අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවට කැඳවීමක් කර තිබෙනවා. ඒ පසුගිය සිව්වසර තුළ රාජ්‍ය ආයතනවල සිදුව ඇතැයි සැලකෙන වංචා දුෂණ පිළිබඳ සොයා බලන කොමිසම හමුවට පැමිණිය යුතු යැයි දන්වමින් අද සවස සිතාසි නිකුත් කෙරුණා. මේ අනුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ලබන 12 වැනි දා පෙරවරු 9.30 ට ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවට […]
විශ්වවිද්‍යාල අනධ්‍යයන ප්‍රජාවට ඇති වී තිබෙන වැටුප් ගැටලුව විසඳා ගැනීම සඳහා හෙට (10) සිට ආරම්භ වන අඛණ්ඩ වෘත්තිය ක්‍රියාමාර්ගය තුළින් විශ්වවිද්‍යාලවලට ඇති වන බලපෑමේ වගකීම ආණ්ඩුව භාර ගතයුතු බව විශ්වවිද්‍යාලීය වෘත්තිය සමිති ඒකාබද්ධ කමිටුව සඳහන් කරනවා. වත්මන් ආණ්ඩුව රාජ්‍ය සේවක වැටුප් ඉහළ දැමීමේදී විශ්වවිද්‍යාල ප්‍රජාවට අසාධාරණයක් සිදුකර තිබෙන බවත්, එම අසාධාරණය විසඳන බවට බලධාරීන් ලබා […]
සිසුවෙකුට නවක වදය ලබාදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රුහුණු විශ්වවිද්‍යාලයේ සිසුන් 19 දෙනා මාතර මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර හමුවට අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 23 වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. එම විශ්වවිද්‍යාලයේ පළමු වසරේ සිසුවෙකුට නවකවදය දුන් බවට චෝදනා එල්ල වූ මෙම සිසුන් 19 දෙනා පසුගියදා අත්අඩංගුවට ගනු ලැබුවා. නවකවදයට ලක්වූ බව […]
අදින් (09) ඩාවුඩි බෝරා ප්‍රජාවේ ගෝලීය ආගමික සමුළුව අවසන් වනවා. ඔවුන් පසුගිය දින වල පැවැත්වුණ සමුළුව අතරතුර කාලයේදී ඩාවුඩි බෝරා ප්‍රජාව බම්බලපිටිය දුම්රිය ස්ථානය අලංකාර කිරීම සඳහා මූලිකත්වය ගෙන කටයුතු කර තිබෙනවා. බුර්හානි සෙරෙන්ඩිබ් පාසලේ අන්තර් ක්‍රියාකාරී සමාජය සමඟ එක්ව මෙම කටයුත්ත ඔවුන් විසින් සිදු කර තිබෙනවා.
සෑම මැතිවරණයක් තුලදීම එක්සත් ජාතික පක්ෂය සිය ජනපති ධුර අපේක්ෂකයා නම් කර ඇත්තේ ජනපතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව බව ආමාත්‍ය දයා ගමගේ මහතා ප්‍රකාශ කරනවා. විශේෂයෙන්ම පක්ෂයේ සම්ප්රදාය සහ පක්ෂයේ ව්‍යවස්ථාට ගරු කරමින් සෑමදාම ක්‍රියා කරන බවයි ඒ මහතා ප්‍රකාශ කරන්නේ. එමෙන්ම ජනපති ධූර අපේක්ෂකයා සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ නියෝජ්‍ය […]
වත්තල ඇතුළු ප්‍රදේශ කිහිපයකට හෙට (10) පෙරවරු 09.00 සිට පැය 18 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය ප්‍රකාශ කළා. ඒ, කැළණි ගඟ දකුණ ඉවුර ව්‍යාපෘතියේ දෙවන අදියරය යටතේ සිදු කෙරෙන අලුත්වැඩියාවක් හේතුවෙන්. ඒ අනුව වත්තල – මාබෝල – ජාඇල සහ කටුනායක – සීදුව යන නගරසභා බල ප්‍රදේශවලට මෙන්ම වත්තල- […]
