News Line| Off Air
Generic placeholder image

Mar
20

අගමැති මහින්දගෙන් විශේෂ ප්‍රකාශයක්

Generic placeholder image

ජනතාවගේ ජීවිත පිළිබඳ තැබු අවධානය මොහොතකට හෝ අඩු කර ‍නැතැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් අද(20) දිනයේ මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් මේ බව කියා සිටියා. මුළු ලෝකයම කොරෝනා ‍වසංගතයට මුහුණ දී ඇති අතර වසංගතය පැතිරිමට ගත් මොහොතේ සිට දැඩි අවධානයකින් වත්මන් රජය කටයුතු කළ බව මෙහිදී අදහස් දක්වමින් […]


Mar
20

ඇඳිරි නීතිය පනවා ඇති කාල සීමාවේ මුහුදට ගිය පුද්ගලයින් 20 ක් අත්අඩංගුවට

Generic placeholder image

ඇඳිරි නීතිය පනවා ඇති කාල සීමාව තුළ මුහුදට ගිය පුද්ගලයින් 20 දෙනෙකු කොච්චිකඩේ සහ පුත්තලම් වෙරළට ඔබ්බෙන් ප්‍රදේශයේදි නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.


Mar
20

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 70ක් දක්වා ඉහළට

Generic placeholder image

මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 70ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.


Mar
20

අද පස්වරු 4.00 සිට සියලු අධිවේගී මාර්ග සඳහා වාහන ඇතුළු කිරීම අත්හිටුවයි

Generic placeholder image

අද පස්වරු 4.00 සිට සියලු අධිවේගී මාර්ග සඳහා වාහන ඇතුළු කිරීම නවතා දමන බව මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති චමින්ද අතුළුවගේ මහතා සඳහන් කළා.


Mar
20

කොරෝනා මැඩලන්න රජයෙන් උපදෙස් මාලාවක්

Generic placeholder image

කොරෝනා මර්දනය කිරීම සදහා රජයෙන් උපදෙස් මාලවක් ලබා දී තිබෙනවා.ඒ අනුව තවද ජනතාව අතර මීටරයක දුරස්ථභාවයක් පැවැතිය යුතු අතර දුම්රිය හා බස් රථවලත් මගීන් ඒම දුරස්ථභාවය අනුගමනය කළ යුතු බවත් අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවාවන් නිසි පරිදි රටපුරා බෙදා හරින බවත් මෙම උපදෙස් තවදුරටත් දීර්ඝ කිරිම පිළිබද ලබන ඉරිදා නිවේදනය කරන බව රජය විසින් දන්වා තිබෙනවා.


Mar
20

සියලුම දුම්රියන් ධාවනය අද ප.ව 3.30 සිට සදුදා පෙ.ව. 06 00 දක්වා නවතී

Generic placeholder image

රට තුල පවතින කොරෝනා වෛරසය පාලනය කිරීම සැලකිල්ලට ගනිමින් දිවයිනේ සියලු දුම්රියන් ධාවනය අද ප.ව 3.30 සිට සදුදා පෙ.ව. 06 00 දක්වා නවතා දැමීමට දුම්රිය පාලක මැදිරිය කටයුතු කර තිබෙනවා.


Mar
20

යළි ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන වේලාව ඉරිදට

Generic placeholder image

කොරෝනා වෛරසය මර්දනයේ තවත් පියවරක් ලෙස විනෝද චාරිකා, වන්දනා ගමන් සහ සංචාරක ගමන් වහාම තහනම් කිරීමට රජය තීරණය කර තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත. උද්ගතව ඇති තත්ත්වය හමුවේ ජන ජීවිතය සුරක්ෂිත කරනු පිණිස මෙම තීරණය ගෙන තිබේ. ජනතාව ගැවසෙන ස්ථානවල දී මීටරයකින් පමණ පුද්ගල දුරස්ථතාවය පවත්වා ගැනීමට ලබා […]


Mar
20

මුස්ලිම් පල්ලිවල සිකුරාදා ජුම්මා යාඥාව නවතී

Generic placeholder image

දිවයිනේ සියලු මුස්ලිම් පල්ලිවල සිකුරාදා ජුම්මා යාඥාව නැවත දැනුම් දෙන තුරු නොපැවැත්වෙන බව සමස්ත ලංකා මුස්ලිම් වියතුන්ගේ සංගමය සදහන් කරනවා. කෝවිඩ් 19 හෙවත් කොරෝනා වෛරසයේ බලපෑම හේතුවෙන් නැවත දනුම් දෙන තුරු සිකුරාදා යාඥාව සහ දිනපතා සිදු කරනු ලබන පස්වේල් යාඥාවන්ද නැවැත්වීමට පියවර ඒ අනුව තීරණය කර තිබෙනවා.


Mar
20

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 65 දක්වා ඉහළට

Generic placeholder image

අද (20) දිනය තුළ මෙරටින් නව කොරෝනා වෛරස ආසාදිතයින් 6 දෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.


Mar
20

ඇඳිරි නීතිය කඩ කරන පුද්ගලයින්ට එරෙහිව දැඩි නීතිමය පියවර

Generic placeholder image

ඇඳිරි නීතිය ක්‍රියාමක වන කාලය තුළ එම නියෝග කඩකරමින් කටයුතු කරන පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව පොලීසිය පවසනවා. පොලිස් මූලස්ථානය පවසන්නේ ඇඳිරි නීතිය ක්‍රියාමක වන කාලය තුළ සියලුම පුද්ගලයින් සිය වාසස්ථානවල රැදී සිටිය යුතු අතර අත්‍යාවශ්‍ය සේවා සඳහා පමණක් අවසර හිමි වන බවයි. අද පස්වරු 6.00 සිට ලබන 23 වැනි සඳුදා පෙරවරු 6.00 දක්වා […]


Mar
20

කොරෝනා ලොවම බිය ගන්වමින් මිලියනගණනක ජනතාවක් නිවෙස් තුල සිර කරයි

Generic placeholder image

මාරාන්තික කොරෝනා වෛරසය හේතුවෙන් මේ වන විට ලෝක ජනතාව මිලියන ගණනාවක් තම නිවෙස් තුලට සිර වී සිටීමට සිදුව තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකව තුලද මේ වනවිට ඒ සදහා අවශ්‍ය ක්‍රියමාර්ග ගනිමින් පවතින අතර ලංකාව තුලද මේ වන විට බොහෝ පිරිසක් සිය නිවෙස් තුලට කොටු වී සිටිනවා. එමෙන්ම ලොව පුරා රවටල් වල ජනතාවට මෙම වෛරසය පාලනය […]


Mar
20

දුම්පානය කොරෝනා වෛරසය ව්‍යාප්තියට ප්‍රබල හේතුවක් බවට අනතුරු අගවයි

Generic placeholder image

ශ්‍රී ලංකාව තුල කොරෝනා වෛරසය ව්‍යාප්තවිමට ප්‍රධාන කාරණයක් ලෙස රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සදහන් කරන්නේ දුම්පානය ඊට ප්‍රබල බලපෑමක් එල්ල කරන බවයි. කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා වැඩි දුරටත් සදහන් කලේ , දුම්පානය වෛරසය ව්‍යාප්තියට ඍජු බලපෑමක් බවත් , දුම්වැටි අලෙවිය ඉතා අවධානම් සහගත කටයුත්තක් බවත්ය. මේ […]


News Articles
Latest Videos
Most Popular Post