News Line| Off Air
Generic placeholder image

Oct
15

18 වනදා තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත් කරයි

Generic placeholder image

2019 ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද නිකුත් කිරීම, සලකුණු කිරීම හා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම සම්බන්ධව අදාළ කටයුතු මේ වන විට සංවිධානය කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. තැපැල් ඡන්ද නාමලේඛන සහතික කිරිම අද (15) දින සිදු කරන අතර, තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත් කිරීම හා තැපෑලට බාර දීම 2019.10.18 වන දින සිදු කරනු ලබනවා. […]


Oct
15

තිලංග සුමතිපාල ක්‍රිකට් පරිපාලනයට සම්බන්ධ වීම සම්පූර්ණයෙන්ම තහනම් කරයි

Generic placeholder image

හිටපු ක්‍රිකට් සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල ක්‍රිකට් පරිපාලනයට සම්බන්ධ වීම සම්පූර්ණයෙන්ම තහනම් කරමින් ක්‍රීඩා අමාත්‍යවරයා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත විශේෂ නියෝගයක් නිකුත් කර තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටු සාමාජිකයෙකු ලෙස කටයුතු කරන හිටපු ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාලට එහි පරිපාලන කටයුතුවලට සහභාගිවීමට නොහැකිවන ලෙස ක්‍රීඩා පනතින් ලැබී ඇති බලතලවලට අනුව තාවකාලික තහනමක් […]


Oct
15

චෙන්නායී නුවර සිට යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපලට විශේෂ ගුවන් යානයක්

Generic placeholder image

ඉන්දීය ගුවන් සේවයේ විශේෂඥයින් කීප දෙනෙකු රැගත් විශේෂ ගුවන් යානයක් අද (15) දහවල් ඉන්දියාවේ චෙන්නායී නුවර සිට යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙත පැමිණ තිබෙනවා. පර්යේෂණ ගුවන් ගමනක් වශයෙන් මෙම ගුවන් යානය පැමිණි අතර එම යානයෙන් යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපලට පැමිණි විශේෂඥයින් විසින් ගුවන් තොටුපලේ ධාවන පථය ඇතුළු සෙසු අංග පිළිබදව පරීක්ෂා කිරීමක්ද මේ සංචාරයේදී සිදුවුණා. […]


Oct
15

මුහුදේ පාවෙමින් තිබූ කේරළ ගංජා තොගයක් නාවික හමුදාව සොයාගනී

Generic placeholder image

මන්නාරමට ඔබ්බෙන් වූ මුහුදේ පාවෙමින් තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 87 කට ආසන්න ප්‍රමාණයක් නාවික හමුදාව විසින් සොයා ගෙන ඇති අතර මුර සංචාරයක් අතරතුර මුහුදේ පාවෙමින් තිබූ සැක කටයුතු පාර්සල් දෙකක් පරීක්ෂා කිරීමේදීයි මෙම කේරළ ගංජා තොගය සොයා ගෙන ඇත්තේ. ඉදිරි විමර්ශන සඳහා ඒවා තලෙයිමන්නාරම පොලීසියට භාර දුන් බව නාවික හමුදාව සදහන් කළා.


Oct
15

සේරුවිල තඹ නිධියෙහි රත්රන් තිබෙන බව තහවුරු වෙයි

Generic placeholder image

සේරුවිල යකඩ – තඹ නිධියෙහි රත්රන් තිබෙන බව තහවුරු වී ඇති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පවසනවා එහි ජේ්‍යෂ්ඨ ප‍්‍රකාශකයෙකු සඳහන් කළේ සේරුවිලට ආසන්නයේ අරිප්පු, කොල්ලකුලම් – සී ප‍්‍රදේශ ආවරණය කරමින් වර්ග කිලෝමීටර 05 ක පමණ භූමියක උප පෘෂ්ඨයෙහි මෙම නිධිය පිහිටා තිබෙන බවයි. පෘථිවි පෘෂ්ඨයෙහි සාමාන්‍ය වශයෙන් රත්රන් පවතිනුයේ මුළු කොටස් බිලියනයකට […]


Oct
15

ආබාධිත රණවිරුවන්ගෙන් පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්

Generic placeholder image

පසුගිය දිනවලදී කොටුව දුම්රියපොළ ඉදිරිපිට පැවති ආබාධිත රණවිරුවන්ගේ සත්‍යග්‍රහයට එක්ව සිටි රණවිරුවෙකුට කිසියම් පිරිසක් විසින් පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් දිවි පිදූ හා ආබාධිත රණවිරු සංවිධානය අද පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. එම පහරදීමේ සිද්ධිය පිළිබඳව ජනාධිපති ලේකම් කාර්යාලය සහ මැතිවරණ කොමිසමද දැනුවත් කිරීමට බලාපොරොත්තු වන බව එහි කැඳවුම්කරු නිශාන්ත මහිරාජ් කියා සිටියා. පසුගිය 07 වනදා […]


