ආනයනික ලොකු ලූනු කිලෝවක තොග මිල අද සිට රුපියල් 220 ක් පමණ දක්වා අඩු වනු ඇති බව අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසනවා. එහි මාධ්‍ය ප‍්‍රකාශක හේමක ප‍්‍රනාන්දු මහතා සදහන් කලේ ලොකු ලූනු කිලෝවක බද්ද අඩු කිරීම හේතුවෙන් මෙලෙස මිල අඩු වනු ඇති බවයි. ආනයනික ලොකු ලූනු කිලෝවක් සදහා වන බද්ද රුපියල් 39 කින් පහළ […]
දුම්රිය අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කිරීමේ අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා. ගැසට් නිවේදනයට ඊයේ පස්වරුවේ අත්සන් තැබුවේ ජනාධිපති මෛත්රීපාල සිරිසේන මැතිතුමා විසින්. කෙසේ වෙතත් දුම්රිය වෘත්තීය සමිති ආරම්භ කළ වැඩ වර්ජනය තවදුරටත් ක‍්‍රියාත්මකයි. වැටුප් සහ ශ්‍රේණි විෂමතා මුල්කරගනිමින් දුම්රිය වෘත්තීය සමිති පසුගිය 25 වනදා මෙම වර්ජනය ආරම්භ කළා. ඔවුන් සදහන් කලේ සිය ශ්‍රේණි […]
දිවයිනේ පුරා බොහෝ පලාත්වල සවස් කාලයේ ගිඟුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කල නිවේදනයේ සදහන් වෙනවා. එමෙන්ම තද වැසි ඇති විට එම ප්‍රදේශයෙන් හි සිදුවන අකුණු අනතුරුවලින් ආරක්ෂා වීම සදහා අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තුමේන්තුව වැඩි දුරටත් සදහන් කරනවා.
මේ වසරේ පළමු මාස නවයක කාලය තුළදී ඩෙංගු රෝගීන් 50,607ක් වාර්තා වී ඇති අතර, එම ප්‍රමාණයෙන් රෝගීන් 10,625ක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කය තුළින් බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙන රෝගීන් 10,625න් රෝගීන් 1,924ක් වාර්තා වී තිබෙන්නේ කොළඹ මහ නගර සභා බලසීමා තුළින්.
ඉතිහාසයේ ප්‍රථම වරට ඉදිරි ජනාධිපතිවරණයේදී ඡන්ද ගණන් කරන මධ්‍යස්ථානවල ආරක්ෂිත කැමරා පද්ධතියක් ස්ථාපිත කිරීමට කටයුතු කරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශපි‍්‍රය මාධ්‍යයට අදහස් දක්වමින් කියා සිටියා. ගණන් කරන මධ්‍යස්ථානවල සිදුවෙතැයි කියන වංචාවන් වැළැක්වීමටත් මැතිවරණ ප‍්‍රතිඵලවල විශ්වාසනීයත්වය තහවුරු කිරීමටත් මෙම පියවර ගත් බව ඒ මහතා පැවසුවා. ජනාධිපතිවරණයේදී හොර ඡන්ද දමාගෙන ඡන්ද සංඛ්‍යාව වැඩි කර පෙන්වාදීම […]
දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවයක් බවට පත්කෙරෙන අති විශේෂ ගැසට් නිවේදනයට ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා විසින් අත්සන් තබා ඇති අතර එය මුද්‍රණය කිරීම සඳහා රජයේ මුද්‍රණාලයට යවා ඇති බව සදහන්.
ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ගුවන් විදුලි නිවේදකයා වන අරවින්ද ලොකුගේ දැන් ඔබ හමුවන්නේ සියත FM ඔස්සේයි. ඔබටත් සතියේ දිනවල උදෑසන 7 සිට 98.2 / 98.4 FM ඔස්සේ අරවින්ද සහ අයිශ්වර්යා මුණසිංහ ගෙන එන ලංකාවේ ජනප්‍රියම රේඩියෝ වැඩසටහනට සවන්දෙන්න පුළුවන්. පසුගිය වැඩසටහන් සියල්ල අහන්න – Click Here
දැනට පවතින දුම්රිය වර්ජනය හේතුවෙන් මගීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කොළඹ කොටුව දුම්රිය ස්ථානයට පොලිස් ආරක්ෂාව යෙදවීමට පියවර ගෙන ඇති බව පොලිස් මුලස්ථානය නිවේදනය කළා. එමෙන්ම කොළඹ කොටුවෙන් ආරම්භ වන සියලුම දුම්රියන් වල ආරක්ෂාව වෙනුවෙන් පොලිස් නිලධාරීන් යෙදවීමට පියවර ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටියා.
ජනාධිපතිවරණයක් පැවැත්වීම සඳහා මැතිවරණ කොමිසම විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය බලරහිත කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. ගාල්ල හිටපු නගරාධිපති මෙත්සිරි ද සිල්වා මහතා විසින් පෙත්සම ඉදිරිපත් කර ඇති අතර එහි වගඋත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා එම කොමිසමේ සාමාජිකයන් සහ නීතිපතිවරයා නම් කර තිබෙනවා. පෙත්සම්කරු කියාසිටින්නේ වත්මන් ජනාධිපති මෛත්‍රීපාල […]
බලය ලබාගත් විට එය අත් නොහරින ලෙසත් බලය තවත් ශක්තිමත් කරන ලෙසත් එක්සත් ජාතික පක්ෂ විශේෂ සම්මේලනය අමතමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවා. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා මෙලෙස සදහන් කළා. “පක්ෂය ආරක්ෂා කරගෙන ඉදිරියට ගියා. අලුත් තරුණ නායකයන් බිහි කළා. ඒක තමයි අපි කරපු ප්‍රධානම කරුණ. අපි 69 බෙදුනා 70 දී පරාජයට පත්වුණා.ආපහු බෙදෙන්න […]
ශ්‍රී ලංකාවට අලූතින් පත් කෙරුණු නව තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරුන් 14 දෙනෙකු අද ජනාධිපති මෛත්රීපාල සිරිසේන වෙත සිය අක්තපත්‍ර භාරදෙනු ලැබුවා. ජනාධිපති මන්දිරයේදී ඔවුන් අක්තපත්‍ර භාරදී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළා. බෙල්ජියම, පෘතුගාලය, බල්ගේරියාව, අයර්ලන්තය, වෙනිසියුලාව, ඉතියෝපියාව සහ චිලී ඇතුළු රටවල් කිහිපයක තානාපතිවරුන් මෙලෙස අක්තපත්‍ර භාරදී ඇති බව සදහන්.
ජනාධිපතිවරණයට අදාළව මාධ්‍ය කටයුතු විධිමත්ව සම්බන්ධීකරණය සඳහා රාජගිරිය මැතිවරණ කොමිෂන් සභා පරිශ්‍රය තුළ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් විශේෂ මාධ්‍ය මධ්‍යස්ථානයක් ස්ථාපිත කර තිබෙනවා. මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කරනු ලබන නිල නිවේදන, වීඩියෝ දර්ශන සහ හඩපට ජනමාධ්‍ය වෙත නිකුත් කිරීම මෙම මධ්‍යස්ථාන හරහා සිදුකරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළා.