කැප්පෙටිපොළ විශේෂ ආර්ථික මධ්‍යස්ථානයත් මේ වන විට සම්පූර්නයෙන්ම වසා දමා තිබෙනවා. සෞඛ්‍යමය හේතුමත උඩරට එළවළු රට පුරා බෙදා හරින මධ්‍යස්ථානය වන කැප්පෙට්පොළ විශේෂ ආර්ථික මධ්‍යස්ථානය නැවත දැනුම් දෙනතුරු සම්පුරණයෙන් වසා දැම්මට බලධාරින් අද තීරණය කළා. මෙසේ තීරණය කළේ කැප්පෙට්පෙළ විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේදි පැවති විශේෂිත රැස්විමකදියි. පිට පළාත් වල වෙලදුන් හා ගොවින් විශාල වශයෙන් මෙම මධ්‍යස්ථානය […]
කොරෝනා වෛරස ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය දින නියමයකින් තොරව වසා තිබෙනවා.
මත්කුඩු චෝදනා මත මීගමුව බන්ධනාගාරයේ රිමාන්ඩ් භාරයේ සිටි රැඳවූවන් තිදෙනෙකු ඊයේ රාත්‍රියේ ඔවුන් රැඳී සිටි කුටියේ බිත්තියක් සිදුරු කර පලාගොස් තිබෙනවා. ඔවුන් තිදෙනාගෙන් දෙදෙනෙකු ඊයේ රාත්‍රියේම මීගමුව පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර පලාගොස් සිටි අනෙක් පුද්ගලයා අත්අඩංගුවට ගනු ලැබුවේ අද උදෑසනයි. සැකකරුවන් තිදෙනා මීගමුව, දිවුලපිටිය හා කොච්චිකඩේ පදිංචිකරුවන් බව සදහන්.
ඉදිරි සති දෙක තුළ කොරෝනා රෝගීන්ගේ වැඩිවීමක් අපේක්ෂා කරන බැවින් එම කාල සීමාව තුළ නීති රීති දැඩි කරන ලෙස විශේෂඥ වෛද්‍ය විද්‍යාල වල සභාපතිවරුන් සෞඛ්‍ය අමාත්‍ය පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මියගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඒ සෞඛ්‍ය අමාත්‍යංශයේ ඊයේ පැවති සාකච්ඡාවකදීයි. අපේ‍්‍රල් 20 වනදා තෙක් දෙසතියක කාල සීමාව තුළ වසංගත තත්ත්වයේ දෙවන නැගීමක් අපේක්ෂා කරන බැවින් දින 14 […]
කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් සිව්දෙනෙක් පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටත්ව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව මේ වන විට වෛරසයෙන් පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටවගොස් සිටින පිරිස 42 ක්. මෙරටින් පළමු කොවිඩ් 19 ආසාදිතයා හමු වූ දින සිට අදට දින 28ක් ගත වී ඇති අතර මේ වන විට වෛරස් […]
දිවයින පුරා පිහිටි සුරා සැල් කිහිපයක් සුරාබදු දෙපාර්තමේන්තුව විසින් මූද්‍රා තබා තිබෙනවා. සුරාසැල් හිමියන් විසින් ඇඳිරි නීතිය ලිහිල් කළ කාලසීමාව තුලදී ගබඩා කර ඇති මත්පැන් වෙනත් ස්ථානවලට රැගෙන විත් අධික මිලට අලෙවි කරන බවට පැමිණිලි ලැබුණූ බව එම දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා සඳහන් කළා.
සබරගමුව, ඌව, මධ්‍යම, බස්නාහිර, වයඹ සහ උතුරු-මැද පළාත්වලත් ගාල්ල, මාතර සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය […]
දිවයිනේ කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 180 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
කොවිඩ් නයින්ටීන් ව්‍යාප්තිය පාලනය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර සිදුකිරීම වසර 5ක සිර දඬුවම් ලැබිය හැකි වරදක් බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා අවධාරණය කරයි. කොවිඩ් නයින්ටීන් රෝගයේ ලක්ෂණ ඇති පුද්ගලයින් සිටියි නම් නිවස තුළ රැදී සිටින ලෙස නියෝජ්‍ය පොලිස්පතිවරයා කියා සිටියේ ය. රටේ ඇති අපරාද නීතිය අනුව මෙවැනි අවස්ථාවකදී යම් ස්ථානයකට ගොස් මෙම […]
මෙරට කොරෝනා ආසාදිත හයවන මරණය මීට සුළුවේලාවකට පෙර සිදුව තිබේ. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මේ බව තහවුරු කළේය. මිය ගිය පුද්ගලයා වයස අවුරුදු 80ක් වු පිරිමි පුද්ගලයෙක් වෙයඔහු IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට ඇත. මේ වන විට ලංකාවේ කොරෝනා ආසාදිතයින් 178 ක් වාර්තා වෙයි. මේ වන විට කොරෝනා වැලදීමෙන් මෙරට […]
අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ කිහිපයකට අද පස්වරු 2 සිට රාත්‍රී 10 දක්වා ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සදහන් කරනවා. කොළඹ 09, කොළඹ 14 සහ නවගම්පුර යන ප්‍රදේශ වලට මෙලෙස ජල සැපයුම අත් හිටවනු ඇති.
කොවිඩ් 19 ආසාදනය වීමෙන් දින 10ක පමණ කාලයක් ස්වයං නිරෝධායනයේ නිරතව සිටි බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් ඊයේ දින රෝහල්ගත කෙරුණි. කෙසේ වෙතත් අගමැතිවරයාගේ තත්ත්වය අසාධ්‍යවීමෙන් ඔහු ලන්ඩන් හි ශාන්ත තෝමස් රෝහලේ, දැඩි සත්කාර ඒකකය වෙත ඇතුලත් කිරීමට සිදුව තිබේ. මේ වාර්තාවල වැඩිදුරටත් දැක්වුණේ, අගමැතිවරයා ස්වසන අපහසුතාවෙන් පසුවන නමුත් තවමත් ඔහු ස්වසන ආධාරකවල සහාය නොලබන බවයි. […]