මෙරටින් මේ වාර්තාවන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 77 ක් වන අතර කොරෝනා බවට සැකපිට රෝගීන් 245 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල් කිහිපයක ප්‍රතිකාර ලබනවා. කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සදහා නැගෙනහිර කොළඹ රෝහල හෙවත් මුල්ලේරියාව රෝහලේ ද මේ වනවිට සම්පූර්ණයෙන්ම කොරෝනා අසාදිත රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා සූදානම් කර තිබෙන බවත් කොරෝනා බවට සැකකෙරෙන මාතෘවරුන්ට නේවිල් ප්‍රනාන්දු රෝහල, […]
මාරාන්තික කොරෝනා වෛරසයට මේ වන විට ගොදුරු වී ඇති පුදගලයින් ගණන තුන් ලක්ෂය ඉක්මවන බව වාර්තා වෙනවා. එම ගණන තුන් ලක්ෂ හත් දහස් දෙසිය හැත්ත හතක් ලෙස සදහන් වෙනවා. ලොව පුරා රටවල් 188 ක් මෙම වෛරසයේ බලපෑමට ලක්ව තිබෙනවා.
කොවිඩ් 19 හෙවත් කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් 77 දෙනාගෙන් 48 දෙනෙකු විදේශ රටවල සිට මෙරටට පැමිණි පුද්ගලයින් බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානය පෙන්වා දී තිබෙනවා. එමෙන්ම ආසාධිත රෝගීන් 27 දෙනෙකු විදේශගතව සිට පැමිණි පුද්ගලයන් සමග සමීපව ඇසුරු කළ පුද්ගලයන් බවයි එම මධ්‍යස්ථානය නිවේදනය කරන්නේ. අනෙක් දෙදෙනාට රෝගය ආසාදනය වූ ආකාරය පිලිබදව […]
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ මස තුළ නිකුත් කිරීමට නොහැකි බව විභාග දෙපාර්තමේන්තුව සදහන් කරනවා. ඒ මෙරට පවතින කොරෝනා වෛරස් තත්ත්වය හේතුවෙන් එම ප්‍රතිපල නිකුත් කිරමට අදාල කටයුතු තාවකාලිකව අත්හිටුවා තිබෙන නිසාවෙන් බව විභාග කොමසාරිස් ජනරාල් වරයා වැඩි දුරටත් සදහන් කළා. ඉදිරියේදී ඒ පිලිබදව දැනුම්දෙන බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩි දුරටත් […]
ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 300කට අධික පිරිසක් මේ වනවිට පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා. පොලීසිය පැවසුවේ ඉන් බහුතරයක් මහාමාර්ගයේ නිකරුනේ ගමන් කිරීම හේතුවෙන් අත්අඩංගුවට පත්ව ඇති බවයි. මේ අතර නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය සඳහා රජය විසින් මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි පැනවූ ඇඳිරි නීතිය තවදුරටත් ක්‍රියාත්මකයි. මේ අතර පොලිසිය පැවසුවේ පසුගිය සිකුරාදා පස්වරු 6.00 සිට […]
කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය හේතුවෙන් එක් දිනක් තුළ මෙතෙක් සිදු වූ වැඩිම මරණ ගණන ඊයේ(21) දින ඉතාලියෙන් වාර්තා වුණා. ඊයේ එරටින් වාර්තා වූ කොරෝනා මරණ ගණන 800ක් බව විදෙස් වාර්තා සඳහන් කරනවා.
මේ වන විට මෙරට කොරෝනා රෝගීන් 77ක් වාර්තා වන අතර ඉන් කිසිවකු මේ වන විටත් සුව වි පිටව ගොස් නොමැති බව වෙෙද්‍ය අනිල් ජාසිංහ මහතා මාධ්‍ය වෙත පවසන අතර . තවද ඉන් දෙදෙනෙකු දැඩ් සත්කාාර ඒකකය තුල ප්‍රතිකාර ලබන බවත් ඒ මහතා වැඩ් දුරටත් පැවසුවා.
අනුරාධපුර බන්ධනාගාරය තුළ සිදුවු වෙඩි තැබීමෙන් තවත් රැඳවියෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ (21) දින සවස් කාලයේ අනුරාධපුර බන්ධනාගාරය තුළ රැඳී සිටි රැඳවියන් විසින් සිදුකරන ලද විරෝධතාවයක් හේතුවෙන් බන්ධනාගාර නිලධාරීන් විසින් එය පාලනය කිරීමට යෑමේ දී නොසන්සුන් තත්ත්වයක් හට ගත් බව පොලීසිය සදහන් කළා. ඒ අවස්ථාවේ දී බන්ධනාගාරය තුළ සිටි රැඳවියන් ඉන් මිදී පලා යෑමට උත්සහ […]
මාරාන්තික කොරෝනා වෛරසය මර්දනයට සමත් ඖෂධයක් නිපදවීමට ජපන් වෛද්‍ය පර්යේෂකයන් පිරිසක් සමත් වී තිබෙනවා. ඒ අවිගන් නැමති ඖෂධයක්. ඒ අනුව මෙම ඖෂධය ඉන්ෆ්ලුවෙන්සාව හේතුවෙන් හටගන්නා සංකූලතාවලට එරෙහිව නිර්මාණය කර තිබෙන අතර දින 4කදී කොරෝනා රෝගියෙකුගේ නිව්මෝනියා තත්ත්වය මෙම ඖෂධය මගින් සුව කල හැකි බව ජපන් වෛද්‍ය පර්යේෂකයන් ප්‍රකාශ කර තිබෙනවා. මේ වන විට ඉන්දුනීසියාව සිය […]
අද සවස් කාලයේ අනුරාධපුර බන්ධනාගාරය තුළ නොසන්සුන්තාවයක් හටගෙන ඇති අතර එහිදී සිදුවු වෙඩි තැබීමෙන් එක් රැඳවියෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. රැඳවූවන් තිදෙනෙකු තුවාල ලබා ඇති බව අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයා වැඩි දුරටත් සදහන් කළා,. කොරෝනා රෝගියෙකු බවට සැකකෙරෙන රැඳවූවෙකු ඉකුත්දා බන්ධනාගාරයෙන් හඳුනාගැනීමෙන් අනතුරුව ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර තිබෙනවා. එම සිද්ධියත් සමග මෙලෙස බන්ධනාගාරය තුළ නොසන්සුන්තාවයක් හට […]
දිවයිනේ කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 77 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අද(21) දිනයේ නව ආසාදිතයින් පස් දෙනෙකු හඳුනා ගැනීමත් සමඟ යි.
කොළඹ, ගම්පහ, පුත්තලම දිස්ති‍්‍රක්ක වලට කි‍්‍රයාත්මක වන ඇදිරි නීතිය ලබන අගහරුවාදා දක්වා දීර්ඝ කර තිබෙනවා. එදිනම පස්වරු 02 ට යළිත් එම දිස්ති‍්‍රක්ක වලට නැවත ඇදිරි නීතිය පනවන බව නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවා. අනෙක් දිස්ති‍්‍රක්ක වල ඇදිරි නීතිය සදුදා උදෑසන 6 ට ඉවත් කෙරෙන අතර නැවත එදිනම දහවල් 02 සිට යළි කි‍්‍රයාත්මක වනවා. […]