මැලේසියාවේ රැකියා සදහා ගොස් ආගමන විගමන නීති උල්ලංඝනය කරමින් එරට රැදී සිටින ශ්‍රමිකයන්ට දඩුවමකින් තොරව යළි සිය රටට පැමිණීම සදහා පොදු සමා කාලයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. මැලේසියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය මේ බව දැනුම් දුන් බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළා. එය ලබන දෙසැම්බර් 31 දක්වා ක්‍රියාත්මක වන අතර මැලේසියාවේ […]
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි සැකකරුවන් 13 දෙනෙකු කල්මුණේ මහේස්ත්‍රාත් අයි.එම්.රිස්වාන්ගේ නියෝගයකට අනුව ලබන 30 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. කල්මුණේ, සයින්දමරුදු, කාත්තන්කුඩි හා සමන්තුරේ යන ප්‍රදේශවලදී පසුගිය දිනවල මොවුන් අත්අඩංගුවට ගැනුණා.
ලොව විශාලතම දෙවන භාන්ඩ ප්‍රවාහන ගුවන්යානයක් වන ඇන්ටනොවූ 124 ගුවන් යානය දහවන වරටත් මත්තල ගුවන් තොටුපොළේ අද ගොඩ බස්වා තිබෙනවා. මෙය ටර්ක්මෙනිස්ථානයේ සිට අද(16) උදෑසන 10.07ට පමණ මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ගොඩ බස්ව ඇති බව වාර්තා වනවා. මෙම ගුවන්යානයේ 19 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩල විවේකය සදහාත් තෙල් ලබා ගැනීම සඳහාත් මෙසේ ගොඩ බස්වා ඇති බව සදහන්. […]
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව ඉහළ මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළා. මධ්‍යම, සබරගමුව, දකුණ, ඌව සහ නැගෙනහිර පළාත්වලට මිලිමීටර් 100ක පමණ තද වර්ෂාපතනයක් ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා. වැසි සමග පැයට කිලෝමීටර් 70 – 80 ක පමණ කෙටිකාලීන තද සුළං ඇතිවිය හැකි බවද […]
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ ශ්‍රී රංගා, වවුනියාව හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා, ඇතුළු 06 දෙනෙකු වහාම අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිවරයාට නියෝග කර තිබෙනවා. 2011 වසරේ මාර්තු මස 30 වැනිදා හිටපු මන්ත්‍රීවරයා, පැදවූ ලියාපදිංචි නොකළ මෝටර් රථයක් සෙට්ටිකුලම රෝහල අසලදී සිදුවූ අනතුරෙන් එහි ගමන්ගත් පොලිස් සැරයන්වරයෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධියට අදාළව මෙම නියෝගය […]
ශ්රී ලංකාවෙන් බිහිවූ සුපිරි කි‍්‍රකට් කී‍්‍රඩකයෙකු වන මුත්තයියා මුරලිදරන් යළි කි‍්‍රකට් පිටියට පිවිසීමට සූදානම් වනවා. ඒ, ඉන්දියාවේ පැවැත්වෙන පන්දුවාර 20 යි 20 කි‍්‍රකට් තරගාවලියකින්. මෙම තරගාවලිය සඳහා හිටපු සුපිරි කි‍්‍රකට් කී‍්‍රඩකයින් වන සචින් තෙන්ඩුල්කාර්, ජැක් කලිස්, බ්‍රෙට් ලී, බ‍්‍රයන් ලාරා සහ විරේන්ද්‍ර ෂෙවාග් ද සහභාගී වන බව සදහන්. ලබන වසරේ පෙබරවාරි 02 වැනිදා සහ 16 […]
අද(16) පෙරවරුවේ මැතිවරණ කොමිශන් සභාව විසින් කැඳවා තිබූ මාධ්‍ය හමුවට එක්වෙමින් මැතිවරණ කොමිශන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසුවේ ඉදිරි ජනාධිපතිවරණයේ ඡන්ද ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය සියයට 80ක් ඉක්මවනු ඇති බවයි. පසුගියදා පැවති ඇල්පිටිය ප්‍රාදේශිය සභා ඡන්ද විමසීම සැලකිල්ලට ගැනීමේදී මෙම තත්ත්වය අපේක්ෂා කළ හැකි බව මැතිවරණ කොමිශන් සභාවේ සභාපති මෙහිදී වැඩිදුරටත් පවසා සිටියා.
ඊයේ (15) සවස යාපනය පන්නෙයි ප්‍රදේශයට ටොර්නේඩෝ තත්ත්වයක් හටගෙන ඇති බව වාර්තා වෙනවා. වර්ෂාව හට ගැනීමට සුදානම් වු අවස්ථාවේ අදාළ ටොර්නේඩෝ තත්ත්වය හටගෙන ඇත. ටොර්නේඩෝ තත්ත්වයෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති අතර විනාඩි පහකට ආසනන් කාලයක් අදාළ තත්ත්වය පැවති බවද සඳහන් වේ. වර්ෂාව හෝ වර්ෂාව හට ගැනීමට පෙර ඇති වන පීඩන තත්ත්වය මත ටොර්නේඩෝ තත්ත්වයන් හට […]
මෙවර දීපවාලි උත්සවය වෙනුවෙන් වතු කම්කරුවෙකුට රු. පහලොස්දහසක අත්තිකාරම් මුදලක් ලබා දිමට රජය කටයුතු කර ඇත. නව ගම්මාන යටිතල පහසුකම් සහ ප්‍රජා සංවර්ධන අමාත්‍යය පලනි දිගම්බරම් මහතා මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ වතු සමාගම් විසින් වතු කම්කරුවෙකුට රු දසදහසක්ද රජය මගින් රු පන්දහසක මුදලක්ද ලබා දිමට කටයුතු කරන බවයි. ශ්‍රි ලංකා තේ මණ්ඩලය සතු […]
හිටපු ඇමති බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් හතරදෙනකුට එරෙහිව රජයේ අරමුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් ගොනුකළ නඩුවේ විභාගය නොවැම්බර් මස 07 වනදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය නියම කර ඇත. ඉකුත් ජනාධිපතිවරණය සමයේ දිවිනැගුම අරමුදලට අයත් රුපියල් මිලියන 2991 ක මුදලක් දිවිනැගුම ආධාර ලාභීන්ට නිවාස ආධාර වශයෙන් ලබා දීම මගින් […]
ඊයේ(15) පස්වරුවේ විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේ පැවැති සාකච්ඡාවකින් අනතුරුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ලබන 25 වනදා එළිදැක්වීමට තීරණය කළ බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිළ මහතා පවසයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ඒකබද්ධ විපක්ෂයට ගොනු වී සිටින පක්ෂ සියල්ල එක්ව බිහිකරන නව […]
රටේ ඒකීයභාවය සෑම ජනකොටසක්ම හදවතින්ම පිළිගන්නා තැනට පත්කළ යුතු බව ජනාධිපති ධූර අපේක්ෂක අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා පවසනවා. ඔහු පෙන්වාදෙන්නේ සම්බුද්ධ ශාසනයට ප‍්‍රමුඛතාවය ලබාදීම ප‍්‍රායෝගිකව කි‍්‍රයාත්මක කිරීම අත්‍යවශ්‍ය බවයි. කිසිඳු ජනකොටසකට අසාධාරණයක් සිදුවීමට ඉඩනොතබන බවයි ජනාධිපති ධූර අපේක්ෂක අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා වැඩිදුරටත් පැවසුවේ නිට්ටඹුවේ ඊයේ (15) පස්වරුවේ පැවැති ජනරැළියකට එක්වෙමින්.