල් ලැයිස්තුවෙන් ශ්‍රී ලංකාව ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා. මිට පෙර එනම් 2018 වර්ෂයේදී පෙබරවාරි මාසයේදී යුරෝපා කොමිසම විසින් ඉහළ අවදානම් සහිත තුන්වන පාර්ශවයේ රටක් ලෙස ශ්‍රී ලංකාව ලැයිස්තුගත කරනු ලැබු අතර ඒ 2017 ඔක්තෝබර් මාසයේ දී ශ්‍රී ලංකාව […]


May
12

කොටස් ගනුදෙනු මිනිත්තු 30කට නවතී

Generic placeholder image

කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු අද (12) පෙරවරු 11.09ට තාවකාලිකව අත් හිටවනු ලැබුවා. S&P SL20 දර්ශකය පූර්ව ගනුදෙනු දිනයට සාපේක්ෂව 5%ක් ඉක්ම වූ ප්‍රමාණයකින් පහළ යාම හේතුවෙන් මෙලෙස කොටස් ගනුදෙනු මෙලෙස නවතා තිබෙනවා.


May
12

බ්‍රිතාන්‍යයේ කොවිඩ් මරණ 32000 ඉක්මවයි

Generic placeholder image

ලොව පුරා කොරෝනා මරණ ගණන 80 000 ඉක්මවා තිබෙන අතර මේ වන විට බ්‍රිතාන්‍යයේ ද සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 32,065 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඉතාලියෙන් ඊයේ දිනයේදී කොවිඩ් මරණ 179ක් වාර්තා වී ඇති අතර ස්පාඤ්ඤයෙන් ඊයේ වාර්තා වූ මරණ සංඛ්‍යාව 123 ක්. ප්‍රංශයේ දෛනික කොවිඩ් මරණ සංඛ්‍යාවේ කැපීපෙනෙන වර්ධනයක් පෙන්නුම් කරමින් ඊයේ එරටින් මරණ 263 […]


May
12

නිරෝධායනය සාර්ථකව නිම කළ පුද්ගලයින් 32 දෙනෙකු පිටව යයි

Generic placeholder image

වව්නියාව, පම්පමඩුව යුධ හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුළ සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කරන ලද පුද්ගලයින් 32 දෙනෙකු අද එම මධ්‍යස්ථානයෙන් පිටත්ව ගොස් තිබෙනවා. කොරෝනා ආසාදිත බවට ප්‍රතිකාර ලබන නාවික හමුදා නිලධාරීන්ගේ පවුල්වල ඥාතීන් පිරිසක් මෙලෙස නිරෝධායන අවසන් කර පිටව ගොස් ඇත්තේ.


May
12

රුසියාවේ වැඩ නොකරන කාලසීමාව ඊයේ දිනයෙන් අවසන්

Generic placeholder image

කොරෝනා පාලනය සැලකිල්ලට ගනිමින් රුසියාවේ වැඩ නොකරන කාලසීමාව ඊයේ දිනෙන් අවසන් වුණා. ඒ අනුව එරට ජනපති ව්ලැදිමීර් පුටින් ජනතාව අමතමින් සදහන් කලේ සංචරණ සීමා අද සිට ක්‍රමයෙන් ලිහිල් කරන බවයි.


May
12

ගත වූ පැය 24 තුල අමෙරිකාවෙන් කොරෝනා මරණ 1008ක් වාර්තා වෙයි

Generic placeholder image

කොවිඩ් – 19 වෛරසයෙන් අද වන විට ලොව පුරා රටවල්වලින් ආසාදිතයන් හතලිස් දෙලක්ෂයක් ඉක්මවා තිබෙන අතර වාර්තාවන සමස්ත මරණ සංඛ්‍යාව දෙලක්ෂ අසූහත්දහසකට අධික වෙනවා. මේ අතර ඊයේ දිනයේදී අමෙරිකාව සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 80,000 ඉක්මවා ගිය අතර කොවිඩ් – 19 වෛරසයෙන් ලොව වැඩිම බලපෑමක් එල්ලවූ අමෙරිකාවෙන් ඊයේ දිනයේදී මරණ 1,008 ක්. අමෙරිකාවෙන් ඊයේ දිනයේදී මරණ […]


May
12

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 869 දක්වා ඉහළට

Generic placeholder image

තවත් කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින් 6 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසුවේ කරාපිටිය ශික්ෂණ රෝහලේ සිදුකළ පරීක්ෂණවල දී මෙම නව ආසාදිතයින් 6 දෙනාම නාවික හමුදා සාමාජිකයින් බවයි. ඒ අනුව මෙරට සමස්ථ ආසාදිතයින් ගණන 869 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ. වෛරසය ආසාදනය වූ නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාව ද 435 […]


