News Line| Off Air
Generic placeholder image

Mar
17

කටුනායක ගුවන්තොටුපල වසා දැමීම පිලිබදව රජයේ අවධානය යොමු වෙයි

Generic placeholder image

ශ්‍රී ලංකාව තුල කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සැලකිල්ලට ගනිමින් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල වසා දැමීමට රජයේ අවධානය යොමු තිබෙන බව වාර්තා වෙනවා. විශේෂයෙන්ම කොරෝනා වෛරසය රට තුලට පැමිණීම වැලැක්වීම තුලින් පවතින තත්වය පාලනය කිරීම සදහා මෙලෙස කටයුතු කෙරෙනු ඇති බවයි වැඩි දුරටත් සදහන් වන්නේ,


Mar
17

ලොව පුරාම Microsoft වෙළඳසැල් වසා දැමීමට තීරණය කරයි

Generic placeholder image

මයික්‍රොසොෆ්ට් සමාගම ලොව පුරා පිහිටි සිය වෙළඳසැල් ජාලය වසා දැමීමට පියවර ගෙන තිබෙනවා. කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරස ව්‍යාප්තියේ අවදානම හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. කෙසේ වෙතත් මයික්‍රොසොෆ්ට් සමාගමේ සේවකයින්ට අන්තර්ජාලය හරහා සිය කාර්යාලීය කටයුතු සිදු කිරීමට පහසුකම් සලසා තිබෙනවා. මේ අතර කොරෝනා වෛරසය පිළිබඳව ප්‍රජාව දැනුවත් කිරීම සඳහා […]


Mar
17

විදෙස් ගතව සිට පැමිණි නිරෝධායනය මගහැර සිටින පිරිසට එරෙහිව දැඩි දඩුවම්

Generic placeholder image

විදෙස් ගතව සිට මෙරටට පැමිණි විශේෂයෙන්ම ( ඉතාලිය සහ කොරියාවේ ) පැමිණි ශ්‍රී ලාංකිකයන් 170 ට අධික පිරිසක් නිරෝධායනය මගහැර සිටින බව පොලිසිය සදහන් කරනවා. ඒ අනුව මෙලෙස නිරෝධායන කටයුතු මගහැර සිටින පුද්ගලයින්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලිසිය සදහන් කරනවා.


Mar
17

කොරෝනා බියෙන් පිලිපීනයේ මැනිලා අගනුවරත් වැසේ

Generic placeholder image

පිලිපීනය, මිලියන 12 ක ජනගහනයක් දිවිගෙවන මැනිලා අගනුවර මුද්‍රා තැබීමට පියවර ගත් අතර මේ අනුව කිසිවකුට මැනිලා නුවරට ඇතුළු වීමට හෝ ඉන් පිටවීමට හැකියාවක් නොමැත. එමෙන්ම ඕස්ට්‍රේලියාව එරටට ඇතුළු වන සියලුම විදේශිකයන් දින 14 ක කාලයක් නිරෝධායනය කිරීම අනිවාර්ය කර තිබෙනවා. ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කෙරෙන එම නව නීතියට අනුව විදේශ යාත්‍රා ඕස්ට්‍රේලියාවට ඇතුළුවීම […]


Mar
17

පොලිසියෙන් විශේෂ දැනුම්දීමක්

Generic placeholder image

මාර්තු 01ත් 15ත් අතර යුරෝපය ,ඉරානය හෝ දකුණු කොරියාවේ සිට පැමිණි අයට ළඟම පොලිස් ස්ථානයට දුරකතන ඇමතුමක් දී ලියාපදිංචි විය හැකි බව පොලිස් මූලස්ථානය සඳහන් කළා.


