News Line| Off Air
Generic placeholder image

May
11

සේවයට එන අයට ප්‍රවාහන පහසුකම් දෙන්න අද සිට දුම්රිය සහ ලංගම සූදානම්

Generic placeholder image

අද(11) සිට සේවයට වාර්තා කරන්නන් සඳහා ප්‍රවාහන පහසුකම් සැලසීමට දුම්රිය සහ ලංගම බස් රථ යොදවන බව ප්‍රවාහන අමාත්‍යාංශය සඳහන් කළේය. පසුගිය මාසයේ වාර ප්‍රවේශ පත්‍ර මේ සදහා ද වලංගු බව ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා සදහන් කළේය. දුම්රියෙන් ගමන්කළ හැක්කේ ආයතන ප්‍රධානීන් හරහා දුම්රිය ආසන වෙන්කර ගත් පුද්ගලයින් සඳහා පමණ වන බව […]


May
11

ප‍්‍රදේශ කිහිපයකට හෙට පැය 10 ක ජල කප්පාදුවක්

Generic placeholder image

වස්කඩුව, පොතුපිටිය, මොරොන්තුඩුව, කළුතර, කටුකුරුන්ද, නාගොඩ, පයාගල, පිළිමතලාව ඇතුළු ප‍්‍රදේශ කිහිපයකට හෙට (12 උදෑසන 8.00 සිට පැය 10 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සදහන් කළා.


May
11

සාමාන්‍ය කටයුතු ආරම්භ කළත් වෛරසය පාලන කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මකයි

Generic placeholder image

රටේ සාමාන්‍ය කටයුතු ආරම්භ කළ ද කොවිඩ්-19 වෛරසය පාලනය කිරිමේ කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි. ඒ සඳහා සෞඛ්‍ය අංශ ලබාදී ඇති උපදේශන මහජනතාව විසින් අනුගමනය කළ යුතු බව ඔහු පෙන්වා දෙයි. මේ අතර සාමාන්‍ය කටයුතු ආරම්භ කළ ද නිරෝධායනයට ලක් කර ඇති පිරිස් වලට නිදහසේ […]


May
11

අධිකරණ ඇතුළු රජයේ කාර්යාල අද විවෘත වෙයි

Generic placeholder image

අද සිට අධිකරණ ඇතුළු රජයේ කාර්යාල විවෘතව පවතින බව වාර්තා වේ. ඇදිරි නීතිය ක්‍රියාත්මක දිස්ත්‍රික්ක හැර අනෙකුත් සෙසු දිස්ත්‍රික්කවල අධිකරණ කටයුතු අද සිට ආරම්භ කරන බව අධිකරණ අමාත්‍යාංශය පවසයි. සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් මීටරයේ දුර තබා ගනිමින් අධිකරණ කටයුතු ආරම්භ කිරීමට පියවර ගෙන තිබේ. දිවයින පුරා සියලු විශ්වවිද්‍යාලවල කාර්යාලීය කටයුතු අද සිට ආරම්භ කරන […]


May
11

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 863ක් දක්වා ඉහළට

Generic placeholder image

ඊයේ(10) රාත්‍රී 11.55 නිකුත් කළ වාර්තාවලට අනුව තවත් කොරෝනා ආසාදිතයින් 7දෙනෙකු වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 863ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඉන් 321 දෙනෙකු මේ වන විට සුවය ලබා ඇති අතර ආසාදිතයින් 533 දෙනෙකු තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා […]


May
11

කොළඹ සහ ගම්පහ හැර සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය ඉවතට

Generic placeholder image

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු සියලු දිස්ත්‍රික්කවලට ඇඳිරි නීතිය ඉවත් කර තිබේ. අද(11) උදෑසන 05.00ට එම දිස්ත්‍රික්කවලට ඉවත් කෙරුණු ඇඳිරි නීතිය රාත්‍රි 08.00ට යළි ක්‍රියාත්මක කරන බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේය. ඒ අනුව නැවත දැනුම් දෙන තුරු කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය දිනපතා රාත්‍රි කාලයේදී පමණක් ක්‍රියාත්මක වෙයි. මීට පෙර […]


May
10

දින 50 කට වැඩි කාලයකින් පසු ජන ජීවිතය සහ ආයතන ක්‍රියාකාරිත්වය හෙට සිට යථා තත්ත්වයට