May
12

ඉන්දියාවේ රැදී සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 479 දෙනෙක් අද දිවයිනට

Generic placeholder image

මෙරටට පැමිණිමේ අපේක්ෂාවෙන් ඉන්දියාවේ රැඳී සිටින තවත් ශ්‍රී ලාංකිකයින් පිරිසක් අද(12) දිවයිනට රැගෙන ඒමට නියමිත බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. ඒ අනුව චෙන්නායිහි රැදී සිටින ශ්‍රී ලාංකිකයින් 479 දෙනෙකු මෙලෙස දිවයිනට රැගෙන ඒමට නියමිතයි දිවයිනට රැගෙන ඒමෙන් අනතුරුව ඔවුන් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට නියමිත බවයි යුධ හමුදාපතිවරයා වැඩි දුරටත් සදහන් […]


May
12

ලෝක හෙද දිනය අදයි

Generic placeholder image

ජාතික හෙද දිනය සෑම වසරකම මැයි 12 වන දින පැවැත්වෙන අතර ලොව පුරා හෙදියන් සෞඛ්‍ය සේවයට දක්වන දායකත්වය හඳුනා ගැනීමට අවස්ථාව ලබා දෙයි. නවීන හෙද සේවයේ නිර්මාතෘ වන ෆ්ලෝරන්ස් නයිටිංගේල්ගේ උපන්දිනය නිමිත්තෙන් මැයි 12 වන දින දිනය සමරනු ලැබෙනවා. හෙදියන් වසරින් වසර වඩාත් විශ්වාසදායක වෘත්තියක් ලෙස නම් කරනු ලැබන අතර අවදානමට ලක්වුණු මේ කාලසීමාවේදී මිනිසුන් […]


May
12

අද සිට උසස් පෙළට පාසල් සඳහා අයඳුම් කිරීම online ක්‍රමයට

Generic placeholder image

2020 වසරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ ශ්‍රේණි සඳහා ඇතුළත් වීමට නියමිත සිසුන්ට ඒ සඳහා මාර්ගගත (online) ක්‍රමයට අයදුම් කිරීමට අද (12) දින සිට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අවස්ථාව සලසා දී තිබෙනවා. ඒ අනුව www.info.moe.gov.lk වෙබ් අඩවිය වෙත පිවිස උසස් පෙළ ශ්‍රේණි සඳහා ඇතුළත් වීමට අපේක්ෂිත සිසුන්ට ඒ සඳහා අයදුම් කළ හැකි අතර එක් අයදුම්කරුවෙකුට […]


May
12

කළුතර ඇතුළු ප්‍රදේශ කීපයකට අද වතුර නෑ

Generic placeholder image

අද උදෑසන 8 සිට පස්වරු 6.30 දක්වා පැය 10 ක කාලයක් කළුතර හා අවට ප්‍රදේශවල ජල කප්පාදුවක් සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලප්‍රවහන මණ්ඩලය දැනුම් දෙන අතර .ඒ ලංකා විදුලි බල මණ්ඩලයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් සඳහා කෙත්හේන ජල පවිත්‍රාගාරයට සපයන විදුලිබලය සැපයීම අත්හිටුවීම හේතුවෙන්. ඒ අනුව, වස්කඩුව, වාද්දුව, පොතුපිටිය, මොරොන්තුඩුව, කළුතර (උතුර/දකුණ), කටුකුරුන්ද/නාගොඩ, පයාගල, […]


May
12

දින 24 කට පසු මෙරටින් කිසිදු කොවිඩ්-19 ආසාදිතයෙකු ඊයේ වාර්තා වී නොමැත

Generic placeholder image

ඊයේ(11) දිනයේ දින 24 කට පසුව පළමු වරට මෙරටින් කිසිදු කොවිඩ්-19 වෛරස ආසාදිතයෙකු හඳුනාගෙන නොමැති බව වාර්තා වෙනවා. ඒ අනුව මේ වන විට තවදුරටත් මෙරටින් වාර්තා වන කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 863 ක්. ඒ අනුව වෛරස ව්‍යාප්තිය ආරම්භ වීමෙන් අනතුරුව කිසිදු නව ආසාදිතයෙකු හඳුනානොගත් සිව්වන දිනය ලෙස ඊයේ දිනය වාර්තා වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post