Mar
17

අමෙරිකාවෙන් කොරෝනා මර්දනයට එන්නතක් – ප්‍රථම මනුෂ්‍ය අත්හදා බැලීමත් සිදු කරයි

Generic placeholder image

මාරාන්තික වසංගතයක් බවට පත්ව තිබෙන චීනයේ හුබේ පළාතෙන් ආරම්භ වූ මේ කොරෝන වෛරසය හෙවත් නව කොරෝනා වෛරසය හේතුවෙන් මේ වන විට ලොව පුරා මිය ගිය ගණන 6500 ඉක්මවා තිබෙනවා. මෙම වෛරසය මැඩලීමට ලොව බොහෝ රටවල් මේ වන විටත් ඒ සදහා බෙහෙතක් නිපදවීමට උත්සුක වෙනවා. මේ අතර අමෙරිකාව විසින්ද කොරෝනා මර්දනයට එන්නතක් නිපදවා තිබෙන බව වාර්තා […]


Mar
17

ජනාධිපති ගෝඨාභය ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට සුදානමින්

Generic placeholder image

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද රාත්‍රී 8 ජාතිය ඇමතීමට සුදානම් ‍බව වාර්තා වෙනවා. ඒ රටේ පවතින තත්වය පිලිබදව ජනතාව අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමටයි.


Mar
17

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් නිවේදනයක්

Generic placeholder image

නිවේදනයක් නිකුත් කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානය සදහන් කරන්නේ කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ගෝලීය වසංගත තත්ත්වය ලෝකය පුරාම මහත් අර්බුදයක් බවට පත්ව ඇති බැවින් වෛරසය ආසාදනය වී ඇති බවට සැක සහිත සියලුම පුද්ගලයින් පරීක්ෂණවලට යොමු වන සහ යොමු කරන ලෙසයි.


Mar
17

අද සිට දින 3ක විශේෂ නිවාඩුවක්

Generic placeholder image

කොරෝනා වෛරසය ශ්‍රී ලංකාව තුල ව්‍යප්ත වීම පාලනය කිරීම සැලකිල්ලට ගෙන අද සිට දින දින තුනක විශේෂ නිවාඩුවක් ලබා දීමට රජය තීරණය කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් රජය අවධාරනය කරන්නේ අද සිට එළඹෙන බ්‍රහස්පතින්දා දක්වා මෙම නිවාඩුව බල පැවැත්වෙන බවයි. පෞද්ගලික අංශයට ද මෙම නිවාඩුව ලබා දෙන මෙන් රජයේ ඉල්ලා සිටින අතර මෙම නිවාඩුව ද […]


Mar
16

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ නිළධාරියෙකුටත් කොරෝනා වැළදෙයි

Generic placeholder image

ශී‍්‍ර ලංකන් ගුවන් සමාගමේ ගුවන් නියමුවෙකුටත් කොරෝනා වෛරසය වැළදී ඇති බවට තොරතුරු ලැබී තිබෙනවා. මේ හේතුවෙන් ඔහු ඇසුරු කළ කාර්ය මණ්ඩලයට ස්වයං නිරෝධානයකට ලක්වීමට උපදෙස් ලැබී තිබෙනවා. මෙම පුද්ගලයා කොළඹ පැවති වාර්ෂික කි‍්‍රකට් මහා තරගයක් නැරඹීමටද ගොස් සිට ඇති බවයි සමාජ මාධ්‍ය ඔස්සේ තොරතුරු වාර්තා වන්නේ. මෙරට වාර්තා වී ඇති කොරෝනා ආසාධිතයින් 28 දෙනාට මොහුද […]


Mar
16

මුහුණු ආවරණ වලට උපරිම සිල්ලර මිලක්

Generic placeholder image

ඉවත දැමිය හැකි මුහුණු ආවරණ රුපියල් 50ක් හා N95 වර්ගයේ මුහුණු ආවරණ රුපියල් 325 ක් ලෙස උපරිම සිල්ලර මිලක් නියම කර තිබෙනවා.


Mar
16

මෙරට කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 28 දක්වා ඉහළට

Generic placeholder image

කොරෝනා වෛරසය ආසධිත වූ තවත් පුද්ගලයින් 06 දෙනෙක් සොයා ගෙන ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර සඳහන් කර සිටිනවා. ඒ අනුව මෙරටින් වාර්තා වන මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 28 ක්.


News Articles
Latest Videos
Most Popular Post