අරසපුරකුලමේ වැවේ දිය නෑමට ගිය අවස්ථාවේ රොන්මඩ සහිත දියවලක ගිලෙමින් සිටි එකම පවුලේ පිරිසක් තම දෙවෙනි කොට කිලිනොච්චි ආරක්ෂක සේනාවට අයත් 05 වන යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ හමුදා සෙබලුන් දෙදෙනෙක් වන ලාන්ස් කෝප්රල් ජී. එස්. අමරසිරි ද, ලාන්ස් කෝප්රල් ජේ. පී. ආරියරත්න යන රණවිරුවන් දෙදෙනා මෙම වීර ක්‍රියාව සිදු කර තිබෙන අතර දරුවන් දෙදෙනෙකු, බිරිඳ සහ […]
අළුබඳුන කි‍්‍රකට් ශූරතාවයට තවත් ලංවීමට ඕස්ට්‍රේලියා කණ්ඩායම සමත්වුණා. ඒ එංගලන්තය සමග පැවැති සිව්වන ටෙස්ට් තරගය ලකුණු 185 කින් ජය ගනිමින්. තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියාව කඩුළු 08 කට ලකුණු 497 ක් රැස් කරගෙන සිටි අතර එංගලන්තය පළමු ඉනිමට රැස් කලේ ලකුණු 301 පමණයි. දෙවන ඉනිමේදී තරගය ජය ගැනීමට ඔවුන්ට හිමිවූ ඉලක්කය ලකුණු 383 ක් […]
එක්සත් ජාතික පක්ෂයේ ජනපති අපේක්ෂකයා ලෙස ආමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා නම් කරන ලෙස ඉල්ලමින් සකස් කෙරුණු විශේෂ ලිපියක් අද පක්ෂ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාරදීමට සුදානමින් සිටින බව වාර්තා වෙනවා. මෙලෙස තීරණය කර ඇත්තේ සජිත් ප්‍රේමදාස මහතාට සහය දක්වන මන්ත්‍රීවරු පිරිසක්ය. මෙම ලිපිය එජාප මන්ත්‍රීවරු 71 දෙනකුගෙන් 51 දෙනෙක්ම අත්සන් තබා ඇති බව […]
ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතයේ ක්‍රීඩකයින් සාකච්ඡුාවක් සදහා අද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට කැදවා තිබෙනවා. එළඹෙන පකිස්ථානු ටෙස්ට් සංචාරය පිලිබද මෙහිදී අවධාණය යොමු කෙරෙනු ඇති. එම සංචාරයට සහභාගී නොවන බවට ක්‍රීඩකයින් කිහිපදෙනෙකු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම් දී තිබෙනවා. වසර 10 කට පසු ශ්‍රී ලංකා කණ්ඩායමක් මේ මස අගදී පකිස්ථානය බලා පිටත්ව යාමට නියමිතයි. දෙරට අතර […]
ෆැක්සායි සුළි කුණාටුව ජපානයට කඩා වැදී තිබෙනවා. සුළි කුණාටුවේ ප්‍රභලත්වය පැයට කිලෝ මීටර 130 ක් බවයි ජපාන කාලගුණ බලධාරීන් සදහන් කලේ. අවදානම් තත්වය මත දුම්රිය ගමන් වාර 100 ක් හා ගුවන් ගමන් වාර 100 ක් අවලංගු කර තිබෙනවා. කනගාවා සහ ටෝකියෝ ප්‍රාන්ත වල පුද්ගලයින් තුන් ලක්ෂ 90 000 කට දැනුම් දි ඇත්තේ ආරක්ෂිත ස්ථාන කරා […]
නයිජීරියාව ඇතුලූ රටවල් 11 ක පුරවැසියන් සදහා වීසා නිකුත් කිරීමේදී දැඩි අවධාණයක් යොමු කිරීමට ආගනමන විගමන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා. දෙපාර්තමේන්තුව් මාධ්‍ය ප්‍රකාශක ගයාන් මිලින්ද මහතා සියත ප්රවෘත්ති වෙත කියා සිටියේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් එහිදී දැඩි අවධාණයක් යොමුකර ඇති බවයි. අදාළ රටවල පුරවැසියන් පැමිණ මෙරට තුළ විවිධ නීතිවිරෝධී ක්‍රියාවල නිරතවීමේ අවධානම මෙහිදී සැලකිල්ලට ගෙන තිබෙනවා. […]