Oct
15

පොලීනිත් වලින් තොර ජනාධිපතිවරණයක් පැවැත්වීමට ජනතා පෙත්සමක්

Generic placeholder image

ඉදිරියේදී පැවැත්විමට නියමිත ජනාධිපති මැතිවරණයේ ප්‍රචාරක කටයුතු සඳහා පොලීතින් භාවිතා කරමින් පරිසරය විනාශ නොකිරිමට හා ප්‍රචණ්ඩත්වයෙන් තොරව එම මැතිවරණය පැවැත්විම සදහා අද (15) දින මාතලේ ඔරලොසු කණුව ඉදිරිපිටදී ජනතා පෙත්සමක් අත්සන් කිරිම සිදු කෙරුණා. මාතලේ මාධ්‍යවේදීන්ගේ සංගමය මගින් මෙහෙයවනු ලැබු එම වැඩසටහන සඳහා ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා නියෝජනය කරමින් කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ […]


Oct
15

iPhone 11 Pro ජංගම දුරකතනයට පැමිණිලි

Generic placeholder image

ඇපල් සමාගම අලුතෙන් වෙළෙඳපොළට නිකුත් කළ iPhone 11 Pro ජංගම දුරකතනයේ පිටුපස සවි කර ඇති කැමරා තුන නිසා පැමිණිලි ලැබිලා තියෙනවා කියලා තමයි කියන්නේ. ඉතින් සියත අපි ඒ ගැන සොයා බැලුවා. .


Oct
15

ආසියාවේ ප්‍රමුඛතම ගුවන් සේවය බවට ශ්‍රී ලන්කන් සම්මාන දිනා ගනී

Generic placeholder image

වියට්නාමයේ දී පසුගියදා පැවති ලෝක සංචාරක සම්මාන උළෙලේ දී 3 වන වරටත් සම්මාන දිනා ගැනීමට ශ්‍රී ලන්කන් ගුවන් සේවය සමත් වුණා. ඒ ඉන්දීය සාගර කළාපය වෙත මෙහෙයුම් සිදු කරන ආසියාවේ ප්‍රමුඛතම ගුවන් සේවය ලෙසයි. මේ සදහා ආසියාවේ ප්‍රමුඛ ගුවන් සේවා බොහොමයක් ඉදිරිපත්ව තිබු අතර සිංගප්පූරු ,බැංකොක් , සිල්ක් එයා , කැතේ ෆැසිපික් , චයිනා ඊස්ටන් […]


Oct
15

මාධ්‍යට ඝෘජුව ප්‍රශ්න අහන්න අවස්ථාවක්

Generic placeholder image

ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සහ විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු පිරිසක් සහභාගිවන විශේෂ මාධ්‍ය හමුවක් මේ වන විට කොළඹ ෂැන්ගි‍්‍රලා හෝටල් පරිශ්‍රයේදි පැවැත්වෙනවා. මෙහිදී මාධ්‍යට ඝෘජුව ප්‍රශ්න ඇසීමට අවස්ථාව ලබා දී තිබෙනවා.


Oct
15

ක්‍රිකට් සභාපතිගේ ප්‍රකාශයට පකිස්ථානය ප්‍රතිචාර දක්වයි

Generic placeholder image

නිමාවට පත් වුනු පකිස්තානු තරග සංචාරය පිලිබදව මෙරටට පැමිනි පසු ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා සිදු කලැයි කියන අන්දොලාත්මක ප්‍රකාශය පිලිබද පකිස්ථානය ප්‍රතිචාර දක්වා තිබෙනවා. එනම් පකිස්තානු තරග සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට ආරක්ෂාවක් ලබා දීමට පකිස්ථානය කටයුතු කල අතර එය ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ නිදහසට බාධා පැමිණෙනු බවට සභාපතිවරයා ප්‍රකාශ කර තිබුණා. විශේෂයෙන්ම […]


Oct
15

අපේ රජයක් තුළ ප‍්‍රමුඛත්වය දෙන්නේ ආරක්ෂාවට – ගෝඨාභය කියයි

Generic placeholder image

ඉදිරි ජනපතිවරණය සදහා පොදු ජන පෙරමුණෙන් තරග වදින ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ ගල්ගමුව ප්‍රදේශයේ ජන රැළියක් අමතමින් සදහන් කලේ සිය රජයක් තුල රටේ ආරක්ෂාවට මුල් තැන දෙන බවයි. සුරක්ෂිත ආරක්ෂිත රටක් බිහි කිරීමට නම් විජාතික බලවේගවලට හෝ අදහස්වලට නැවෙන්නේ නැති නායකත්වයක් අවශ්‍ය බවත් රටක ආරක්ෂාවක් නැත්නම් ස්ථාවරත්වයක් නැත්නම් රටේ ආර්ථිකය ගොඩගන්න හැකියාවක් නොමැති […]


News Articles
Latest Videos
Most Popular Post