News Line| Off Air
Generic placeholder image

Oct
15

සජිත්ට තවත් සහයක්

Generic placeholder image

ඉදිරි ජනපතිවරණය සදහා එක්සත් ජාතික පෙරමුණ ප්‍රධාන සන්ධානයේ අපේක්ෂක ආමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසකගේ සහය හිමිවන බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා. ඒ පිළිබඳව විශේෂ මාධ්‍ය හමුවක් අද පස්වරුවේ පැවැත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.


Oct
15

ක්‍රිකට් සුපිරි පන්දු වාරය තවත් සුපිරි වෙයි

Generic placeholder image

අන්තර් ජාතික කි‍්‍රකට් කවුන්සිලය ඊයේ ඩුබායිහි පැවැති කවුන්සිලයේ රැස්වීමේදී එක්දින ක්‍රිකට් තරගාවලියේ අන්තර්ගත සුපිරි පන්දුවාරයේ නීති සංශෝධනය කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව කණ්ඩායම් අතර සුපිරි පන්දුවාරයේ ලකුණු සම වුවහොත් එක කණ්ඩායමක් ජයග්‍රහණය කරන තුරු නැවතත් සුපිරි පන්දුවාර ක්‍රියාත්මක කල යුතු බවටයි එහිදී තීරණය වී තිබෙන්නේ. මීට පෙර එම සුපිරි පන්දු වාරයේ ලකුණු සම සිදු […]


Oct
15

ශ‍්‍රී ලංකා ලෙබනන් පාපන්දු ගැටුම අද

Generic placeholder image

ශ‍්‍රී ලංකාව 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලැබීමේ ආසියානු කලාප දෙවන වටයේ තවත් තරගයක් අද කොළඹදී පැවැත්වෙනවා. ඒ ලෙබනන් කණ්ඩායමට එරෙහිවයි. තරගය රාත‍්‍රී 07 30 ට කොළඹ තුරග තරග පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව සංචාරක ලෙබනන් කණ්ඩායම 94 වන ස්ථානයේ රැඳී සිටින අතර ශ‍්‍රී ලංකාවට හිමිව ඇත්තේ දෙසිය දෙවන ස්ථානයයි. […]


Oct
15

හගිබිස් ජපානය කළඹයි

Generic placeholder image

ජපානයට බලපෑ හගිබිස් සුළි කුණාටුව හේතුවෙන් මියගිය පුද්ගයින් ගණන 58 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා. තවත් පුද්ගලයින් 15 දෙනෙකු අතුරුදහන් වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ආපදා හේතුවෙන් පුද්ගලයින් 100 දෙනෙකු තුවාල ලබා රෝහල් වලට ඇතුලත් කර තිබෙනවා. තවත් 30 000 ක පිරිසක් ආරක්ෂිත මධ්‍යස්ථාන වල රදවා ඇති බවයි ජපාන ආපදා බලධාරීන් සදහන් කලේ. […]


Oct
15

බේකරි නිෂ්පාදනවල මිල ඉහළ යන ලකුණු?

Generic placeholder image

බේකරි නිශ්පාදන වල මිල ඉදිරියේදී ඉහළ යා හැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා. බිත්තර මිල ඉහළ යාම ඊට හේතුව බවයි එම සංගමයේ සභාපති එන් කේ ජයවර්ධන මහතා සඳහන් කළේ. මේ දින වල බිත්තරයක් අලෙවි වන්නේ රුපියල් 20 ත් 21 ත් අතර මිලකටයි. උත්සව සමයේදී බිත්තර මිල තවදුරටත් ඉහළයා හැකි බවයි බේකරි හිමියන්ගේ සංගමයේ […]


Oct
15

ගෝඨාභය අද ත‍්‍රිපුද්ගල මහාධිකරණයට

Generic placeholder image

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන්ට එරෙහි නඩුව අද සිට දිනපතා විභාගයට ගැනීමට නියමිතයි. නඩුව සම්පත් අබේකෝන්, සම්පත් විජයරත්න සහ චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීන්ගේන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ පසුගියදා කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කර තිබුණා. සාක්ෂි දීම සඳහා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස සාක්ෂිකරුවන් හතර දෙනෙකුට සිතාසි ද නිකුත් කලා. […]


