පාස්කු ප්‍රහාරය මෙහෙයවූ සහරාන් හෂීම් ඇතුළු ත්රස්තවාදීන් විසින් කාන්තාවන් අන්තවාදයට යොමු කිරීම සඳහා යොදාගත් කාත්තන්කුඩි පාලමුණෙයි ප්‍රදේශයේ පිහිටි ස්ථානයක් ඊයේ (08) පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ සෝදිසි කිරීම්වලට ලක්විය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරන විමර්ශන අතරතුරදී සැකකරුවෙක් ලබාදුන් තොරතුරකට අනුව මෙම ස්ථානය සෝදීසි කිරීමට ලක්කර ඇති බව සඳහන්. පාස්කු ප්‍රහාරයට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරන විමර්ශනවලට […]
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. සබරගමුව, ඌව, මධ්‍යම, උතුරු මැද සහ දකුණු පළාත්වලත් කළුතර, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලටමි.මී. 75 ට වැඩි තරමක් තද වර්ෂාපතනයන්ද ඇති වේ. බස්නාහිර සහ දකුණු පලාත්වල වෙරළබඩ ප්‍රදේශවල උදැසන කාලයේදීත් වැසි හෝ ගිගුරුම් […]
කොවිඩ් 19 හේතුවෙන් අද වන විට ලොවපුරා සිදුව ඇති මරණ සංඛ්‍යාව දෙලක්ෂ හැත්තෑ පන්දහස් නවසිය හැට ඉක්මවා තිබෙනවා. වාර්තා වන මුළු ආසාදිතයන් සංඛ්‍යාව හතළිස් ලක්ෂ දසදහස් හයසිය පනස් තුනක්. යුරෝපා කලාපයේ වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන එක්සත් රාජධානියේ ගත වූ පැය 24 තුළ සිදුව ඇති මරණ සංඛ්‍යාව 626 ක්. ඒ සමඟ එරට සමස්ත මරණ සංඛ්‍යාව […]
නව කොරෝනා ආසාධිතයින් 11 දෙනෙකු ඊයේ වාර්තා වීමත් සමග මෙරට කොෙරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 835 දක්වා ඉහළගොස් තිබෙනවා. මෙම ආසාධිතයින් 11 දෙනාම නාවික හමුදා කදවුරේ සාමාජිකයින් බව හමුදාපති ලුතිනල් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කළා. කොරෝනා ආසාධිත වී සුවය ලැබූ මුළු රෝගීන් සංඛ්‍යාව 240 ක් වන අතර තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 586 ක් බවයි […]
අද පස්වරු 6.30 වන තෙක් කිසිදු කොරෝනා ආසාධිතයෙකු වාර්තා නොවූ බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සදහන් කළා. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ථ ආසාධිතයින් ගණන 824 ක්. ඉන් 575 දෙනෙකු මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර 240 දෙනෙකු සුවය ලබා රෝහලින් පිටව ගොස් තිබෙනවා. මෙරට කොරෝනා ආසාධනය වී මියගිය […]
කොරෝනා වෛරසය ලොවපුරා ව්‍යාප්තව ඇති අතර ගෝලීය වශයෙන් සංචාරක ව්‍යාපාරයටද මෙය බෙහෙවින් බලපා තිබෙනවා. මේ හේතුවෙන් තායි සංචාරක කදවුරු වල සිටින අලි ඇතුන් බලධාරීන්ට තවදුරටත් පෝෂණය කිරීමට නොහැකි වීම හේතුවෙන් මෙම සාගින්නෙන් පෙළෙන අලි ඇතුන් නැවත ඔවුන්ගේ ස්වභාවික වාසස්ථාන වෙත යැවීමට එම බලධාරීන් කටයුතු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. මෙලෙස අලි ඇතුන් 4000 […]
කොරෝනා ආසාධනය වී සිටි තවත් පුද්ගලයින් 8 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවා. ඒ අනුව මෙරට සුවය ලැබූ මුළු පුද්ගලයින් සංඛ්‍යාව 240 දක්වා ඉහළගොස් තිබෙනවා. මේ වන විට ශී‍්‍ර ලංකාවෙන් කොරෝනා ආසාධිතයින් 824 දෙනෙකු වාර්තා වන අතර ඉන් 575 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. මෙරටින් වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව […]
මැයි 11 වනදා සිට ජනජීවිතය හා ආයතන ක්‍රියාකාරිත්වය යථා තත්ත්වයට පත් කිරීමේ වැඩපිළිවෙළට සමගාමීව දිස්ත්‍රික් අතර ගමනාගමනය සිදුවිය යුතු ආකාරය සම්බන්ධයෙන් නව නීති රෙගුලාසි ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. දැනට සමස්ත දිවයිනටම ක්‍රියාත්මක ඇඳිරි නීතිය එළැඹෙන මැයි 11 වන දින අලුයම 5 දක්වා බලපැවැත්වෙනවා. මැයි 11 වනදා සිට ජන […]
අද (08) උදෑසන 6න් අවසන් වූ ගතවූ පැය 24ක කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය සම්බන්ධයෙන් පුද්ගලයින් 859 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. වාහන 206ක් එම කාලය තුළ පොලිස් භාරයට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළා. ඒ අනුව ඇඳිරි නීතිය උල්ලංඝනය සම්බන්ධයෙන් මෙතෙක් අත්අඩංගුවට ගත් සමස්ත පුද්ගලයින් ගණන 48,725ක් වන අතර පොලිස් භාරයට ගත් […]
මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ දුම්රිය මාර්ගයක නිදාගෙන සිටි සංක්‍රමණික කම්කරුවන් 15 දෙනෙකු දුම්රියක ගැටීමෙන් මියගොස් තිබෙනවා. ඇදිරි නීතිය හමුවේ රැකියා අහිමි වූ කම්කරුවන් පිරිසක් පා ගමනින් යළි ගම්බිම් බලා ගමන් කරමින් සිටින අතරතුර අද අලුයම විවේක ගත් අවස්ථාවේදී මෙම අනතුර සිදුව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.
ඉරානයේ ටෙහෙරාන් නුවර භූ කම්පනයක් හටගෙන තිබෙනවා. එය රිච්ටර් මාපකයේ ඒකක හතරයි දශම 8 ක් ලෙස එහි ප්‍රබලත්වය සටහන් වී ඇති බව සදහන්. භූ කම්පනයෙන් පුද්ගලයෙකු මියගොස් ඇති අතර තවත් පුද්ගලයින් 7 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා සදහන් කරනවා.. එරට උසම ගිනි කන්ද ලෙස හැදින්වෙන දමාවන්ඩ් ගිනි කන්ද, භූ කම්පනයේ කේන්ද්‍රස්ථානය ලෙස විදයාඥයින් […]
ඉතාලියේ ලොක්ඩවුන් තත්ත්වයත් සමග මාස දෙකකට අධික කාලයක් තහනම් කෙරුණු දේවස්ථාන දිව්‍ය පූජාවන් ලබන 18 වනදා සිට දැඩි සෞඛ්‍ය ආරක්ෂිතවේද ක්‍රමවේදයන් යටතේ ඇරඹීමට රජය හා ආගමික නායකයන් අතර එකගතාවයෙන් යුතුව අවසර ලබාදුන් බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. මෙහිදී දේවස්ථාන තුළ දුරස්ථභාවය හා විෂබීජහරණය මෙන්ම මුඛ ආවරණ පැළදීම අනිවාර්ය කරුණක් බවත් සාමය පතා අතට අත දීමත් […]