ගෝල්ඩන් ගේට් පාලම (Golden Gate Bridge) පිහිටා තිබෙන්නේ ඇමරිකාවේ සැන් ෆ්‍රැන්සිස්කෝ නුවරයි. ‘ගෝල්ඩන් ගේට්’ පාලම විවෘත කෙරුණේ 1937 මැයි මාසයේ දී. එදා මෙදා තුර එම පාලමෙන් පැන දිවි නසා ගත් පිරිස 1700 කට අධික බව සංඛ්‍යා ලේඛනවල දැක්වෙනවා. ලොව වැඩිම වතාවක් ඡායාරූපගත කර ඇති ඉදි කිරීම ලෙසත්, වැඩිම පිරිසක් නරඹා ඇති පාලම ලෙසත් ප්‍රසිද්ධියට පත්ව […]
මෙවර ජනපතිවරණයේ සමස්ත ප්‍රතිඵලය නොවැම්බර් 18 දා දහවල් 12ට පෙර ලබාදීමට බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කළා. අද (16) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියා. මෙවර ඡන්ද පත්‍රිකාව දීර්ඝ වීම ප්‍රතිඵල ප්‍රමාද වීමට හේතුවක් විය හැකි බව ඔහු මීට පෙර සඳහන් කළ අතර මෙවර ඡන්දය ප්‍රකාශ කිරීමේදී […]
මැලේසියාවේ රැකියා සදහා ගොස් ආගමන විගමන නීති උල්ලංඝනය කරමින් එරට රැදී සිටින ශ්‍රමිකයන්ට දඩුවමකින් තොරව යළි සිය රටට පැමිණීම සදහා පොදු සමා කාලයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. මැලේසියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය මේ බව දැනුම් දුන් බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළා. එය ලබන දෙසැම්බර් 31 දක්වා ක්‍රියාත්මක වන අතර මැලේසියාවේ […]
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි සැකකරුවන් 13 දෙනෙකු කල්මුණේ මහේස්ත්‍රාත් අයි.එම්.රිස්වාන්ගේ නියෝගයකට අනුව ලබන 30 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. කල්මුණේ, සයින්දමරුදු, කාත්තන්කුඩි හා සමන්තුරේ යන ප්‍රදේශවලදී පසුගිය දිනවල මොවුන් අත්අඩංගුවට ගැනුණා.
ලොව විශාලතම දෙවන භාන්ඩ ප්‍රවාහන ගුවන්යානයක් වන ඇන්ටනොවූ 124 ගුවන් යානය දහවන වරටත් මත්තල ගුවන් තොටුපොළේ අද ගොඩ බස්වා තිබෙනවා. මෙය ටර්ක්මෙනිස්ථානයේ සිට අද(16) උදෑසන 10.07ට පමණ මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ගොඩ බස්ව ඇති බව වාර්තා වනවා. මෙම ගුවන්යානයේ 19 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩල විවේකය සදහාත් තෙල් ලබා ගැනීම සඳහාත් මෙසේ ගොඩ බස්වා ඇති බව සදහන්. […]
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව ඉහළ මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළා. මධ්‍යම, සබරගමුව, දකුණ, ඌව සහ නැගෙනහිර පළාත්වලට මිලිමීටර් 100ක පමණ තද වර්ෂාපතනයක් ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා. වැසි සමග පැයට කිලෝමීටර් 70 – 80 ක පමණ කෙටිකාලීන තද සුළං ඇතිවිය හැකි බවද […]
