News Line| Off Air
Generic placeholder image

Mar
10

මහ මැතිවරණයේ ඡන්ද අවභාවිතය වැළැක්වීමට මැතිවරණ කොමිෂන් සභාවෙන් පියවරක්

Generic placeholder image

මහ මැතිවරණයේ ඡන්ද අවභාවිතය වැළැක්වීමේ අරමුණින් මියගිය සහ විදේශගත ඡන්ද දායකයන්ගේ තොරතුරු ලබාගැනීමට මැතිවරණ කොමිෂන් සභාව පියවර ගෙන තිබෙනවා. ඒ අනුව 2019 ඡන්ද හිමි නාමලේඛනයේ ඇතුළත් ඡන්ද දායකයන් අතුරින් අද දිනය වනවිට මියගොස් හෝ විදේශගතව සිටින ඡන්ද දායකයන් සම්බන්ධ තොරතුරු ලබන 14 වන දිනට පෙර දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයට හෝ ප්‍රදේශයේ ග්‍රාම නිළධාරී වෙත දැනුම් දෙන […]


Mar
10

සහරාන් සමඟ පුහුණුව ලැබු 64 දෙනා යළි රක්ෂිත බන්ධනාගාරයට

Generic placeholder image

පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් පසු ජාතික තවුහිද් ජමාත් සංවිධානය සමග සම්බන්ධතාවයක් ඇති බවට අත්අඩංගුවට පත් 64 දෙනා මේ මස 24 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ මඩකලපුව මහේස්ත්‍රාත් මහාධිකරණ විනිසුරු ඒ සි එම් රිස්වාන් මහතාගේ නියෝග මතයි.


Mar
10

රවී ඇතුළු සිව්දෙනාගේ පෙත්සම සලකා බැලීම හෙටට කල්යයි

Generic placeholder image

රවී කරුණානායක අර්ජුන ඇලෝෂියස් ඇතුළු සිව්දෙනෙකු විසින් අභියාචනාධිකරණය හමුවේ ගොනු කළ රීට් පෙත්සම හෙට (11) පෙරවරුවේ සළකා බැලීමට අභියාචනාධිකරණය තීන්දු කළේය. 2016 වසරේ සිදුවූ මහ බැංකු බැඳුම්කර නිකුතු දෙකකදී රුපියල් බිලියන 50කට අධික රජයේ මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මෙම පිරිසට චෝදනා එල්ල වී ඇත. මෙම පෙත්සම් අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු […]


Mar
10

අජිත් ප්‍රසන්න ඇතුළු තිදෙනෙකුට ඇප අහිමි වෙයි

Generic placeholder image

මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා අධිකරණයට අපහාස කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගර ගත කර සිටින විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න ඇතුළු තිදෙනෙකුට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා ඇප ලබාදිම ප්‍රතික්ෂේප කර තිබෙනවා. එම පිරිස ලබන 24 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටද ප්‍රියන්ත ලියනගේ මහතා නියෝග කළා. එමෙන්ම නඩුව නැවත සළකා බැලීමද එදින තෙක් කලදැමීමට […]


Mar
10

නිරෝධායනයේදී කිසිවෙකුගෙන් ගාස්තුවක් අය කරන්නේ නෑ – යුධ හමුදාපති

Generic placeholder image

නිරෝධායන කටයුතු සඳහා යොමු කරන කිසිදු පුද්ගලයෙකුගෙන් ගාස්තුවක් අය නොකරන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා අවධාරණය කරනවා.


Mar
10

බංග්ලාදේශ කණ්ඩායමේ නව නායකත්වය තමීම් ඉක්බාල්ට

Generic placeholder image

බංග්ලාදේශ එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නව නායකයා ලෙස තමීම් ඉක්බාල් නම් කර තිබෙනවා. ඒ එක්දින නායකත්වයෙන් ඉවත් වූ මෂ්රෆි මොටාසා වෙනුවටයි. ඒ සිම්බාබ්වේ එක්දින තරගාවලිය ජයග්‍රහණයකින් අවසන් කළ මෙටාසා එක්දින නායකත්වයෙන් ඉල්ලා අස්විම හේතුවෙන්. ඒ වෙනුවට බංග්ලාදේශ කණ්ඩායමේ නව නායකයා ලෙස තමීම් ඉක්බාල් නම් කිරීමට බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.


Mar
10

( update) කොටස් වෙළඳපළ ගනුදෙනු යළි අරඹයි

Generic placeholder image

අද පෙරවරුවේ අත්හිටුවනු ලැබු කොළඹ කොටස් වෙළඳපළ ගනුදෙනු යළි ආරම්භ කර තිබෙනවා. කොළඹ කොටස් වෙළඳපළ ගනුදෙනු අද පෙරවරුවේ අත්හිටුවනු ලැබුවේ , ප්‍රධාන මිල දර්ශක අගයන් පහත වැටීම හේතුවෙන්ය.