Generic placeholder image

කොඩිව් -19 වෛරසය හේතුවෙන් අධි අවදානම් කලාප ලෙස නම් කර ඇති කොළඹ, ගම්පහ යන දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙද්දි ජන ජීවිතය සහ ආයතන ක්‍රියාකාරිත්වය හෙට සිට යළි ආරම්භ කෙරෙනවා. ඒ අනුව රාජ්‍ය ආයතන හා පෞද්ගලික අංශයේ ආයතන හෙට සිට විවෘත කෙරෙන අතර රාජ්‍ය ආයතන පවත්වාගෙන යාම සඳහා ලබා දි ඇති උපදෙස් පෞද්ගලික අංශයට ද බලපැවැත්වෙනු […]


May
10

කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 856 දක්වා ඉහළට

Generic placeholder image

මෙරට කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 856 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවා.


May
10

කළුතර සහ පුත්තලමේ ඇදිරි නීතිය ලිහිල් කරයි – කොළඹ සහ ගම්පහට දිගටම ඇදිරි නීතිය

Generic placeholder image

කොළඹ සහ ගම්පහ යන දිස්ති‍්‍රක්ක දෙකෙහි ඇදිරි නීතිය නැවත දැනුම්දෙනතුරු දිගටම කි‍්‍රයාත්මකයි. කළුතර සහ පුත්තලම ඇතුළු සෙසු දිස්ති‍්‍රක්ක වල ඇදිරි නීතිය හෙට (මැයි 11 සදුදා) සිට නැවත දැනුම්දෙන තුරු කි‍්‍රයාත්මක වනුයේ රාත‍්‍රි 8 සිට අළුයම 5 දක්වා පමණයි. කොළඹ, ගම්පහ දිස්ති‍්‍රක්ක වල ඇදිරි නීතිය තිබියදී ජන ජීවිතය සහ ආයතනික කි‍්‍රයාකාරිත්වය යථා තත්ත්වයට පත්කිරීම කළින් සැළසුම් […]


May
10

එංගලන්තයේ සිටින ලාංකිකයින් 25 දෙනෙකු කොරෝනා නිසා මිය ගොස් ඇති බව අගමැති තහවුරු කරයි

Generic placeholder image

හෙට සිට ජන ජීවිතය සාමාන්‍ය තත්ත්වයට පත් කිරීම සම්බන්ධයෙන් අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එංගලන්තයේ සිටින ලාංකිකයින් 25 දෙනෙකු කොරෝනා නිසා මියගොස් ඇති බව එතුමා එමගින් තහවුරු කළා.


May
10

කොරෝනා ආසාදිතව සුවය ලැබූ සංඛ්‍යාව 321 දක්වා ඉහළට

Generic placeholder image

කොරෝනා වෛසරය ආසාදනයෙන් පසු රෝහල්ගතව ප‍්‍රතිකාර ලබා රෝහල්වලින් පිටව ගිය සංඛ්‍යාව 321 ක් දක්වා ඉහළගොස් තිබෙනවා. ඒ අද තවත් 61 ක් සුවය ලබා රෝහල් වලින් පිටව යෑමත් සමගයි. මේ වන විට ශී‍්‍ර ලංකාවෙන් කොරෝනා ආසාධිතයින් 847 ක් වාර්තා වී ඇති අතර ඉන් 517 ක් තවදුරටත් රෝහල්ගතව ප‍්‍රතිකාර ලබනවා. එමෙන්ම ශී‍්‍ර ලංකාවේ කොරෝනා මරණ 09 වාර්තා […]


May
10

ලෝක මව්වරුන්ගේ දිනය අදයි

Generic placeholder image

ලෝක අම්මාවරුන්ගේ දිනය අදයි. දස මාසයක් කුස දරාගෙන ඉදලා අනේක දුක් කම්කටොලු මැදින් ආදරයේ තිඹිරිගෙයකදී ගැහෙන හදකට ජීවය දුන්නු මිහිපිට දෙවියන් වන්නේ ආදරණීය අම්මායි. මහාමායා දේවිය, ප‍්‍රජාපතී ගෝතමී දේවිය, මරිය මව්තුමිය ඇතුළු මාතාවන්ගේ කුලගෙයින් පැවතෙන මවකගේ සෙනෙහස කෙලෙස අකුරු කළ හැකිද? වැටී වැටී නැගිටින තම සිගිති පුතුගේ, දුවගේ දෑතීන් අල්ලා ඔසවා තැබූ ඇයව පියවරෙන් පියවර […]


News Articles
Latest Videos
Most Popular Post