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ ශ්‍රී රංගා, වවුනියාව හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා, ඇතුළු 06 දෙනෙකු වහාම අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිවරයාට නියෝග කර තිබෙනවා. 2011 වසරේ මාර්තු මස 30 වැනිදා හිටපු මන්ත්‍රීවරයා, පැදවූ ලියාපදිංචි නොකළ මෝටර් රථයක් සෙට්ටිකුලම රෝහල අසලදී සිදුවූ අනතුරෙන් එහි ගමන්ගත් පොලිස් සැරයන්වරයෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධියට අදාළව මෙම නියෝගය […]
ශ්රී ලංකාවෙන් බිහිවූ සුපිරි කි‍්‍රකට් කී‍්‍රඩකයෙකු වන මුත්තයියා මුරලිදරන් යළි කි‍්‍රකට් පිටියට පිවිසීමට සූදානම් වනවා. ඒ, ඉන්දියාවේ පැවැත්වෙන පන්දුවාර 20 යි 20 කි‍්‍රකට් තරගාවලියකින්. මෙම තරගාවලිය සඳහා හිටපු සුපිරි කි‍්‍රකට් කී‍්‍රඩකයින් වන සචින් තෙන්ඩුල්කාර්, ජැක් කලිස්, බ්‍රෙට් ලී, බ‍්‍රයන් ලාරා සහ විරේන්ද්‍ර ෂෙවාග් ද සහභාගී වන බව සදහන්. ලබන වසරේ පෙබරවාරි 02 වැනිදා සහ 16 […]
ශ්රී ලංකාවේ ජනප්‍රියම ගුවන් විදුලි නිවේදකයා වන අරවින්ද ලොකුගේ දැන් ඔබ හමුවන්නේ සියත FM ඔස්සේයි. ඔබටත් සතියේ දිනවල උදෑසන 7 සිට 98.2 / 98.4 FM ඔස්සේ අරවින්ද සහ අයිශ්වර්යා මුණසිංහ ගෙන එන ලංකාවේ ජනප්‍රියම රේඩියෝ වැඩසටහනට සවන්දෙන්න පුළුවන්. පසුගිය වැඩසටහන් සියල්ල අහන්න – Click Here
අද(16) පෙරවරුවේ මැතිවරණ කොමිශන් සභාව විසින් කැඳවා තිබූ මාධ්‍ය හමුවට එක්වෙමින් මැතිවරණ කොමිශන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසුවේ ඉදිරි ජනාධිපතිවරණයේ ඡන්ද ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය සියයට 80ක් ඉක්මවනු ඇති බවයි. පසුගියදා පැවති ඇල්පිටිය ප්‍රාදේශිය සභා ඡන්ද විමසීම සැලකිල්ලට ගැනීමේදී මෙම තත්ත්වය අපේක්ෂා කළ හැකි බව මැතිවරණ කොමිශන් සභාවේ සභාපති මෙහිදී වැඩිදුරටත් පවසා සිටියා.
ඊයේ (15) සවස යාපනය පන්නෙයි ප්‍රදේශයට ටොර්නේඩෝ තත්ත්වයක් හටගෙන ඇති බව වාර්තා වෙනවා. වර්ෂාව හට ගැනීමට සුදානම් වු අවස්ථාවේ අදාළ ටොර්නේඩෝ තත්ත්වය හටගෙන ඇත. ටොර්නේඩෝ තත්ත්වයෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති අතර විනාඩි පහකට ආසනන් කාලයක් අදාළ තත්ත්වය පැවති බවද සඳහන් වේ. වර්ෂාව හෝ වර්ෂාව හට ගැනීමට පෙර ඇති වන පීඩන තත්ත්වය මත ටොර්නේඩෝ තත්ත්වයන් හට […]
මෙවර දීපවාලි උත්සවය වෙනුවෙන් වතු කම්කරුවෙකුට රු. පහලොස්දහසක අත්තිකාරම් මුදලක් ලබා දිමට රජය කටයුතු කර ඇත. නව ගම්මාන යටිතල පහසුකම් සහ ප්‍රජා සංවර්ධන අමාත්‍යය පලනි දිගම්බරම් මහතා මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ වතු සමාගම් විසින් වතු කම්කරුවෙකුට රු දසදහසක්ද රජය මගින් රු පන්දහසක මුදලක්ද ලබා දිමට කටයුතු කරන බවයි. ශ්‍රි ලංකා තේ මණ්ඩලය සතු […]