Oct
15

ජනපතිවරණයට විදෙස් නිරීක්ෂණ කණ්ඩායම් 05 ක්

Generic placeholder image

ජනාධිපතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා විදේශීය නිරීක්ෂණ කණ්ඩායම් 5ක් පමණ දිවයිනට පැමිණීමට නියමිත බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. යුරෝපා සංගමයේ සහ පොදු රාජ්‍ය මණ්ඩලීය නිරීක්ෂණ කණ්ඩායම් / ෆෙම්බෝසා නිරීක්ෂණ කණ්ඩායම මෙන්ම දකුණු කොරියාවේ වෙබ් නිරීක්ෂණ කණ්ඩායමට මැතිවරණ කොමිසමෙන් ආරධනා කර ඇති බවයි එහි ජේ්‍යෂ්ඨ ප‍්‍රකාශකයෙකු සඳහන් කළේ. ෆෙම්බෝසා මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම යනුවෙන් හදුන්වන්නේ දකුණු ආසියාවේ මැතිවරණ […]


Oct
15

දිවයිනට තද වැසි

Generic placeholder image

දිවයිනේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, දකුණු හා ඌව පළාත්වලත් උතුරු ප්‍රදේශයේත් බොහෝ විට තද වැසි ඇති විය කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිකුත් කල නිවේදනයේ සදහන්. විශේෂයෙන්ම එම ප්‍රදේශ වලට මිලිමීටර 100 ක් පමණ තද වැසි බලාපොරොත්තු විය හැකි බවත් තද වැසි ඇතිවන විට තද සුළං සහ අකුණු අනතුරු ඇති වීමට ඉඩ ඇති බැවින් ඒ සදහා අවශ්‍ය […]


Oct
14

පානදුර මෙට්ට කර්මාන්තශාලාවක ගින්නක්

Generic placeholder image

පානදුර – නල්ලූරුව ප්‍රදේශයේ මෙට්ට කර්මාන්තශාලාවක අද පස්වරුවේ ගින්නක් හටගෙන තිබෙනවා. ගින්නෙන් එම කර්මාන්තශාලාවට දැඩි අලාභ හානි සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළා. ගින්න පාලනය කිරීම සඳහා මොරටුව සහ කළුතර ගිනි නිවීමේ ඒකකයේ නිලධාරීන් යෙදවීමට පියවර ගෙන ඇති බව සදහන්.


Oct
14

ගෝඨාභය රාජපක්ෂ රට සුරක්ෂිත කරන බවට සහතික වෙයි

Generic placeholder image

වත්මන් ආණ්ඩුවේ ඇති දුර්වලතාව හේතුවෙන් රටේ පැවති ආරක්ෂිත සැලැස්ම විනාශ වූ බවත්, තම රජයක් යටතේ නැවතත් රට සුරක්ෂිත කිරීමට සහතික වන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. අද (14) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ යාපහුව ආසන රැස්වීම අමතමින් ඔහු මේ බව කියා සිටියා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ යාපහුව ආසන රැස්වීම […]


Oct
14

රාජ්‍ය දේපළ විනාශ කළ කිසිවෙකුට තනතුරු ලබානොදෙන බව සජිත් කියයි

Generic placeholder image

රාජ්‍ය දේපළ විනාශ කළ කිසිවෙකුට තම පාලන තන්ත්‍රය තුළ තනතුරු ලබා නොදෙන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක – අමාත්‍ය සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළා. දියතලාව – ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණයේ ඊයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.


Oct
14

ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ පැමිණිලි 513 ක්

Generic placeholder image

ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ පැමිණිලි 513ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. පසුගිය 08 වනදා සිට ඊයේ දිනය දක්වා අදාළ පැමිණිලි ලැබී ඇති අතර මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි 485ක්, ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් පැමිණිලි 12ක් හා වෙනත් පැමිණිලි 16ක් ඊට ඇතුළත් බව සදහන්. ඊයේ පස්වරු 04.30න් අවසන් වු පැය 24 කාලය තුළ මැතිවරණ පැමිණිලි […]


News Articles
Latest Videos
Most Popular Post