Mar
10

නිරෝධායනය කරන අයගෙන් රු 7500ක් අය කිරිමක්? – සමාජ මාධ්‍යයෙන් විරෝධය

Generic placeholder image

ඉතාලිය, දකුණු කොරියාව හා ඉරානයේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙන ගුවන් මගීන් බැටිකලෝ කැම්පස්හි නිරෝධානයට යොමුකිරිමට රජය මේ වන විටත් කටයුතු කර තිබෙනවා. මෙසේ නිරෝධායනය කරන පුද්ගලයෙකුගෙන් ආහාර සඳහා ලෙස රුපියල් 7500ක මුදලක් අය කිරිමට රජය තීරණය කර තිබෙනවා. එම පුද්ගලයන් දින 14ක කාලයක් නිරෝධායනය කරන අතර දිනකට ආහාර වේල් තුන බැගින් ලබාදිමට මෙම මුදල අය […]


Mar
10

පළාත් 04 ක දැඩි උණුසුම් කාලගුණයක් – කාලගුණයෙන් ජනතාවට විශේෂ දැනුම් දීමක්

Generic placeholder image

දිවයිනේ පුරා අද දිනයේත් වැසි රහිත කාලගුණ තත්වයක් අපේක්ෂා කල හැකි බව දැනුම් දෙන කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව බස්නාහිර, දකුණ, සබරමුවේ ඇතැම් ප්‍රදේශ වලටත් මොණරාගල දිස්ත්‍රික්කයටත් වඩා උණුසුම් කාලගුණයක් පවතින බව පැවසෙනවා. ඒ අනුව මේ පිලිබදව ජනතාවට පුර්ව දැනුම් දීමක් කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. පහත දැක්වෙන්නේ එම නිවේදනයයි.


Mar
10

කොළඹ කොටස් වෙළඳපළ ගනුදෙනු අත්හිටුවයි

Generic placeholder image

කොළඹ කොටස් වෙළඳපළ ගනුදෙනු මේ වන විට අත්හිටුවා තිබෙනවා. ඒ අද උදෑසන ගනුදෙනු ආරම්භ කිරිමත් සමග එස්. ඇන්ඩ් පී එස්.එල් ටුවේන්ටි දර්ශක අගය 5 % කින් පහත වැටීම හේතුවෙන්. කොටස් වෙළඳපොළ සමස්ත මිල දර්ශක අගය 2.7% කින් පහත වැටි තිබෙන අතර දෛනික පිරිවැටුම රුපියල් මිලියන 69 ක් ලෙස සදහන් වෙනවා.


Mar
10

චීන ජනාධිපති මාරාන්තික කොරෝනා ආරම්භ වූ වුහාන් නගරයට

Generic placeholder image

චීනයේ ජනාධිපති ෂි ජිං පින්ග් අද නව කොරෝනා වෛරස ව්‍යාප්තිය ආරම්භ වු චීනයේ වුහාන් නගරයේ සංචාරයක නිරත වීමට නියමිතව තිබෙන බව විදෙස් වාර්තා සදහන් කරනවා. එමෙන්ම ෂි ජින් පින්ග් වුහාන් හි කොරෝනා වෛරස ආසාදිතයින් රැඳී සිටින රෝහල් වෙත යාමට නියමිත බවත් වාර්තා වන අතර ක්‍රමයෙන් චීනයේ වුහාන් නගරයේ වෛරසය ව්‍යප්ත මට්ටම අඩු වී ඇති බව […]


Mar
10

ඉතාලියේ සහ දකුණු කොරියාවේ සිට පැමිණි 181 නිරෝධායන මධ්‍යස්ථාන වෙත

Generic placeholder image

දකුණු කොරියාවේ සහ ඉතාලියේ සිට අද අලුයම ගුවන් මගින් දිවයිනට පැමිණි 181 ක් දෙනෙක් මඩකලපුවේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කරන බව වාර්තා වෙනවා. එමෙන්ම මේ අතර විදෙස් රටවල් තුනක සිට ගුවන් මගින් පැමිණෙන පුද්ගලයින් නිරෝධායනය කිරීමේ කටයුතු අද සිට ආරම්භ කෙරෙනවා. ඒ අනුව ඉරානය, ඉතාලිය සහ දකුණු කොරියාවේ සිට පැමිණෙන මගීන් මෙලෙස නිරෝධායන කටයුතු […]


News Articles
Latest Videos
Most Popular Post